Home Sinhala මතීෂ ඇතුළු කොළඹින් කන්ද උඩරටට ප්‍රහාරයක්

මතීෂ ඇතුළු කොළඹින් කන්ද උඩරටට ප්‍රහාරයක්

ලංකා ප්‍රිමියර් ලීගය 2023

228

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය අද (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් වෙනස්කම් දෙකක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ පෙරේරා වෙනුවට ලහිරු උදාර සහ නිපුන් ධනංජය කණ්ඩායමට කැඳවා තිබුණා. එසේම මේ තරගයේ දී Strikers වෙනුවෙන් නායකත්වය ලබා දුන්නේ චාමික කරුණාරත්නයි.

B-Love Kandy වෙනස්කම් තුනක් සිදු කරමින් අශේන් බණ්ඩාර, චතුරංග ද සිල්වා සහ Mohammad Hasnain කණ්ඩායමට කැඳවමින් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර සහ Mujeeb Ur Rahman මේ තරගයේ දී විවේක ගන්වා තිබුණා.

Colombo Strikers සිය නියමිත පන්දුවාර 20 තුල ලකුණු 169ක් ලබා ගත්තා. එහි දී ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වුනු පැතුම් නිස්සංක 4 පහර 4ක් සහ 6 පහරක් සමඟ පන්දු 38ක දී ලකුණු 51ක් ලබා ගත්තා. එම ඉනිම ද සවියක් කරගෙන Powerplay පන්දුවාර 6 තුල කඩුලු 2ක් දැවී ලකුණු 47ක් ලබාගෙන සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ෙ

ලකුණු 28කට කඩුලු 2ක් බිඳ වැටී තිබුණු මොහොතේ දී නිස්සංක සහ නිපුන් ධනංජය පන්දු 46ක් තුල වේගවත් ලකුණු 69ක සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු සටහන 97 දක්වා ඔසවා තැබුවා. අනතුරුව 16 වැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වුනු වනිඳු පන්දු 2ක් තුල කඩුලු 2ක් බිඳ දමමින් Strikers මැදපෙළ අඩපණ කළ අතර අනතුරුව ඔවුන්ට නැවතත් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. 

ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු සහ ඉසුරු උදාන කඩුලු 2ක බැගින් දවා ගනිමින් Strikers පිතිකරුවන් පාලනය කළ අතර Strikers අවසන් පන්දුවාර 5 තුල කඩුලු 6 දැවී ලකුණු 42ක් ලබාගත්තා. 

ලකුණු 170ක තරගකාරී ඉලක්කයක් පසුපස ගිය B-Love Kandy කණ්ඩායම Powerplay අවස්ථාව තුල ඉතාමත් හොඳින් පාලනය කිරීමට Naseem Shah ඇතුළු Strikers පන්දු යවන්නන් සමත් වුනා. එම පන්දුවාර 6 තුල Kandy කණ්ඩායමට කඩුලු 2ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 27ක් පමණයි. 

අංක 4 පිතිකරණ ස්ථානයෙන් පිටියට අවතීර්ණ වුනු වනිඳු – Fakhar Zaman සමඟ එක්වෙමින් පන්දු 20ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැංවූවා. නුවර කණ්ඩායම දෙසට පතිත වී තිබුණු පීඩනය හරවා සිය ප්‍රතිවාදීන් වෙතට යොමු කරන්නට සමත් වුනු වනිඳු පන්දු 21ක් තුල ලකුණු 40ක් ලබා ගත්තේ 4 පහර 6ක් සහ 6 පහරක් එල්ල කරමින්. Jeffrey Vandersay වනිඳු සහ මැතිව්ස්ගේ ප්‍රබල කඩුලු 2 බිඳ දමමින් Kandy ලබා ගත් රිද්මය අඩපණ කළා. චතුරංග ද සිල්වා පන්දු 11ක දී ලකුණු 16ක් ලබා ගත්තා.

Asif Ali (ලකුණු 33) සහ අශේන් බණ්ඩාර (ලකුණු 22) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24ක් තුල ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය අවසානය දක්වා රැගෙන ආ නමුත් මතීෂ සහ Naseem සාර්ථක පන්දුවාර ක්‍රියාත්මක කරමින් Strikers ජයග්‍රහණය තහවුරු කළා. අවසානයේ දී B-Love Kandy කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 160ක් පමණයි.

Result


Colombo Strikers
169/9 (20)

B-Love Kandy
160/8 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Asif Ali b Wanindu Hasaranga 51 38 4 1 134.21
Babar Azam c Mohammad Haris b Angelo Mathews 9 8 1 0 112.50
Lahiru Udara c Mohammad Haris b Angelo Mathews 1 3 0 0 33.33
Nipun Dhananjaya c Asif Ali b Wanindu Hasaranga 40 29 1 3 137.93
Mohammad Nawaz c Wanindu Hasaranga b Nuwan Pradeep  21 19 1 1 110.53
Iftikhar Ahmed b Wanindu Hasaranga 0 1 0 0 0.00
Chamika Karunaratne c Ashen Bandara b Isuru Udana 17 9 2 1 188.89
Nuwanidu Fernando b Isuru Udana 15 9 2 1 166.67
Naseem Shah run out (Isuru Udana) 6 4 1 0 150.00
Jeffrey Vandersay  not out 0 0 0 0 0.00


Extras 9 (b 5 , lb 1 , nb 0, w 3, pen 0)
Total 169/9 (20 Overs, RR: 8.45)
Bowling O M R W Econ
Angelo Mathews 3 0 23 2 7.67
Isuru Udana 4 0 40 2 10.00
Mohammad Hasnain 3 0 23 0 7.67
Chaturanga de Silva 2 0 19 1 9.50
Wanindu Hasaranga 4 0 21 2 5.25
Nuwan Pradeep  4 0 37 1 9.25


Batsmen R B 4s 6s SR
Mohammad Haris c Ramesh Mendis b Naseem Shah 1 4 0 0 25.00
Fakhar Zaman run out (Matheesha Pathirana) 11 14 0 0 78.57
Sahan Arachchige c & b Iftikhar Ahmed 13 21 2 0 61.90
Wanindu Hasaranga c Babar Azam b Jeffrey Vandersay  40 20 6 1 200.00
Angelo Mathews c Iftikhar Ahmed b Jeffrey Vandersay  11 10 1 0 110.00
Chaturanga de Silva c Babar Azam b Chamika Karunaratne 16 11 0 2 145.45
Asif Ali b Matheesha Pathirana 33 15 2 3 220.00
Ashen Bandara b Matheesha Pathirana 22 18 3 0 122.22
Isuru Udana not out 5 5 0 0 100.00
Mohammad Hasnain not out 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 160/8 (20 Overs, RR: 8)
Bowling O M R W Econ
Naseem Shah 4 0 28 1 7.00
Iftikhar Ahmed 4 0 25 1 6.25
Matheesha Pathirana 4 0 32 2 8.00
Chamika Karunaratne 3 0 25 1 8.33
Jeffrey Vandersay  4 0 39 2 9.75
Mohammad Nawaz 1 0 10 0 10.00



LPL තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී Play-off වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ තවමත් Dambulla Aura සහ B-Love Kandy කණ්ඩායම් දෙක පමණයි.

ඒ අනුව Strikers සහ Titans අතර අනිද්දා (15) දිනයේ දී පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායම ඉදිරි Jaffna සමඟ වටය සඳහා සුදුසකම් ලබා ගැනීමට නියමිත අතර යම් හෙයකින් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුවහොත් Jaffna කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යාමට සිදුවෙනවා. 

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<