විද්‍යා රග්බි නැවත නැංවීමට ඇමති හරීන්ගෙන් තල්ලුවක්

936

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය අතරතුර සිදු කෙරුණු ක්‍රීඩක නිල ඇඳුම් වෙන්දේසියේ ආදායම විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත භාර දීම පසුගිය දා සිදු කෙරුණි. ඒ එළඹෙන පාසල් රග්බි තරග වාරය ඉලක්ක කර ගනිමිනුයි.

ඩික්සන්ට මාස කිහිපයක විවේකයක්

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පසුගිය දා පැවති හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC ක්‍රීඩා…

පසුගිය වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීම ද අරමුණක් බවට පත් කරගෙන තිබේ. 2016, පළමු තරගාවලිය තුළ දී නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ අත්සනින් යුතු ක්‍රීඩක නිල ඇඳුමක් වෙන්දේසි කෙරුණේ, කොළඹ ඉසිපතන විද්‍යාලය සඳහා රග්බි ක්‍රීඩාංගණයක් ගොඩ නැගීමේ අරමුදල් රැස් කිරීම සඳහායි.

මෙවර තරගාවලිය තුල දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ රග්බි ප්‍රවර්ධනය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් වෙන්දේසි කෙරුණේ 2016 සුපර් රග්බි තරගාවලිය ජය ගත් හරිකේන්ස් කණ්ඩායම විසින් අත්සන් තබන ලද ක්‍රීඩක නිල ඇඳුමකි.

2017 ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ සමාරම්භක අවස්ථාවේ ThePapare.com වෙත අදහස් පල කරමින් මෙම ක්‍රියාදාමය පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසින්.

“පසුගිය වසරේ අපි ක්‍රීඩක නිල ඇඳුම වෙන්දේසි කළ මුදල් ඉසිපතන විද්‍යාලයට ලබා දුන්නා. මේ වසරේත් ඉන්ති මරික්කාර් මහතාගේ දැන ඇඳුනුම්කම් මත අපිට හැකි වුනා සුපර් රග්බි ශූරයන්ගේ ක්‍රීඩක නිල ඇඳුමක් සමරු අත්සන් සහිතව ලබා ගන්නට. මෙවරත් අපි බලාපොරොත්තු වෙනවා එය වෙන්දේසි කරලා මේ පාසලට ලබා දෙන්න. මෙම තරගාවලිය රග්බි ක්‍රීඩා කිරීම සඳහා පමණක් නොවේ, පාසල් රග්බි ප්‍රවර්ධනය සඳහාත් විශාල කාර්යයක් කරනවා.”

ගරු හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය අවසන් වුනේ රුපියල් මිලියනයක මුදලකට වෙන්දේසි වූ හැරිකෙන් ක්‍රීඩක නිල ඇඳුමෙන් ලද ලාභය පසුගිය දා පැවති උත්සවයක දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය විදුහල්පති තුමන් සහ රග්බි සංවර්ධන කමිටු සාමාජිකයන් වෙත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ම භාර දීමෙන් අනතුරුවයි.

මේ  අවස්ථාවට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක මහතා ද එක්ව සිටින ලදි.

මෙම මූල්‍යමය පරිත්‍යාගයට අමතරව ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් විද්‍යා විද්‍යාල රග්බි ක්‍රීඩකයන් වෙත ක්‍රීඩා පාවහන් පිරිනැමීමක් ද සිදු විය.

2011 වසරේ දී ශ්‍රී ලංකා පාසල් රග්බි ක්ෂේත්‍රයේ ඉහළම තලයේ අවධානයට පාත්‍ර වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පසුගිය වසර වන තුරුම අන්තර පාසල් ලීග් රග්බි පළමු කාණ්ඩයේ තරග කරන්නට සමත් විය. ඔවුන් 2015 වසර තම රග්බි ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කර ගත්තේ ලසිඳු ඉශාන්ගේ නායකත්වය යටතේ ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් එම වසරේ මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගනිමිනුයි.  

ගුවන් මෙහෙයුම අසාර්ථකයි; මහනුවර තවමත් අපරාජිතයි

2017/18 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ මහනුවර නිත්තවෙල..

වසර 7ක් පළමු පෙළ ක්‍රීඩා කරමින් සිටි විද්‍යා ක්‍රීඩකයන්ට පසු ගිය වසරේ දී අවාසනාවන්ත ලෙස පාසල් ලීග් තරගාවලියේ ‘බී කාණ්ඩය දක්වා පසු බසින්නට සිදු විය. කෙසේ වෙතත් මෙම මූල්‍ය පරිත්‍යාගය ඔවුන්ට තම සුපුරුදු ක්‍රීඩා රටාවටත්, නැවත ඉහළම තලයේ පාසල් රග්බි තරු අතරටත් නැවත අවතීර්ණ වීමට උපකාරයක් වනු නොඅනුමානයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<