වසර 4කට පෙර කැන්ගරුවෝ කළ දේ මෙදා දකුණු අප්‍රිකානුවන් කරති

172

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය නිමා කරමින් අද (17) කරාරා පිටියේ පැවති පළමු හා එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 21කින් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින හා විස්සයි විස්ස යන තරගාවලි දෙකේම ශූරතාවය සත්කාරක කැන්ගරුවන්ගෙන් උදුරා ගත්තේ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ගේ සිත් සසල කරමිනි.

සාන්ත පීතර, නාලන්දා හා සාන්ත තෝමසුවන්ට දැවැන්ත ජයග්‍රහණ

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග රැසක් අද (17) අවසන්…

මේ තීරණාත්මක තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් පැමිණ සිටි නමුත් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනය ඉඩ ලබා දුන්නේ නැත. කෙසේ නමුත් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇදහැළුණු වර්ෂාව අවසන් වීමට පසුව තරග සංවිධායකයින් එක් ඉනිමක් පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කිරීමට තීරණය කරන ලදි.

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායක ඒරන් ෆින්ච් පළමුව පන්දුවට පහර දීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය. එහි දී ක්වින්ටන් ඩි කොක් හා රීසා හෙන්රිකස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැඟුවේ පන්දු 17ක් පමණක් වැය කරමිනි. 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ පන්දු 8ක දී ලකුණු 19ක් ලබා ගත් හෙන්රිකස් දැවී යනවාත් සමඟම පළමු පන්දුවාර කිහිපය තුල ඔවුන් ලබා ගත් රිද්මය කැඩී යන්නට විය. ඩි කොක් ලකුණු 22යි.

ඉන්පසුව නායක ෆෆ් ඩියු ප්ලේසී හා පිටියේ එක්වූ හෙන්රිච් ක්ලාසෙන් හා ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකානු මැදපෙළට ඉතාමත් වේගවත්ව ලකුණු එකතු කරන්නට විය. මිලර් පන්දු 15ක් තුල 4 පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 27ක් ලබා ගන්නට සමත් වූයේ සිය ලකුණු ලබා ගැනීමේ වේගය 180ක් වැනි අගයක රඳවා ගෙනයි.

අවසානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 108ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ඇන්ඩෘ ටයි හා නේතන් කවුල්ටර් නයිල් අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

බවන්ත උඩංගමුවගෙන් දැවැන්ත ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ත්‍රිත්වයක් අද (17) ආරම්භ වූ අතර…

ලකුණු 109ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු දකුණත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නායක ෆින්ච් හා ක්‍රිස් ලින් පන්දුවාර එකකුත් පන්දු 5ක් තුල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් වූයේ කිසිවෙක් නොදැවී ලකුණු 21ක් ලබා ගනිමිනි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු ප්‍රබල පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය නිසියාකාරව පාලනය කර ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 37ක් තුල දැවී ගියේය. එසේ වුවත් තරගය ලෙහෙසියෙන් අත් නොහළ දකුණතින් පිතිකරණයේ නිරත වන තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 23ක් තුල ලකුණු 38ක් රැස්කරගන්නට සමත් වූයේ ඕස්ට්‍රේලියානු ඉනිමේ පන්දු 23ක් පමණක් වැය කරමිනි. අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණි.

මොකද්ද මේ භෞත චිකිත්සාව? ක්‍රීඩකයෙකුට එය අත්‍යාවශ්‍ය නොවේ?

භෞත චිකිත්සාව යන නම ඇසූ පමණින් අප බොහෝ දෙනෙකු පුදුම නොවන්නේ මෙම ක්‍රමය හරහා බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබා තිබෙන නිසාවෙනි.

පන්දු යැවීමේ දී ක්‍රිස් මොරිස්, ලුන්ගි නිගිඩි හා ඇන්ඩිලේ පෙලුක්වයෝ  කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූ නමුත් තරගයේ තීරණාත්මක පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් එක් කඩුල්ලක් දවා ගත් තබ්‍රයිස් ශම්සි තරගයේ වීරයා ලෙස අභිසෙස් ලැබීය.

මීට පෙර 2013/14 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් සමඟ විස්සයි විස්ස තරග 3කට සහභාගී වූ අතර එහි දී සත්කාරක දකුණු අප්‍රිකානුවන් පරදා 2-1ක් ලෙස තරගාවලියේ ශූරතාවය ඕස්ට්‍රේලියාව දිනා ගත්තේ දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ව දැඩි කනස්සල්ලට පත් කරමිනි. නමුත් දකුණු අප්‍රිකානුවන් එදා ඕස්ට්‍රේලියාවට ගොස් ඔවුන්ට එරෙහිව ශූරතාවය දිනාගෙන ලද පරාජයේ කළු පැල්ලම මකා ගත්තේය.

  • තරගයේ  වීරයා – තබ්‍රයිස් ශම්සි (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකාව – 108/6 (10): ෆෆ් ඩියු ප්ලේසී 27, ක්වින්ටන් ඩි කොක් 22, ඇන්ඩෘ ටයි 2/18, නේතන් කවුල්ටර් නයිල් 2/19.

ඕස්ට්‍රේලියාව – 87/7 (10): ග්ලෙන් මැක්ස්වෙල් 38, ක්‍රිස් මොරිස් 2/12, ලුන්ගි නිගිඩි 2/16, ඇන්ඩිලේ පෙලුක්වයෝ 2/21.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<