බවන්ත උඩංගමුවගෙන් දැවැන්ත ඉනිමක්

288

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ත්‍රිත්වයක් අද (17) ආරම්භ වූ අතර එම තරග අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වීමට ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කරන බවන්ත උඩංගමුව සමත් විය.

ඔහුට අමතරව කොළඹ බී. ආර්. සී. කණ්ඩායමේ රමින්ද විජේසූරිය ලකුණු 98ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. පන්දු යැවීමේ කොළඹ එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන ආකාශ් සේනාරත්න කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

රවිඳු සහ රොස්කෝ ජෝන් කීල්ස් අවසන් සටනට රැගෙන යයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන Fair & Lovely Mens ක්‍රිකට් තරගාවලියේ…

ගාල්ල ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

වැලිසර ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 320ක් ලබා ගත්හ.

මෙම ඉනිමේ දී දකුණත් පිතිකරු බවන්ත උඩංගමුව ලකුණු 184ක් ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක්විය. පන්දු 226කට මුහුණ දුන් ඔහු හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කළේය. ඔහුට අමතරව අවිඳු ප්‍රනාන්දු ද ලකුණු 56ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 144කි.

කඩුලු ලබා ගැනීමේ දී ඉම්රාන් ඛාන් සහ මධුශාන් රවිචන්ද්‍රකුමාර් කඩුලු 3 බැගින් බෙදා ගත් අතර අසන්ත සිංගප්පුලි කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

තරගය පළමු දිනයට නතර කරන විට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටිය හ.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (74.2) බවන්ත උඩංගමුව 184,රජීව වීරසිංහ 26, අවිඳු ප්‍රනාන්දු 56, ඉම්රාන් ඛාන් 3/46, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 3/74, අසන්ත සිංගප්පුලි 4/69

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 22 (13) ගයාන් සිරිසෝම 2/13

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් දෙලොවක් අතර

ජයග්‍රහණය සඳහා ලකුණු 301ක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ…


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලබා සිටිය හ.

කෝල්ට්ස් ඉනිමේ දී නිශාන් මධුශ්ක පන්දු 147ක දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 88ක් ලබා ගත් අතර සහ ජෙහාන් ඩැනියෙල් ද අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුණි. එමෙන්ම හෂාන් දුමිඳු ද ලකුණු40ක් ලබා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (67) නිශාන් මධුශ්ක 88, හෂාන් දුමිඳු 40, සධීර සමරවික්‍රම 26, ජෙහාන් ඩැනියෙල් 51, චානුක ඩිල්ශාන් 4/89, තරිඳු කෞෂාල් 3/51

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 88 (21) පබසර වඩුගේ 23, රමේෂ් මෙන්ඩිස් 26, නිසල තාරක 2/37

අතපත්තුගේ හුදකලා සටන ඵල රහිත වේ

ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (17) සාන්ත…


මීගමුව ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මීගමු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු192ක් පමණි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 73ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසු විය.

මෙම තරගයේ දී එස්. එස්. සී. කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ආකාශ් සේනාරත්න ලකුණු 87කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (52.3) සනිත ද මෙල් 38, ශිහාන් ඩිලාශ්‍රී 30, සචින් දල්පදාදු 21, ලසිත්කෘෘස්පුල්ලේ 27, අකාශ් සේනාරත්න 7/87

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 173 (35) ආකාශ් සේනාරත්න 26,  චතුපම ගුණසිංහ නොදැවී 65, සම්මු අශාන් 35, සඳකැන් පතිරණ 2/38


බී. ආර්. සී. සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 357ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් රමින්ද විජේසූරිය පන්දු 92ක දී හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 98ක් ලබා ගැනීමට සමත් විය. සවින් ගුණසේකර ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 357 (87) සවීන් ගුණසේකර 70, රමින්ද විජේසූරිය 98, හෂේන් රාමනායක 48, ලසිත් ලක්ෂාන් 41, විකුම් සංජය 23, ඉසුරු දනංජය 2/21, තිලංග උදේශන 2/86, බිනුර ප්‍රනාන්දු 3/56, රමිත් රඹුක්වැල්ල 2/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<