වෝනර් සහ ෆින්ච් ඉන්දීය ක්‍රීඩකයෝ සලිත කරවයි

109

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් විසින් ඉන්දීය එක්දින ක්‍රිකට් පිටිය සලිත කරවමින් කළ වික්‍රමයන් හේතුවෙන් ඉන්දීය – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගයේ දී කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (14) සමත් විය. 

ලෙවිස්ගේ ශතකයෙන් කොදෙව් පිළට පූර්ණ තරගාවලි ජයක්!

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තෙවැනි එක්දින තරගයත් කඩුලු 5කින් ජය ගනිමින් පූර්ණ…

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මුම්බායි හී වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ ඉන්දියාව සියලුම දෙනා දැවී ලකුණු 255ක් සහ සංචාරක ඕස්ට්‍රේලියාව කිසිවෙක් නොදැවී ලකුණු 258ක් ලෙසිනි. 

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ පළමු පන්දුවාර කිහිපයේ දී පිතිකරණයේ යෙදුණේ තරමක අපහසුවෙනි. මේ නිසාම ඔවුන්ගේ පළමු කඩුල්ල 5 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී දවා ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. නමුත් අනතුරුව දෙවැනි කඩුල්ලේ දී ලකුණු 121ක සබඳතාවක් ගොඩ නැගීමට ෂිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් සමත් වූහ. 

ලෝකේෂ් රාහුල් මෙම තරගයේ දී තම එක්දින තරග පිටියේ 28 වැනි අර්ධ ශතකය රැස් කරමින් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේය. 

ඉන් අනතුරුව නැවත වතාවක් ඉන්දීය ඉනිමේ කඩා වැටීමක් දක්නට ලැබුණ අතර ඔවුන් වරෙක කඩුලු 5ක් දැවී ලකුණු 164 රැඳී සිටියහ. එම අවස්ථාවේ පිටියේ ක්‍රියාත්මක වූ රිෂාබ් පන්ට් (28) සහ රවින්ද්‍ර ජඩේජා (25) එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් කළහ.  ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව ඉන්දීය සෙසු පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 3කට ලකුණු 38ක් පමණි. 

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ මිචෙල් ස්ටාරක් ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී පැට් කමින්ස් සහ කෙන් රිචඩ්සන් කඩුලු 2 බැගින් දවා ගත්හ. 

පාකිස්තානය හමුවේ සිංහ පැටව් පසුබසියි!

ශ්‍රී ලංකා යොවුන් පිළ මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන 19න් පහළ ලෝක කුසලාන…

හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් ඉන්දීය පන්දු යවන්නෝ පයිසෙකට මායිම් නොකරමින් තම ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තවත් පන්දු 74ක් ඉතිරිව තිබිය දී ය. ඕස්ට්‍රේලියා ඉනිමේ ආරම්භක ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ඩේවිඩ් වෝනර්ටය. ඔහු තමන් මුහුණ දුන් 88 වැනි පන්දුවේ දී තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 18 වැනි ශතකය වාර්තා කළේය. ඔහුගේ වාර්තාගත ඉනිම පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවුණ ලකුණු 128කි. 

ෆින්ච් තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 16 වැනි ශතකය වාර්තා කළේ 108 වැනි පන්දුවේ දී ය. තරගයට නිමා වන විට ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවුණු ලකුණු 110ක් ලබා ගත්තේය. 

ඔවුන් දෙදෙනා එක්ව මෙම තරගයේ දී හතරේ පහර 30ක් සහ හයේ පහර 5ක් එල්ල කිරීමට සමත් වීම ද කැපී පෙණුනි. 

වෝනර් අද රැස් කරන ලද ලකුණුත් සමගින් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ලකුණු 5000 සමාජයට ඉක්මනින් ඇතුලත් වීමට සමත් වූවන්ගේ ගොන්නට වැටුණි. ඔහු මේ වෙනුවෙන් ඉනිම් 115ක් වැය කළේය. එම ලැයිස්තුවේ පළමු තැන හෂීම් අම්ලා රැඳී සිටින්නේ ඉනිම් 111ක් පුරා පෑ දක්ෂතා හේතුවෙනි. දෙවැනි තැන්වල විවියන් රිචඩ්ස් සහ විරාත් කෝලි රැඳී සිටින්නේ ඉනිම් 114ක් ක්‍රීඩා කරමිනි. එහි සිව්වැනි තැන වෝනර්ට හිමි විය. තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට වෝනර් සමත් විය. 

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සද්දන්ත නියමුවා ‘ෆ්ලෙම්’

ඔහු ගැන කතා කරන්නට පෙර ඇය ගැන කතා කළ යුතුමය. නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ…

වෝනර් සහ ෆින්ච් දෙදෙනා එක්ව ගොඩ නැගූ ලකුණු 258 ඉන්දියාවට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කළ හොඳම ලකුණු සංඛ්‍යාව ද වේ. ඊට මෙම වාර්තාවට හිමිකම් පෑවේ 2016 වසරේ ජෝර්ජ් බේලි සහ ස්ටීව් ස්මිත් විසින් පර්ත් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ලකුණු 242යි. 

මෙම ජයග්‍රහණයත් සමඟින් ඕස්ට්‍රේලියාව ඉන්දියාවට එරෙහිව කඩුලු 10කින් ජය ගත් පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක් කෙරුණි. ඉන්දියාව මීට පෙර ආසන්නතම එක්දින තරගයකින් කඩුලු 10කින් පරාජය වී තිබුණේ දකුණු අප්‍රිකාව ඉදිරියේය. ඒ 2005 තරම් ඈත අවධියේය. ඔවුන් ඊටත් පෙර එනම් 1981 දී නවසීලන්තයටත්, 1997දී බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේත් මේ ප්‍රතිඵලය ලබා ඇත. ඕස්ට්‍රේලියාව මීට පෙර මෙම දක්ෂතාව 2007 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව පෙන්වා ඇත. 

ඕස්ට්‍රේලියාව විසින් රැස් කරන ලද ලකුණු 258 හඹා ගොස් ජයග්‍රහණය කළ ඉනිම් අතර දෙවැනි තැන දිනා ගැනීමට සමත් විය. මෙම වාර්තාවේ ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාව 2017 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලබා ගත් ලකුණු 279යි.

ඉන්දියාව; සියලුම දෙනා දැවී 255 (49.1) ෂිකර් ධවාන් 74, ලෝකේෂ් රාහුල් 47, රිශාබ් පන්ට් 28, රවින්ද්‍ර ජඩේජා 25, මිචෙල් ස්ටාර්ක් 3/56, පැට් කමින්ස් 2/44, කෙන් රිචර්ඩ්සන් 2/43

ඕස්ට්‍රේලියාව; කිසිවෙක් නොදැවී 258 (37.4) ඩේවිඩ් වෝනර් නොදැවී 128, ආරොන් ෆින්ච් නොදැවී 110  

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 17 වැනිදා රාජ්කොට් හි දී පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<