සිංහයින්ට එරෙහිව කැන්ගරුවන්ගෙන් ප්‍රබල සංචිතයක්

59
Australian-cricket-team

ශ්‍රී ලංකාව හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි දෙක සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා බෙන් මැක්ඩර්මට්ව නම් කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය දා නිවේදනය කළේය. 

ඒ අනුව ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනාත් යළි කණ්ඩායමට පැමිණ තිබෙන අතර මාකස් ස්ටොයිනිස් මෙම තරගාවලිය සඳහා සහභාගී නොවේ.

සිංහයින්ගේ සුපිරි ජයග්‍රහණයෙන් බුකිය කැලඹේ!

පාකිස්තානය සමඟින් පැවති දෙවන විස්සයි විස්ස තරගය …….

2019 ලෝක කුසලාන තරගාවලිය තුළ දී ද ස්ටොයිනිස් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණක් වන අතර ඔහු යම් ආබාධ තත්වයකින් ද පසුවිය. ස්මිත් අවසන් වරට පන්දුවාර විස්ස ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2016 වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයේ මොහාලි හීදී ඉන්දියාව සමඟ ක්‍රීඩා කළ කාණ්ඩ වටයේ තරගයකි. 

“විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනාගේ පිවිසීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. ස්ටීව් කියන්නේ සෑම තරග රටාවකම ලොව නම දිනා ගත් පිතිකරුවෙක්, වෝනර් කියන්නේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර විස්ස ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණු ලබාගත්ත පිතිකරුවායි. ඒ වගේම මේ වසරේ පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාත් ඔහුයි” යැයි ජාතික තේරීම් කමිටු සාමාජික ට්‍රෙවර් හෝන් මහතා පැවසීය. 

“එක් එක් භූමිකාව සඳහා සුවිශේෂී ක්‍රීඩකයන් අපි මෙම සංචිතයට නම් කරලා තිබෙනවා. ඕනෑම තරග තත්ත්වයකට අනුගත වීම සඳහා ඒ මගින් ලොකු ශක්තියක් ලබාදෙනවා කියලා අපි විශ්වාස කරනවා.“ යනුවෙන් ද ඔහු පැවසීය. 

ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දීමට තවත් වසරකට ආසන්න කාලයක් ඉතිරි වෙලා තිබෙනවා. අපි මෙම සංචිතය නම් කළේ ඒක හිතේ තියාගෙනයි. ඒ සඳහා එක් සංචිතයක් එකදිගට ක්‍රීඩා කරවන්න අපි බලනවා. ඒ මගින් එම තරගාවලියට දක්වා යන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා.

බිලී ස්ටැන්ලේක් යනු මෙම සංචිතයේ සිටින සුවිශේෂීම සාධකය බව ද හෝන් කියා සිටියේ ය.

අපගේ වේගපන්දු බලඇණිය සතු සුවිශේෂි හැකියාව සහ එහි සමබරතාවය ගැන අපි ගොඩක් විශ්වාසය තබලයි තියෙන්නේ. වමත් පන්දු යවන්නාගේ කාර්යභාරය සිදු කිරීමට අපිට මිචෙල් ස්ටාර්ක් සිටිනවා. ඉනිම ආරම්භයේ සහ අවසානයේ හොඳින්ම පන්දු යවන අයෙක් ලෙස ඔහු ලොව නමක් දිනා ගත්ත වේගපන්දු යවන්නෙක්. පැට් කම්න්ස් කියන්නේ මෑත භාගයේ හොඳින්ම දස්කම් අතර සිටි ලොව නම දිනා ගත් දකුණත් වේගපන්දු යවන්නෙක්. ඇන්ඩෲ ටයි කියන්නේ කඩුලු ලබාගත හැකි විශේෂිත අයෙක්. බිලී ස්ටැන්ලේක් කියන්නේ සුවිශේෂීම සාධකය. කේන් රිචඩ්සන් කියන්නේ ටික කාලයක සිට හොඳින් දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්.” ලෙස ද ඔහු පැවසීය. 

යළි ක්‍රියාත්මක වූ පැතුම්ගේ පිත්තෙන් දැවැන්ත ප්‍රහාරයක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් ……..

“පිතිකරුවන් ගැන කියනවා නම් අපි මුල්පෙළ සහ මැද පෙළ සඳහා විශේෂඥ පිතිකරුවන්ව තෝරලයි තිබෙන්නේ. ෆින්ච්, වොනර් සහ ස්මිත්ගෙන් පසුව බෙන් මැක්ඩමට්, ඈෂ්ටන් ටර්නර් සහ කෙරී යන පිතිකරුවන් අපට හොඳ විකල්පයන් සලසලයි තිබෙන්නේ.” 

“දඟපන්දු යවන්නන් ගැන කියනවා නම් තුන් ඉරියව් ක්‍රීඩක ඈෂ්ටන් අගර්ගේ දායකත්වය අනිවාර්යයයෙන්  අපිට මේ අවස්ථාවේ අවශ්‍යයි කියලා දැනෙනවා. ඇඩම් සම්පා යනු සෑම තරග තත්ත්වයක් යටතේම හොඳින් පන්දු යවන විස්සයි විස්ස දඟපන්දු යවන්නෙක් කියලා ඔප්පු කරලයි තිබෙන්නේ” යැයි ද ඔහු පැවසීය. 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතරින් ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන පළමු කණ්ඩායම ශ්‍රී ලංකාව වන අතර ඔවුන් සහභාගී වන තරග තුන ඔක්තෝබර් 27, 30 සහ නොවැම්බර් 01 වන දිනයන්හීදී පිළිවෙළින් ඇඩිලේඩ්, බ්‍රිස්බේන් සහ මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතව ඇත. 

ඔවුන්ගේ පාකිස්තානය සංචාරය නොවැම්බර් 03 වැනිදා පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සමඟ ආරම්භ කරන අතර ඉතිරි තරග දෙක නොවැම්බර් 5 සහ 8 දෙදින පිළිවෙළින් කැන්බරා සහ පර්ත් හිදී පැවැත්වීමට නියමිතය. 

ඊට අමතරව ඔවුන් ටෙස්ට් තරග දෙකක් සඳහා ද සහභාගී වීමට නියමිත අතර නොවැම්බර් 21 සිට ආරම්භ වෙන්නේ බ්‍රිස්බේන් සහ ඇඩිලේඩි කේන්ද්‍රකර ගනිමිනි. 

සංචිතය: ඒරන් ෆින්ච් (නායක), ඈෂ්ටන් අගර්, ඇලෙක්ස් කෙරී, පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩර්මට්, කේන් රිචරඩ්සන්, ස්ටීව් ස්මිත්, බිලී ස්ටැන්ලේක්, මිචෙල් ස්ටාර්ක්, ඈෂ්ටන් ටර්නර්, ඇන්ඩෲ ටයි, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<