All Blacks ක්‍රීඩකයෙකු තවත් වසර 3කට ගිවිසුම් අත්සන් කරයි

153

නවසීලන්තයෙන් බිහි වූ නැගී එන දක්ෂ Fly-Half ක්‍රීඩකයෙක් වන Richie Mo’unga තවත් වසර 3ක් සඳහා නවසීලන්ත All Blacks කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එම කණ්ඩායම සමඟින් ගිවිසුමක් අත්සන් කර තිබේ. පසුගිය සිකුරාදා අත්සන් කළ මෙම ගිවිසුම ප්‍රධාන වශයෙන් එළඹෙන රග්බි ලෝක කුසලානය අරමුණු කරගෙන ඇතැයි පැවසේ.

1991 ලෝක කුසලාන රග්බි තරගාවලිය

1987 වසරේදී පැවති පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව …..

අවුරුදු 24ක් වන මෙම තරුණ ක්‍රීඩක Richir Mo’unga කැන්ටබරි Crusaders කණ්ඩායම වෙනුවෙන් අවසන් අවස්ථා දෙකේ දී ම සුපිරි රග්බි කිරුළ (Super Rugby) ජයග්‍රහණය කිරීමට විශාල මෙහෙයක් කළ බව නොරහසක්. නවසීලන්තයෙන් බිහි වූ සුපිරි ක්‍රීඩක Beauden Barett සමඟින් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට එක්වීම Richieගේ බලාපොරොත්තුවයි. ඔවුන් දෙදෙනා නවසීලන්ත All Blacks කණ්ඩායමේ ප්‍රදාන තුරුම්පු වනු ඇති.

පසුගිය සති කීපයේ දී තවත් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් නවසීලන්ත රග්බි කණ්ඩායම සමඟින් ගිවිසුම්වලට එළඹුණ අතර ඒ අතරින් Aaron Smith හා Ngani Laumape ප්‍රධාන තැනක් ගත් අතර සුපිරි ක්‍රීඩක Beauden Barett තවමත් ගිවිසුමකට එළඹ නැතත් නුදුරේ දී ම ඔහු කණ්ඩායමට එක්වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

තමන්ට තවමත් නවසීලන්තය වෙනුවෙන් අවසන් කිරීමට වැඩ ඇතැයි නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 9කට සහභාගි වී ඇති Richie Mo’unga පවසා ඇත.

“මම වාසනාවන්තයි කැන්‍ටබරි Crusaders කණ්ඩායම එක්ක මට ගොඩක් අවස්ථාවන් ලැබුණා. නවසීලන්ත All Blacks කණ්ඩායම එක්කත් මට ගොඩක් වටිනා අවස්ථාවන් හිමි වුනා. මට දැනෙනවා මට නවසීලන්ත රග්බි තුල තව ගොඩක් ලබා ගැනීමට තියෙනවා කියලා. ඒක මට ගොඩක් ලොකු පෙලඹවීමක් උනා කණ්ඩායමට නැවත එක්වෙන්න” ඔහු තවදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකා රග්බිවලට තල්ලුවක් දෙන්න ඕස්ට්‍රේලියාවේ ප්‍රබලයෙක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රග්බි තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජාතික රග්බි …….

“මම ගොඩක් උත්සාහ කරනවා මේ විදිහට දිගටම දක්ෂතා අතර ඉන්න. ඒක තමයි ප්‍රධානම හේතුව මම කණ්ඩායමට එක්වීමට”

Richie Mo’ungaගේ මෙම තීරණයට සතුටුදායක ප්‍රතිචාරයක් නවසීලන්ත All Blacks කණ්ඩායමේ පුහුණුකරු Steve Hansen විසින් ලබා දී තිබේ. ඔහුව සාධරයෙන් කණ්ඩායමට පිළිගන්නා බවටත් Steve පවසා තිබේ. කණ්ඩායමේ සිටි Damian McKenzie ආබාධයට ලක්වීම නිසා ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් වීමත් සමඟම නවසීලන්ත කණ්ඩායමට දක්ෂ Fly-Half ක්‍රීඩකයෙකුගේ අඩුපාඩුවක් පැවති අතර Richie Mo’unga එයට කදිම විසඳුමක් වනු ඇත.

“ඔහු කණ්ඩායම සමඟ ඉන්න එක ගොඩක් වටිනවා. ඔහු දවසින් දවස දියුණු වෙන ක්‍රීඩකයෙක්” Hansen පවසා සිටියා.

“Richie පසුගිය වසරේ හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඒක ඔහුගේ පළමු All Blacks තරග වාරයයි. ඔහු මේ වසරේ ඊට වඩා ලොකු මට්ටමකට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔහුට කොතරම් දුර යන්න පුළුවන් ද කියලා බලමු” තවදුරටත් අදහස් දැක්වූ නවසීලන්ත රග්බි පුහුණුකරු Steve Hansen පවසා සිටියා.

9 වැනි වතාවට පැවැත්වෙන ලෝක රග්බි කුසලාන වසන්තය මෙම වසරේ සැප්තැම්බර් 20 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ජපානයේ පැවැත්වීමට නියමිතයි.  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<