රුසියාවට තහනම්

532
The Times

2024 යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන කුසපත් ඇදීමට UEFA (Union of European Football Associations) සූදානම් වෙමින් සිටිනවා. එහෙත් රුසියාවට තරගාවලිය තහනම් කළ බව ඔවුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

පසුගිය මාස කිහිපයේ දී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඊට හේතුවයි. එළඹෙන ඔක්තෝබර් මාසයේ දී යුරෝ තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටය සඳහා කණ්ඩායම් තෝරාගන්නේ කුසපත් ඇදීමකින් වුවත්, රුසියාවට එය තහනම් වනවා. ඔක්තෝබර් 09 වැනිදා ජර්මනියේ දී කුසපත් ඇදීම පැවැත්වෙනවා.

UEFA විධායක කමිටුව විසින් මුලින්ම රුසියාවට තහනමක් යෙදීමට තීරණය කළේ පසුගිය පෙබරවාරි මාසයේ දීයි. අදාළ තහනම පිළිබඳ ප්‍රථමයෙන් වාර්තා වීමෙන් පසුව රුසියාව විසින් ඊට එරෙහිව ජුලි මාසයේ දී ක්‍රීඩා සඳහා වන අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළත් එය නිශ්ප්‍රභ කෙරුණා.

එළඹෙන නොවැම්බරයේ දී කටාර් හිදී ඇරඹීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයත් රුසියාවට තහනම් වුනා.

ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ද රුසියානු ක්‍රීඩා සමාජ ඉවත් කරනු ලැබුවා. 2022 ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර දී වුවත් එය ප්‍රංශයේ පැරීසියට ගෙන ගියා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<