Home Sinhala යළි ක්‍රියාත්මක වූ පැතුම්ගේ පිත්තෙන් දැවැන්ත ප්‍රහාරයක්

යළි ක්‍රියාත්මක වූ පැතුම්ගේ පිත්තෙන් දැවැන්ත ප්‍රහාරයක්

104

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන නිල නොවන ටෙස්ට් තරගය අද (07) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

අවසන් දිනයට අද තරගය නතර කරන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 357ක් ලබා සිටියේ තරගයේ වැඩි ගෞරව තමන් සතුකර ගනිමිනි. 

ශිරාස්ගෙන් කඩුලු පහෙන් ශ්‍රී ලංකාවේ ජාමය බේරෙයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර….

ඊයේ දිනයට තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව පන්දුවාර 38ක දී කඩුලු කිසිවකු නොදැවී ලකුණු 126ක් ලබා සිටියේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තරගයේ ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමිනි.  ඒ වන විට නොදැවී පිටියේ පන්දුවට පහර දෙමින් සිටි පැතුම් නිස්සංක ලකුණු 75ක් සහ සංගීත් කුරේ ලකුණු 50ක් ලබා සිටියේය. 

අද දිනය ආරම්භයේ පටන්ම තම සුපුරුදු පිතිකරණයට අනුගත වූ ඔවුන් දෙදෙනා කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබුවේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට දිගට හරහට බැටදෙමිනි.  පිටිය සිසාරා දැවැන්ත පිති ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 219ක දැවැන්ත සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූයේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමිනි.

මෙහි දී පැතුම් නිස්සංක ඉතා ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලෙමින් තම ශතකය වාර්තා කළ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් සංගීත් ඉතා සංයමයෙන් තම ඉනිම ගොඩනැගුවේ පළමු කඩුල්ලේ සබඳතාවය සඳහා ලකුණු 89කින් දායක වෙමිනි.  අද දිනයේ පළමු කඩුල්ල වශයෙන් සංගීත් දැවී ගියේ රිෂාඩ් හොසේන්ගේ පන්දුවකට නුරුල් හසන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

අනතුරුව නො.3 පිතිකරු ලෙස පිටියට එක්වූයේ කමිඳු මෙන්ඩිස් ය. අනෙක් අන්තයේ ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි පැතුම් හා එක් වූ කමිඳු දෙවන කඩුල්ල සඳහා ලකුණු 132ක සබඳතාවයක් යළි ගොඩනැගුවේ පළමු ඉනිමේ තිබූ රිද්මය එලෙසින්ම පවත්වා ගනිමිනි.

හර්ෂිතා සහ සිරිවර්ධන ගඟට ඉනි කපයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම….

ඒ සමඟම මෙම තරගයේ ආධිපත්‍යය තමන් සතුකර ගනිමින් ආක්‍රමණශීලී පිතිකරණ රටාවකට අනුගත වීමට ඔවුන් දෙදෙනා සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 351 දක්වා රැගෙන යමිනි.  

මෙම ටෙස්ට් තරගාවලිය තුළ තනි ක්‍රීඩකයෙකු වාර්තා කළ විශාලතම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් බංග්ලාදේශ පන්දු යවන්නන්ව අන්ත අසරණ කළ පැතුම් නිස්සංක හතරේ පහර 20ක් හා එක් 6 පහරක් ද සහිතව දැවැන්ත ලකුණු 192ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවේ අනාගත පැතුම් මල්ඵල ගන්වමිනි. කෙසේ වෙතත් අවසානයේ දී ඔහු තම ද්විත්ව ශතකය පෙනි පෙනී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසියේ නායක අශාන් ප්‍රියන්ජන් ය.  එහෙත් කාල වේලාව හරස් වීමත් සමඟම වැඩි වේලාවක් යාමට මත්තෙන් තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම 357/2ක් ලෙස ලකුණු පුවරුවේ සටහන් කරමිනි. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 67ක් හා අශාන් ප්‍රියන්ජන් ලකුණු 5ක් ලබා සිටියේ ය.

රෝහිත්ගේ ගිණිකෙළියෙන් ඉන්දියාවට පහසු ජයක්

ලෝක ටෙස්ට් ශූරතාව මූලික කරගනිමින් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ….

පන්දු යැවීමේ දී බංග්ලාදේශය  වෙනුවෙන් රිෂාඩ් හොසේන් හැරුණුකොට අන් කිසිදු පන්දු යවන්නෙකුට කඩුල්ලක් දවා ගැනීමට කිසිදු අවකාශයක් නොලැබුණි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ නිල නොවන ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිකර දෙමිනි.  

දෙරට අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලියේ පළමු තරගය එළඹෙන බදාදා (09) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

Result

Match drawn

Sri Lanka A Team
268/10 (90.2) & 357/2 (107)

Bangladesh A
330/10 (83.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Mehidy Hasan 85 166 11 0 51.20
Sangeeth Cooray c Najmul Hossain b Mehidy Hasan 17 32 2 0 53.12
Kamindu Mendis c Nurul Hasan b Mehidy Hasan 62 121 8 1 51.24
Ashan Priyanjan c Nurul Hasan b Ebadat Hossain 28 48 4 0 58.33
Charith Asalanka c Mominul Haque b Salauddin Sakil 44 100 8 0 44.00
Priyamal Perera c Mohammad Mithun b Ebadat Hossain 4 15 0 0 26.67
Lahiru Udara c Nurul Hasan b Mehidy Hasan 20 50 2 0 40.00
Nishan Peiris lbw b Mehidy Hasan 0 2 0 0 0.00
Prabath Jayasuriya c Rishad Hossain b Mehidy Hasan 0 5 0 0 0.00
Mohamed Shiraz c Mominul Haque b Mehidy Hasan 0 2 0 0 0.00
Asitha Fernando not out 0 2 0 0 0.00


Extras 8 (b 0 , lb 6 , nb 1, w 1, pen 0)
Total 268/10 (90.2 Overs, RR: 2.97)
Fall of Wickets 1-32 (13.4) Sangeeth Cooray, 2-153 (47.4) Kamindu Mendis, 3-188 (57.3) Pathum Nissanka, 4-217 (66.5) Ashan Priyanjan, 5-221 (70.3) Priyamal Perera, 6-264 (87.1) Lahiru Udara, 7-264 (87.3) Nishan Peiris, 8-268 (89.2) Prabath Jayasuriya, 9-268 (89.4) Mohamed Shiraz, 10-268 (90.2) Charith Asalanka,

Bowling O M R W Econ
Ebadat Hossain 23 7 62 2 2.70
Salauddin Sakil 17.2 2 60 1 3.49
Mehidy Hasan 37 14 84 7 2.27
Rishad Hossain 13 0 56 0 4.31
Batsmen R B 4s 6s SR
Jahurul Islam b Mohamed Shiraz 1 4 0 0 25.00
Shadman Islam c Sangeeth Cooray b Prabath Jayasuriya 77 104 8 1 74.04
Najmul Hossain c Lahiru Udara b Mohamed Shiraz 9 17 2 0 52.94
Mominul Haque c Lahiru Udara b Mohamed Shiraz 117 190 15 1 61.58
Mohammad Mithun c Lahiru Udara b Asitha Fernando 21 36 2 0 58.33
Anamul Haque c Lahiru Udara b Prabath Jayasuriya 8 17 1 0 47.06
Nurul Hasan c Lahiru Udara b Asitha Fernando 36 31 3 2 116.13
Mehidy Hasan not out 38 61 3 1 62.30
Rishad Hossain c Lahiru Udara b Mohamed Shiraz 7 34 0 0 20.59
Salauddin Sakil c Sangeeth Cooray b Prabath Jayasuriya 4 5 1 0 80.00
Ebadat Hossain b Mohamed Shiraz 0 3 0 0 0.00


Extras 12 (b 4 , lb 4 , nb 3, w 1, pen 0)
Total 330/10 (83.1 Overs, RR: 3.97)
Fall of Wickets 1-3 (1.2) Jahurul Islam, 2-22 (5.1) Najmul Hossain, 3-176 (40.1) Shadman Islam, 4-215 (51.5) Mohammad Mithun, 5-230 (56.4) Anamul Haque, 6-270 (63.6) Mominul Haque, 7-285 (67.3) Nurul Hasan, 8-310 (79.4) Rishad Hossain, 9-315 (80.6) Salauddin Sakil, 10-330 (83.1) Ebadat Hossain,

Bowling O M R W Econ
Asitha Fernando 16 4 48 2 3.00
Mohamed Shiraz 21.1 6 63 5 2.99
Nishan Peiris 7 0 41 0 5.86
Ashan Priyanjan 4 0 22 0 5.50
Prabath Jayasuriya 31 3 114 3 3.68
Charith Asalanka 3 0 19 0 6.33
Kamindu Mendis 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka run out (Mehidy Hasan) 192 307 20 1 62.54
Sangeeth Cooray c Nurul Hasan b Rishad Hossain 89 188 12 0 47.34
Kamindu Mendis not out 67 134 6 0 50.00
Ashan Priyanjan not out 5 14 0 0 35.71


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 357/2 (107 Overs, RR: 3.34)
Fall of Wickets 1-219 (62.3) Sangeeth Cooray, 2-351 (103.4) Pathum Nissanka,

Bowling O M R W Econ
Ebadat Hossain 21 2 60 0 2.86
Mehidy Hasan 37 5 118 0 3.19
Salauddin Sakil 22 4 79 0 3.59
Rishad Hossain 23 2 78 1 3.39
Mohammad Mithun 1 0 8 0 8.00
Mominul Haque 3 0 12 0 4.00




>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<