ප්‍රවීණයෝ හිඟ Tier A පිටිය අංකුර ක්‍රීඩකයෝ වටලති

408

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ව සිටීම හේතුවෙන් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා සමාජවල ඇතිව ඇති පුරප්පාඩුවලට එක් වූ අංකුර ක්‍රීඩකයෝ මේ වන විට Tier A පිටිය වටලමින් සිටිති.

දවසේ වඩාත් කතා බහට ලක් වූ ක්‍රීඩකයා වූයේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු සංගීත් කුරේ ය. පළමු දිනයේ දී නොදැවී ලකුණු 173ක් රැස් කරගෙන සිටි සංගීත් කුරේ තම පළමු, පළමු පෙළ ද්විත්ව ශතකය අද වාර්තා කිරීමට සමත් වූයේ පන්දු 302කිනි. තවමත් 22 හැවිරිදි වියේ පසුවන සංගීත්ගේ  එම ඉනිම තුළ විහිදුණ හතරේ පහර 28ක් සහ හයේ පහරක් විය.

පොලීසිය පරදවා ගාලු ක්‍රිකට් සමාජයට දැවැන්ත ජයක්!

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B ශ්‍රේණිය යටතේ අද (07) නිමාව දුටු තරගයකින් කඩුලු 10ක සුපිරි ජයක් හිමිකර ……

සතියේ ආරම්භක දිනය වූව ද අද දවසේත් Tier A පිටිය ක්‍රියාත්මක වෙමින් තරග දෙකක නිමා ව සනිටුහන් විය. තවත් තරගයක නිමාව හෙට දිනයේ දී සිදු වීමට නියමිත ය.

කෝල්ට්ස් සහ මූවර්ස් අතර තරගය

මුවර්ස් කණ්ඩායම නියෝජනය කරන 21 හැවිරිදි යොවුන් ක්‍රීඩක නිලංක සඳකැන් පතිරණ අද තමන් වෙත අවධානය යොමු කර ගත්තේ පන්දු යැවීමෙනි. වමත් දඟපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ නිලංකගේ අවධානය දිනූ පන්දු යැවීම සටහන් වූයේ 48-2-184-8ක් ලෙසිනි.

මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම අද (08) අවසන් කළේ ලකුණු 463කට සියලුම දෙනා දැවී යමිනි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක මුවර්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 208ක් ලබා සිටියහ.

මුවර්ස් ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ ඉරෝෂ් සමරසූරිය ය. ඔහු පන්දු 104ක දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත් අතර පබසර වඩුගේ (50) සමඟ එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 104ක සබඳතාවක් ද ගොඩ නැගුවේය.

දිනය නිමා වන විට නායක චාමර සිල්වා ලකුණු නොදැවී ලකුණු 59ක් ලබා සිටියේය.

මෙම තරගයේ හෙට (09) පැවැත්වීමට නියමිත ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 463 (115.2) පසිඳු ලක්ෂාන් 46, සංගීත් කුරේ 200, දිල්රුවන් පෙරේරා 83, ප්‍රියමාල් පෙරේරා 51, අවිශ්ක ප්‍රනාන්දු 28, තරිඳු රත්නායක 2/102, නිලංක සඳකැන් 8/184

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 208 (63.0) ඉරෝෂ් සමරසූරිය 70,  පබසර වඩුගේ 50, චාමර සිල්වා නොදැවී 59, දිල්රුවන් පෙරේරා 2/39, ප්‍රභාත් ජයසූරිය 3/82

මොවින් හා විශ්ව පිටිය සිසාරා පිතිකරණයක

විශ්ව පීරිස් හා මොවින් සුබසිංහගේ ශතකවලින් හැඩවුණු අද (8) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් ….


සැරසන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද අවසන් වූයේ ජය පරාජයකින් තොරවය. දිනය අවසන් භාගයේ දී සංචාරක බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 210ක ඉලක්කයක් විය. නමුත් දිනය අවසාන වූයේ ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 73ක් ලබා සිටිය දී ය.

එම ඉනිමේ දී නායක නිපුන් කරුණානායක නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේය.

සැරසන්ස් දෙවැනි ඉනිම ලකුණු 182කට සීමා කිරීමේ දී ධනෝෂ් රනෝදිත් ලකුණු 61කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහු මෙම තරගයේ දී ලකුණු 136කට කඩුලු 8ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (92.4): රවිඳු ගුණසේකර 24, ඇන්ඩි සොලමන්ස් 33, මින්හාජ් ජලීල් 43, ගමිඳු කනිෂ්ක 62, ප්‍රමෝද් මධුවන්ත 86, මිෂෙන් සිල්වා 24, ලහිරු සමරකෝන් 4/59, ධනෝෂ් රනෝදිත් 3/75, කොෂාන් ධනුෂ්ක  2/52

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (87.0): නිපුන් කරුණානායක 69, සචින් ජයවර්ධන 63, අදීශ නානායක්කාර 40, රමේෂ් මෙන්ඩිස් 22, ප්‍රමුද් හෙට්ටිවත්ත 42, සාලිය සමන් 2/39, රොෂාන් ජයතිස්ස 4/92, චතුර රන්දුණු 2/78

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 182 (70.1): ප්‍රමෝද් මධුවන්ත 59, ගමිඳු කනිෂ්ක 49, චතුර රන්දුණු 31, ධනෝෂ් රනෝදිත් 5/61, ලහිරු සමරකෝන් 3/51, කොෂාන් ධනුෂ්ක 2/29

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 73 (16.0): නිපුන් කරුණානායක නොදැවී 53


බී. ආර්. සී. සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

තවමත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය නියෝජනය කරමින් බදුරලිය ක්‍රීඩා සමාජය හා එක්ව සිටින 18 හැවිරිදි ශිරාන් රත්නායක ද අද ශතකයක් රැස් කරමින් තමන් වෙත අවධානය දිනා ගත්තේය. ඔහුගේ ඉනිම පන්දු 156කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 6ක් ඇතුලත් විය.

කොළඹ බී. ආර්. සී. පිටියේ පැවති මෙම තරගය අද ජය පරාජයකින් තොරව අවසන් වූයේ බී. ආර්. සී. සහ බදුරලිය ක්‍රීඩකයන්ට තරගයේ ජයග්‍රහණය වරින් වර දෝලනය වෙද්දීය. බදුරලිය ක්‍රීඩකයෝ ලකුණු 348ක ඉලක්කයක් පසුපස ගිය ගමන දිනය අවසානයේ කියවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 313ක් ලෙසිනි.

මෙම තරගයේ පළමු ඉනිමේ දී දෙපිළේම ක්‍රීඩකයෝ අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වූව ද, දෙවැනි ඉනිමේ දී අළු ගසා නැගී සිටීමින් ලකුණු 300 සීමාව පසු කිරීම කැපී පෙණුනි. එහි දී බී. ආර්. සී. වෙනුවෙන් ශෂින් දිල්රංග ලකුණු 97ක් ද බදුරලිය වෙනුවෙන් ශිරාන් රත්නායක නොදැවී ශතකයක් ද වාර්තා කළේය.

බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 134 (34.4): ටී. එම්. සම්පත් 30, රොමේෂ් බුද්ධික 23, හේෂාන් විතාන 23, චාමිකර එදිරිසිංහ 26, ඩිලේශ් ගුණරත්න 4/42, අලංකාර අසංක 5/45

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (57.2): පැතුම් නිශ්ශංක 41, ඩිල්හාන් කුරේ 26, චාමිකර එදිරිසිංහ 5/20, සුරාජ් රන්දිව් 3/39

බී. ආර්. සී; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 346 (96.2): ප්‍රවිනාත් විජේසූරිය 23, රුමේෂ් බුද්ධික 51, හර්ෂ විතාන 40, ශෂීන් දිල්රංග 97, සුරාජ් රන්දීව් 60, චාමිකර එදිරිසිංහ 20, ඩිලේශ් ගුණරත්න 3/69, අලංකාර අසංක 3/123, දුවිඳු තිලකරත්න 3/74

බදුරලිය ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 313 (74.0): පැතුම් නිශ්ශංක 35, ඩිල්හාන් කුරේ 61, ශිරාන් රත්නායක නොදැවී 100, අලංකාර අසංක 26, සංජය චතුරංග 32, නඩ්රාජ් ප්‍රසාද් 39, හෂේන් රාමනායක 2/64, හිමේෂ් රාමනායක 3/45

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න