SAG යන මලල ක්‍රීඩා කණ්ඩායම 68ක් දක්වා ඉහළට

73

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලෙයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68කින් සමන්විත වේ. ඒ ක්‍රීඩකයන් 38 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 30 දෙනෙකු ලෙසිනි.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට ඇතුලත්ව සිටියේ ක්‍රීඩකයන් 33 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 24 දෙනෙකු පමණි.

මලල ක්‍රීඩාවේ දිසාපාමොක් දිවියෙන් නික්ම යයි

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ යෝගානන්ද විජේසුන්දර මහතා අද (14) අභාවප්‍රාප්ත වූ අතර 75…

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් ක්‍රීඩා ඉසව් ගණන 28ක් වන අතර එහි ප්‍රධානතම ක්‍රීඩා ඉසව්ව වන මලල ක්‍රීඩා තරගාවලිය දෙසැම්බර් මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනාගෙන ඇත්තේ මලල ක්‍රීඩා තරග ඉසව්වෙනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 4*400, මීටර් 4*100 යන තරග ඉසව් සඳහා කාන්තා හා පිරිමි ඉසව් 4ටම කණ්ඩායම් සහභාගි වන අතර සෑම කේවල තරග ඉසව්වකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගින් ඇතුළත් කිරීමට ද ශ්‍රී ලංකාව සූදානමින් සිටී.

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස නිලධාරීන් 14 දෙනෙකු සහභාගි වන අතර කණ්ඩායමේ නායකයා හා නායිකාව තවමත් තීරණය කර නොමැති නමුත් එහි නායකත්වය සඳහා මීටර් 800 කාන්තා ධාවන ශූරී නිමාලි ලියනාආරච්චි හා හෙල්ල විසිකිරීමේ ශූරයා වන සුමේධ රණසිංහ පත්කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උපලේකම් වන මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ නම් කර ඇත. 

මීට පෙර පැවති 12 වන මලල ක්‍රීඩා තරගාවලියේ වැඩිම පදක්කම් දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් රන් පදක්කම් 28ක් සමඟින් මුළු පදක්කම් 58ක් හිමි කර ගත් අතර ශ්‍රී ලංකාව රන් පදක්කම් 9ක් සමඟින් මුළු පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් විය. තරගාවලිය සඳහා සහභාගි වූ අනෙකුත් කණ්ඩායම් වන පකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය එකඳු රන් පදක්කමක් හෝ ජයග්‍රහණය කර තිබුණේ නැත. 

වසර 15කට පසු SAG ලංකාවට?

2021 වසරේ පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා…

2016 වසරේ දී රන් පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර කණ්ඩායමට ඇතුළත් වන අතර උස පැනීමේ රන් පදක්කම ජයග්‍රහණය කළ මංජුල කුමාර විජේසේකර පසුගිය දා ක්‍රීඩා දිවියට සමුදීම නිසා ඔහු මෙවර තරගාවලිය  සඳහා නම් කර නොමැත. 

2010 SAG ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩා තරග ඉසව්වල දී ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 10ක් ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකාව රන් පදක්කම් 8ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

10 වැනි SAG ක්‍රීඩා උළෙල කොළඹ දී පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ රන් පදක්කම් සංඛ්‍යාව 14කි. ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 15ක් ජයග්‍රහණය කර තිබුණි. 

මෙවර තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා පවසා සිටියේ මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 10ක් අපේක්ෂා කරන බවයි. 

ප්‍රේමා පින්නවල මහතා 1989 වසරේ ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් SAG ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. එවකට දකුණු ආසියානු ක්‍රීඩා සංගමය නියෝජනය කළ කමිටු සාමාජිකයන්ගෙන් ජීවතුන් අතර සිටින්නේ ඒ මහතා පමණි. 

18 වසරක ශූරයා ක්‍රීඩා පිටියට සමුදෙයි

මලල ක්‍රීඩාවට ඇලුම් කරන කාහටත් අමතක නොවන, ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් දිනූ අතලොස්ස අතරට…

මීට පෙර දකුණු ආසියානු ක්‍රීඩා කමිටුව විසින් එක් රටකින් එක් තරග ඉසව්වක් සඳහා එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් පමණක් සහභාගි කරන ලෙස නව නීතියක් ගෙන ඒමට කටයුතු කර තිබුණි. 

කෙසේ වෙතත් සෙසු රටවල් වලින් කරන ලද ඉල්ලීම් සලකා බලා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 2 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 68 දෙනෙකු දක්වා වැඩි වූයේ එලෙසිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<