ආසියානු කුසලානය UAE හෝ ලංකාවේ

4160

ආසියානු කුසලානය පෙර සැලසුම් කළ පරිදිම මේ වසර අවසානයේ ශ්‍රී ලංකාවේ දී හෝ එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් මහතා පවසා සිටියා. 

තවත් පාකිස්තානු ක්‍රීඩකයින් හත්දෙනෙක්ට කොරෝනා!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉඩ ලබා දීමේ අරමුණින් ආසියානු කුසලානය අවලංගු වනු ඇති බවට පැතිර යන ප්‍රකාශයන් ඔහු මෙහි දී ප්‍රතික්ෂේප කළා.

“ආසියානු කුසලානය සැලසුම් කළ පරිදිම පැවැත්වෙනවා. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් 2 වැනිදා එංගලන්තයේ සිට නැවත පැමිණෙනවා. ඒ නිසා ඔක්තෝබර් මාසයේ හෝ සැප්තැම්බර් මාසයේ අග දී තරගාවලිය පවත්වන්න පුළුවන්” ඛාන් මහතා පාකිස්තානයේ කරච්චි හිදී පවසා සිටියා.

“කාලයත් සමඟ අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේවි, බලාපොරොත්තු වෙනවා කොරෝනා ව්‍යාප්තිය ඉතා අඩු ශ්‍රී ලංකාවේ තරගාවලිය පවත්වන්න. ඔවුන්ට නොහැකි නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යත් තරගය පවත්වන්න සූදානම්.”

ඛාන් පවසා සිටියේ තරගාවලියේ සත්කාරකයින් වුණු පාකිස්තානය මේ වසරේ තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පවත්වා, ශ්‍රී ලංකාවට ලැබෙන මීළඟ ආසියානු කුසලානය පාකිස්තානයේ දී පවත්වන්ට සාකච්ඡා පවත්වන බවයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියත් හබක්

ඔහු තවදුරටත් පවසා සිටියේ විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන ඔක්තෝබර් –  නොවැම්බර් මාසවල එම තරගාවලිය නොපැවැත්වුනොත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනත් තරගාවලියක් සංවිධානය කර ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙන බවයි.

“සිම්බාබ්වේ තරගාවලියෙන් පසුව අපි එළඹෙන දෙසැම්බරයේ නවසීලන්තයට යනවා. දකුණු අප්‍රිකාව ලබන වසරේ ජනවාරි මාසයේ ටෙස්ට් තරග තුනක් හා විස්සයි විස්ස තරග සඳහා පාකිස්තානයට පැමිණෙන්නට සූදානම්.”

නොවැම්බර් මාසයේ දී අතරමග නැවතුණු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග කිහිපය පැවැත්වීමට ද PCB ය සුදානම් වන බව ඛාන් මහතා පවසා සිටියා.

තරග පාවා දීම පාකිස්තානය තුළ අපරාධ වරදක් බවට පත් කිරීමට ගන්නා  පියවර සම්බන්ධයෙන් විමසූ විට ඔහු පවසා සිටියේ, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිවෙකු රජය හා සාකච්ඡා කර මේ පිළිබඳ නීති සම්පාදනයට උත්සහ නොකිරීම පිළිබඳ තමා පුදුම වන බවයි.

“අපරාධයට හිරේ දානවා කිව්වොත් හෝ උසාවි දානවා කිව්වො ත් පමණයි මිනිසුන් නීති පිළිපදින්නේ” ඔහු පවසා සිටියා. ඉන්දියාව සමඟ තරගාවලියක් පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ පෙනෙන කාලයක නම් ඉන්දියා – පාකිස්තාන තරගාවලියක් නොමැති බවයි.  

“කනගාටුවෙන් වුනත් ඉන්දියාව සමඟ ක්‍රීඩා කරන එක අපි මේ වෙලාවේ අමතක කරන්න ඕන. අපි ගැන වගේම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගැනත් මට හරිම කනගාටුයි තරගාවලියක් සංවිධානය කරන්නට රජයෙන් අවසර ගැනීමට සිදුවීම ගැන.”

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අවසර

ඛාන් මහතා තවදුරටත් පවසා සිටියේ COVID-19 වසංගත තත්වය නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ වාර්ෂික අයවැය ප්‍රමාණය රුපියල් බිලියනයකින් අඩු කිරීම සඳහා වැඩ කරගෙන යන බවයි.

HindusthanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<