අංගම්මන තරගයේ වීරයා වෙද්දී CR&FCට ජය පැන්!

ඩයලොග් රග්බි ලීග් තරගාවලිය - 2019

72

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි තරගය අද (30) සත්කාරක CR&FC සහ පොලිසිය අතර පැවැත්විය. අධික වර්ෂාවත් සමඟම තරගය ආරම්භ වූ අතර එහි දී ලකුණු 17-13ක් වශයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට CR&FC ක්‍රීඩකයින් සමත් විය.

CHට එරෙහිව සෙබළුන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සමාරම්භක…..

තරගය ආරම්භ වූ මොහොත පටන් වර්ෂාව ද ඇද හැළුණු අතර කණ්ඩායම් දෙකේම ඉදිරිපෙළේ ශක්තිමත්භාවය බලා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය. CR ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට තරගයේ තුන්වැනි විනාඩියේ දී පොලිසියට දඬුවම් පහරක් හිමි වූ අතර එම අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ගත් ජනිත් චන්දිමාල් සාර්ථකව පොලිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. (පොලිසිය 03-00 CR&FC)

අධික වර්ෂාව හේතුවෙන් කණ්ඩායම් දෙකේම පන්දුව හැසිරවීමේ දුර්වලතා දක්ණට ලැබුණු නමුත් තරගයේ 24 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ජනිදු දිල්ශාන් පහසු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් ප්‍රවර්තනයේ ලකුණු කණ්ඩායමට එකතු කළේය. (පොලිසිය 03-07 CR&FC)

හැව්ලොක් ඉදිරිපෙළින් නාවිකයින්ට දැඩි හානි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය……

තරගයේ 28 වැනි විනාඩියේ දී CR ක්‍රීඩක රිසිත් කවිදන්ජන අතින් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් විනිසුරු ඔහුට කහ කාඩ්පතක් නිකුත් කරමින් CR කණ්ඩායම ක්‍රීඩකයින් 14කට සීමා කළේය.

ඉන්පසු ප්‍රථම අර්ධය නිමා වන තෙක් කණ්ඩායම් දෙකෙන්ම කිසිදු ලකුණක් වාර්තා නොවූ අතර තෙත බරිත කාලගුණික තත්වය හේතුවෙන් ක්‍රීඩකයින් පීඩා විඳින ආකාරයක් දක්නට ලැබුණි.

ප්‍රථම අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 03-07 CR&FC කණ්ඩායම

දෙවැනි අර්ධය ආරම්භ වූවත් වර්ෂාව නතර වන ආකාරයක් දක්නට නොලැබුණි. නමුත් කණ්ඩායම් දෙකම යුහුසුලුව ඉක්මනින් ලකුණු රැස්කිරීමට සූදානම් වන ආකාරයක් පෙන්නුම් කරමින් 47 වැනි විනාඩියේ “Rolling Maul’ අවස්ථාවකින් ඉදිරියට ඇදුණ පොලිස් ක්‍රීඩා සමාජය රසිත් සිල්වාගේ ආධාරයෙන් ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණු 5ක් එකතු කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (පොලිසිය 08-07 CR&FC)

නැවතත් තරගයේ 57 වැනි විනාඩියේ දී විනිසුරු පොලිස් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් නිකුත් කරමින් CR&FC කණ්ඩායම වෙත දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. (පොලිසිය 08-10 CR&FC)

70 වැනි විනාඩියේ දී ජනිඳු ඩිල්ෂාන්ගේ අතින් පන්දුව ලබා ගත් ගැමුණු චේතිය පිටිය මධ්‍යයේ සිට වේගවත් ධාවනයක නිරත වෙමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළේ CR&FC කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. (පොලිසිය 08-17 CR&FC)

එසේම තරගයේ 75 වැනි විනාඩියේ දී ක්‍රීඩකයෙකු අනාරක්ෂිත ලෙස මෙල්ල කිරීමේ වරදට හසු වූ CR&FC ක්‍රීඩක රාහුල් ද සිල්වාට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේය. 

අත්දැකීම් බහුල CR & FC කණ්ඩායම ආධිපත්‍ය පතුරවන්නට සූදානමින්!

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්නගේ…….

ක්‍රීඩකයින් 14 දෙනෙකු සමඟ CR&FC කණ්ඩායම ක්‍රීඩා කරන මොහොතේ දී එයින් ප්‍රයෝජන ගත් පොලිස් ක්‍රීඩා සමාජයේ ඉමොසි වුනිවොසා තරගයේ 78 වැනි විනාඩියේ දී පන්දුව සුජාන් කොඩිතුවක්කු අතට පත් කළ අතර එය උත්සාහක දිනුමක් ලෙස සාර්ථක කර ගැනීමට ඔහුට හැකි විය. 

එහි ප්‍රවර්තනය ලබා ගැනීමට උත්සුක නොවූ පොලිස් භටයින් නැවතත් ක්‍රීඩා පිටිය මාධ්‍යයට ගියේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ බලාපොරොත්තුවෙනි. (පොලිසිය 13-17 CR&FC)

තරගය අවසන් වීමට තත්පර කිහිපයකට පෙර CR&FC ක්‍රීඩකයින් ගණන 13 දෙනෙකු දක්වා පහත දමමින් විනිසුරු CR රෙහාන් වීරකෝන් හට කහ කාඩ්පතක් නිකුත් කළේ ප්‍රතිවාදියාගේ අත තිබුණු පන්දුව නීති විරෝධීව ඩැහැ ගැනීමට උත්සහ කිරීමට තැත් කිරීම හේතුවෙනි.

එම අවස්ථාවෙන් දඬුවම් පහරක් පොලිස් කණ්ඩායමට හිමි වුනත් ඔවුන්ගෙන් පන්දුව ඩැහැ ගත් CR ක්‍රීඩකයින් තරගය අවසන් කිරීම සඳහා පන්දුව පිටියෙන් ඉවත් කළේ තම ජයග්‍රහණය සනිටුහන් කරමින්.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 13 – 17 CR&FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – පණ්ඩුක අංගම්මන (CR&FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් –

පොලිස් ක්‍රීඩා සමාජය  – රසිත් සිල්වා 1T, සුජාන් කොදිතුවක්කු 1T, ජනිත් චන්දිමාල් 1P
CR&FC කණ්ඩායම – ජනිඳු දිල්ශාන් 1T, ගැමුණු චේතිය 1T, රීසා මුබාරක් 1P, 2C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<