ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට වැඩි ගෞරවය

278
SLC Premier League 2016/17 tier B january 21st roundup

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වමින් ක්‍රීඩා කල තරගයක හා තවත් උණුසුම්කාරී තරග කිහිපයකම  දෙවන දිනය, ඊයේ (21) ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් B කාණ්ඩයේ තරග ලෙසින් අවසන් විය.

රොස්කෝ තට්ටිල්ගෙන් ගුවන් හමුදාවට සුපිරි ආරම්භයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම අද (20) ආරම්භ විය.

කළුතර නගර සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී කාසියේ වාසිය දිනූ පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට කළුතර නගර සමාජයට අවස්ථාව ලබා දුන්නේය.

කළුතර නගර සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 238ක් ලබාගෙන සිටියදී තරගයේ දෙවන දිනය ආරම්භ වූ අතර, එය ලකුණු 307ක් වන විට අවසන් කිරීමට පොලිස් ක්‍රීඩා සමාජයට හැකිවිණි.  දිනය අවසානයේ වමතින් පිත්ත හසුරුවන අසේල අලුත්ගේ 4 පහර 9ක් හා එක් 6 පහරක් සමඟින් ‍ලකුණු 62ක් ලබාගෙන පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමට සමත් විය.

කළුතර නගර සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 116.2): සුලාන් ජයවර්ධන  101, තරිදු සිරිවර්ධන 58, නිපුණ ගමගේ 43, රිසිත උපමාල් 31, සුවන්ජි මදනායක 3/62,  මංජුල ජයවර්ධන 3/79

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 183 (පන්දුවාර 65): අසේල අලුත්ගේ 62, සමිත් දුශ්ශන්ත 36*, යොහාන් ද සිල්වා 3/27

පොලිස් ක්‍රීඩා සමාජය කළුතර නගර සමාජ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 124ක් පසුපසින් පසුවෙයි.


ලංකන් ක්‍රිකට් සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේදී කාසියේ වාසිය ලබාගත් නාවික හමුදා ක්‍රීඩකයෝ පළමුව පන්දු යැවීමට තීරණය කළහ.

දෙවන දිනට ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිමට තවත් ලකුණු 72ක් එක්වූ විගස එම ඉණිම අවසන් වු අතරම, දකුණතින් පිටදඟ පන්දු යවන මදුර මදුසංක ලකුණු 69ක් තුල කඩුලු 3ක් දවාලන ලදි. ලකුණු 436ක් හඹායන ගමනේදී සාර්ථක සබඳතාවන් කිහිපයක්ම ගොඩනැංවීමට නාවික හමුදා ක්‍රීඩා සමාජයට හැකිවිණි. 4 පහර 11ක් සමඟ ලකුණු 88ක් ලබාගත් දකුණතින් පිත්ත හසුරුවන මදුසංකට තම තුන් ඉරියව් දස්කම් දැක්වීමට මෙහිදී අවස්ථාව උදාවිය.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු 436 (පන්දුවාර 109.2): ලක්ෂාන් රොද්‍රිගෝ 133, ශසීන් ප්‍රනාන්දු 96, චානක රුවන්සිරි 67, ලාල් කුමාර 26, මදුර මදුසංක  3/69, සුදාරක දක්ෂින 3/101

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු  221 (පන්දුවාර 70): මදුර  මදුසංක  88, අවිශ්ක පීරිස් 84, රජීව වීරසිංහ 2/42

නාවික හමුදා ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රිකට් සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 215ක් පසුපසින් පසුවෙයි.


කළුතර භෞතික සංස්කෘතික සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

කාසියේ වාසිය ජයගත් කළුතර භෞතික සංස්කෘතික සමාජය මග්ගොන සරේ පිටියේදී පළමුව පන්දු රැකීමට අවස්ථාව ලබා ගන්නා ලදි.

කළුතර භෞතික සංස්කෘතික සමාජ පළමු ඉණිමට නායක මනොජ් දේශප්‍රිය 4 පහර 4 සමඟින් ලබාගත් ලකුණු 33 හැරෙන්නට වෙනත් සාර්ථක ලකුණක් ලකුණු පුවරුවට එක් කිරීමට අවස්ථාව ඔවුන්ට උදානොවීය. එහිදී කළුතර ඉණිම පාලනය කිරීමට දකුණතින් මඳ වේග පන්දු යවන සහන් ජයවර්ධනට හැකියාව ලැබුණි. ඔහු එහිදී කඩුලු 3ක් දවාලමින් දස්කම් දැක්වූ අතර, මේ වන විට තරගයේ වැඩි වාසිය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සතුව ඇත.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 426 dec (පන්දුවාර 79.2): රොස්කො තට්ටිල් 175, ලහිරු ශ්‍රී ලක්මාල් 115, හර්ෂන ජේම්ස් 33, නලින් විජේසිංහ 20, රුචිර සිල්වා 4/98, රසික ප්‍රනාන්දු 2/66, තනුක ධනංජය 2/80

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම  (දෙවන දිනය අවසානයේ)-  කඩුලු 9ක් දැවී ලකුණු  160 (පන්දුවාර 51.3): මනොජ් දේශප්‍රිය 33, රුචිර තරින්ද 29, ක්‍රිශාන් දිනිදු 21, සහන් ජයවර්ධන  3/36

කළුතර භෞතික සංස්කෘතික සමාජය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 266ක් පසුපසින් පසුවෙයි.


කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරගය

කුරුණෑගල වෙළගෙදර පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල  වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමුව පන්දු යවන ලදී.

කුරුණෑගල තරුණ සමාජය පළමු ඉණිමට තවත් ලකුණු 80 එක්වෙද්දී එම ඉණිමට තිත තැබීමට වමතින් දඟ පන්දු යවන චානක කොමසාරු සමත් විය. දැවැන්ත පිතිකරණ ලැයිස්තුවක් ඇති වරාය අධිකාරි පළමු ඉණිම වෙනුවෙන් ඔවුන්ට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 154ක් පමණක් වන අතර, එහිදී වමතින් පිතිකරණයේ නිරත වන ගයාන් මනීෂාන් 4 පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා වීමට සමත් විය. පන්දු යැවීමේදී තිලිණ හේරත් ලකුණු 54කට කඩුලු 4ක දවාලමින් කුරුණෑගල තරුණ සමාජය වෙනුවෙන් දස්කම් දැක්විය.

කුරුණෑගල තරුණ සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 49.3): හශාන් ප්‍රභාත් 46, චානක කොමසාරු 6/50

වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 59.3): ගයාන් මනීෂාන් 47, ප්‍රශාන් වික්‍රමසිංහ 27, තිලිණ හේරත්  4/54, දර්ශන මහවත්ත 3/16

කුරුණෑගල තරුණ සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 23 (පන්දුවාර 7):

කුරුණෑගල තරුණ සමාජය වරාය අධිකාරි පළමු ඉණිමට වඩා ලකුණු 12ක් පෙරමුණේ පසුවෙයි
මෙම තරග සියල්ලක්ම අද (22) තෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට