බෙන් ෆෝක්ස්, කීටන් ජෙනින්ග්ස් ශ්‍රී ලංකාවට එන එංගලන්තය සංචිතයට කැඳවයි

114

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ සඳහා එංගලන්ත ටෙස්ට් සංචිතය අද දින නම් කෙරුනා. එම සංචිතයට බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනින්ග්ස් කැඳවා ඇති අතර දකුණු අප්‍රිකාවේ සංචාරයට එක්වූ ජොනී බෙයාර්ස්ටෝව් හට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැත. 

නිපන්දුවේ තීරණය දැන් තෙවැනි විනිසුරු අතේ

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ දී ඉදිරි පාදය නියමිත සීමාවෙන් එපිට ගිය විට එය නිපන්දුවක් නොමැති නම් No-Ball ලෙස…………..

මොයින් අලී හටත් කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති අතර ආබාධයකින් සුවය ලබමින් සිටින ජේම්ස් ඇන්ඩර්සන් ද කණ්ඩායමට කැඳවා නොමැත. 

දකුණු අප්‍රිකාවේ දී ආබාධයන්ට ලක්වූ ජොෆ්රා ආර්චර් සහ රෝරි බර්න්ස් වෙනුවට මාර්ක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් කණ්ඩායමට ඇතුළු වී තිබෙනවා. ජැක් ලීච් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස කටයුතු කරන අතර ඩොම් බෙස් සහ මැට් පාර්කින්සන් කණ්ඩායමේ අනෙක් දඟ පන්දු යවන්නන්. 

මීට වසර දෙකකට පෙර එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස පරාජය කළ අතර එම තරගාවලියේ වීරයා වූයේ බෙන් ෆෝක්ස්. කෙසේ වෙතත් ඉන්පසුව පැවති බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දී ඔහුට සිය ස්ථානය අහිමි වුනා. එංගලන්තය වෙනුවෙන් ඔහු සහභාගී වූ මංගල ටෙස්ට් තරගයේ දී ගාලු ක්‍රීඩා පිටියේ ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර ජොස් බට්ලර් වෙනුවට අතිරේක කඩුලු රකින්නෙකු ලෙස ද ඔහු කටයුතු කරනු ඇත. නවසීලන්තයේ දී බෙයාර්ස්ටෝව් වෙනුවට කඩුලු රැකීම භාරගත් බට්ලර් ගේ පිතිකරණ සාමාන්‍ය දැක්වුනේ 17.55ක් ලෙසින්. කෙසේ වෙතත් ඔහු 2018-19 ශ්‍රී ලංකා සංචාරයේ දී ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා. 

නවසීලන්ත සංචාරයෙන් කණ්ඩායමෙන් ඉවතට විසිවූ බෙයාර්ස්ටෝව්ට, ඔලී පෝප් අසනීප වීම නිසා දකුණු අප්‍රිකාවට යන්නට සිදුවූ අතර ඔහුව ශ්‍රී ලංකා සංචාරයේ දී විවේක ගැන්වූ බව එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික එඩ් ස්මිත් පවසා සිටියා. 

ගාලු ක්‍රීඩා පිටියේ දී ශතකයක් වාර්තා කළ ජෙනින්ග්ස් පසුගිය වසරේ දී මුම්බායි හි පැවති එංගලන්ත පුහුණු කඳවුරකට ද සහභාගී වුනා. ඔහු දඟපන්දු වලට ඉතා හොඳින් පහර දෙන අතර ඉන්දීය උප මහාද්වීපය තුළදී ඔහුගේ සාමාන්‍ය දැක්වෙන්නේ ලකුණු 44.44ක් ලෙසින්. ඔහු අවසන් වරට ටෙස්ට් තරගාවලියකට එක්වුනේ මීට වසරකට පෙර සාන්ත ලුසියා හිදි යි. 

ජෝ රූට් සහ ක්‍රිස් සිල්වර්වුඩ්, මොයින් අලි නැවත කණ්ඩායමට පැමිණේ යැයි ඉඟි පළකර තිබුනත් තේරීම් කමිටුව ඔහුව කණ්ඩායමට එකතු කර නැත. පසුගිය වසරේ දී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඔහුගේ මධ්‍ය කොන්ත්‍රාත්තුව ද බිඳ වැටුනා. එංගලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී මොයින් අලි කඩුලු 19ක් බිඳ දැමූ අතර ඔහු මෙවර සංචාරයට නම් කර නොමැති නිසා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ.  

කිවියන් T20 තරගාවලියේ වාඩුව එක්දින තරගාවලියෙන් අල්ලයි!

මීට දින කිහිපයකට පෙර නිමාවූ විස්සයි විස්ස තරගාවලියේ දී තමන්ව පූර්ණ තරගාවලි පරාජයකට ලක් කිරීමේ………………..

වසරකට පෙර බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පටන් කණ්ඩායමේ ස්ථානය අහිමි වූ රෂිඩ් එම සංචාරයේ සිට තවමත් පළමු පෙළ තරග ක්‍රීඩා කර නොමැති අතර ඒ නිසාම ඔහුව ශ්‍රී ලංකා සංචාරයට නම් කිරීම අසාධාරණ වනු ඇතැයි තේරීම් කමිටුව අදහස් පළ කළා. ඒ අනුව පාර්කින්සන් හට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි විචාරකයින් අදහස් පළ කරන අතර ලීච් සහ බෙස් සමඟ ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරයි.  

ශ්‍රී ලංකාවේ සංචාරය කරන එංගලන්ත ටෙස්ට් සංචිතය මෙසේයි. 

ජෝ රූට් (නායක), ඩොම් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජොස්‌ බට්ලර්, සැක් ක්‍රෝව්ලි, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, බෙන් ෆෝක්ස්, කීටන් ජෙනින්ග්ස්, ජැක් ලීච්, මැතිව් පාර්කින්සන්, ඔලී පෝප්, ඩොම් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<