කමිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට පහසු ජයක්

3374

නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවති තරගය මුළු මනින්ම තමන්ගේ තරගයක් බවට පත් කර ගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් ක්‍රීඩකයෝ, පළමු සටනින්ම ඕමාන නැගී එන කණ්ඩායමට එරෙහිව ලකුණු 109ක පහසු ජයක් අත්කර ගනිමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත් විය.

අසේල ගුණරත්නත් අවුරුදු 23 ක්‍රීඩකයන්ගේ ගොඩට

මෙම මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා…

‘ඒ’ කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5කට ලකුණු 325ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන් නමුත් පිතිකරුවන්ට නොදෙවෙනි වූ පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් ඕමාන් නැගී එන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 215ක් පමණි.

අභියෝගාත්මක ඉලක්කය හඹා යෑමේ දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් වූ ට්වින්කල් භන්දාරි (33) සහ ජිතේන්ද්‍ර සිං (38) සමත් වුවත්, කමිඳු මෙන්ඩිස් විසින් ජිතේන්ද්‍ර සිංව දවා ගැනීමත් සමඟ ඕමාන නැගී එන කණ්ඩායමේ කඩා වැටීම ඇරඹුණි. ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 6කට වඩා දල වේගයක් රඳවා ගත යුතු වුවත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි තර්ජන හමුවේ ඕමාන් නැගී එන පිතිකරුවන්ට සිදු වූයේ ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමේ අදහස පසෙකින් තබා කඩුලු ආරක්ෂා කර ගැනීමය.

Photos: Sri Lanka vs Oman – ACC Emerging Asia Cup 2018

එහෙත් කිසිදු අවස්ථාවක් නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සහ රකින්නෝ ලකුණු 69ක් තුළ ඕමාන පිලේ පිතිකරුවන් යැයි නම් දරු 5 දෙනාම නරඹන්නන් බවට පත් කළහ. මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන්ම සාර්ථක වූ කමිඳු මෙන්ඩිස් විසින් අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි අකිබ් ඉල්යාස්ව (28) දුවද්දී දවා ගැනීම වෙනුවෙන් කඩුල්ලටම දමා ගැසීම ද විශිෂ්ට ගණයේ විය. ඕමාන පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී පසුපෙළින් ධෛර්යවන්ත ඉනිමක් ක්‍රීඩා කළ අජේ ලාල්ජෙටා (34) සහ ෆයාස් බට් (26) ලකුණු 48ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත්, එය ශ්‍රී ලංකා ජයග්‍රහණයේත්, ඕමාන පරාජෙයේත් පරතරය අඩුවීමට පමණක් ඉවහල් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශම්මු අශාන් සහ ෂෙහාන් මධුෂක කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර බෝයගොඩ, කමිඳු මෙන්ඩිස්, සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

කාසියේ වාසිය සමඟින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 4 ක් වාර්තා වීම කැපී පෙනුණි. හසිත බෝයගොඩ, කමිඳු මෙන්ඩිස්, ශම්මු අෂාන් සහ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් අර්ධ ශතක ලාභී පිතිකරුවෝ බවට පත්වූහ.

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ලබන වසර මුලදී ශ්‍රී ලංකාවට

සිව්දින ක්‍රිකට් තරග දෙකකින් හා එක්දින ක්‍රිකට් තරග පහකින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් එළඹෙන වසරේ ජනවාරි 2 වැනිදා සිට 29 වැනිදා දක්වා ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ….

අවිශ්ක ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩිගේ වේගවත් ආරම්භයත් සමග ගොඩ නැඟුණු නැගී එන ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව 13 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී බිඳ වැටෙන විට ලකුණු පුවරුව 81ක් වශයෙන් සටහන්ව තිබුණි. පන්දු 31කට මුහුණ දුන් වීරක්කොඩි ලකුණු 29කට පිටියෙන් ඉවත් වන විටත් අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 44කදී  අර්ධ ශතකය සපුරා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. පන්දු 54ක් පුරා විහිදුණු අවිශ්කගේ වටිනා ලකුණු 56ක ඉනිම හතරේ පහර 9කින් අලංකාර කරගෙන තිබුණි.

Photos: India vs Afghanistan | ACC Emerging Asia Cup 2018

අනතුරුව පිටියට පිවිසි හසිත බෝයගොඩ මනා ලෙස පන්දු තෝරා බේරා ගනිමින් පිටියේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට සමත් වද්දී කඩුලු අතර දිව යෑමේ දී වූ ආබාධයක් හේතුවෙන් නායක චරිත් අසලංක ලකුණු 10ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් විය. අසලංකගේ නික්ම යෑමත් සමඟ බෝයගොඩට එක්වූ  කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා නැගී එන පිලේ ලකුණු සංඛ්‍යාව ලකුණු 300න් ඔබ්බට රැගෙන යෑමේ වගකීම කරට ගනිමින් පන්දුවට පහර දුන්නේය. අසලංක සමඟ ලකුණු 22ක සම්බන්ධතාවක් එක් කළ බෝයගොඩ කමිඳු මෙන්ඩිස් සමඟ එක්ව පන්දු 90ක දී වේගවත් ලකුණු 102ක් රැස් කළහ. මෙය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් යුගලයක් වාර්තා කරන ලද වැඩිම ලකුණු සම්බන්ධතාව බවට ද පත්විය.

එතරම් ප්‍රවේගකාරී නොවුන ද කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ බෝයගොඩගේ වටිනා ඉනිම ලකුණු 80 දී නිමා කිරීමට බිලාල් ඛාන් සමත් විය. මුහුණ දුන් 94 වැනි පන්දුවේ දී දැවී යන විට බෝයගොඩ තම ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 6කින් සරසා ගෙන තිබුණි. ඊට හාත්පසින්ම වෙනස් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 62ක දී ලකුණු 75ක් රැස් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 6ක් තම ඉනිමට ඇතුළත් කරන ලද කමිඳු, ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පස්වැනි පිතිකරුවා ලෙසින් පිටියෙන් ඉවත් වන විටත් හත්වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසි ශම්මි අශාන් සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46ක දී වේගවත් ලකුණු 68ක් එක් කිරීමට දායක විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවී සිටින ටෙස්ට් වරම් ලාභී තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මෙම තරගයට ක්‍රීඩා කළ ද ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 03ක් පමණි. ස්ටම්ප් කිරීමකට හසුව ගුණරත්නගේ ඉනිම පන්දු 10කට සීමා වුවද ලකුණු වැඩි කිරීමේ වගකීම කරට ගත් ශම්මු අශාන් හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් පන්දු 34ක දී වේගවත් ලකුණු 57ක් එක් කළේය. අශාන්ගේ නොබිඳුණු එම වේගවත් ඉනිම නොවන්නට ලකුණු 325 සීමාව කරා පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ඇහිරෙනු නොඅනුමානය.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවන් කෙතරම් හොඳින් පන්දුවට පහර දුන්නේද කිවහොත් ඔවුන් මෙල්ල කිරීම සඳහා ඕමාන් නැගී එන කණ්ඩායම් නායක සිෂාන් මක්සූඩ්ට පන්දු යවන්නන් 7 දෙනෙකු යොදා ගැනීමට සිදු විය. ඔවුන් අතරින් වැඩිම ඵල නෙළා ගන්නා ලද ජේ ඔඩෙඩ්‍රා ලකුණු 47 කට කඩුලු 3ක් බිඳ හෙළුවේය. ඔහුට අමතරව බිලාල් ඛාන් ලකුණු 61කට කඩුලු දෙකක් බිඳ හෙළීය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය හෙට (08) ඇෆ්ගනිස්ථාන නැගී එන කණ්ඩායම සමඟ කොළඹ, සී. සී. සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

පාකිස්තානයේ යසීර් ෂා වසර 82ක වාර්තාවක් බිඳ දමයි

පාකිස්තානයේ සුපිරි පා දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන යසීර් ෂා අඩුම ක්‍රිකට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 200 ලබා ගැනීමේ වාර්තාව තමන්…

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 50 දී කඩුලු 5 කට ලකුණු 324 – හසිත බෝයගොඩ 80, කමිඳු මෙන්ඩිස් 75, ශම්මු අෂාන් (නොදැවී) 57, අවිශ්ක ප්‍රනාන්දු 56, සඳුන් වීරක්කොඩි 29, චරිත් අසලංක 10, ජේ ඔඩෙඩ්‍රා 47/3, බිලාල් ඛාන් 61/2

ඕමාන නැගී එන කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8ට ලකුණු 215 – ට්වින්කල් භන්දාරි 33, ජිතේන්ද්‍ර සිං 38, අකීබ් ඉල්යාස් 28, සෙශාන් මක්සූඩ් 16, මොහොමඩ් නදීම් 13, අජේ ලාල්චෙටා 34, ෆයාස් බට් 27, ශම්මු අශාන් 37/2, ෂෙහාන් මධුෂ්ක 45/2, අසිත ප්‍රනාන්දු 26/1, කමිඳු මෙන්ඩිස් 31/1, හසිත බෝයගොඩ 10/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<