නාවිකයන් CH පිටියේ ලකුණු පුවරුව වැලිසරට ඔසවා ගෙන එයි

613

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තරගයක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් අතර තරගය අද (30) වැලිසර නාවික හමුදා රග්බි පිටියේ දී පැවැත්විය.

ඉතා උණුසුම් අවසානයක් සටහන් කරමින් පළමු වටයේ ලකුණු පුවරුව කණපිට හරවා අවසානයේ ලකුණු 27-24ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ගුවන් හමුදාවට ප්‍රබල ආක්‍රමණයක්!

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ ආරම්භක තරගය ලෙස රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී අද (29) පැවති…

ප්‍රථම අර්ධය ආරම්භයේ දී නාවික හමුදා ක්‍රීඩකයන් පන්දුව CH  අන්තයේ රඳවා ගෙන ක්‍රීඩා කරන්නට සමත් වූ අතර 7වන මිනිත්තුවේ දී නාවිකයින්ට දඬුවම් පහරක් පිරිනැමුනේය. එය ලකුණු බවට පෙරලාගන්නට නාවික හමුදාවේ තිළිණ වීරසිංහ සමත් වූයේ නැත. නාවික ආක්‍රමණ සාර්ථක ලෙස මැඩ පැවැත්වූ CH ක්‍රීඩකයෝ තරගය නාවික හමුදා අන්තය වෙත රැගෙන ගිය අතර එහි දී 17 වන මිනිත්තුවේ දී ඔවුන්ට පිරිනැමුණු දඬුවම් පහර සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කර ගන්නා ලදි (CH & FC 03-00 Navy).

ලබාගත් වාසිය එලෙසම රඳවා ගෙන තරගයේ 27 වන මිනිත්තුවේ දී යළිත් CH අන්තය වෙත පීඩනය යොමු කළ CH කණ්ඩායමේ Scrum Half ක්‍රීඩක අවිශ්ක ලී විසින් පැති සීමාව දිගේ දුවගොස් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට දැරූ උත්සාහය නාවික හමුදා ක්‍රීඩක බුද්ධිම පියරත්න විසින් අනිසි බලපෑමක් (High Tackle) එල්ල කරමින් වැළැක්වූ බැවින් එයට එරෙහිව විනිසුරු ඉර්ෂාඩ් කාදර් විසින් CH & FC කණ්ඩායම වෙත දඬුවම් උත්සාහක දිනුමක් පිරිනමන ලදි (CH & FC  10-00 Navy).

තරගයේ 30 වන මිනිත්තුවේ දී යළිත් වරක් අවිශ්ක ලී විසින් CH අන්තයේ මීටර් 22 රේඛාව ආසන්නයේ දී නිදහස් වූ පන්දුවට පාදයෙන් පහරක් එල්ල කළ අතර එය නාවික හමුදා අන්තයේ මීටර 22 රේඛාව ආසන්නයේ පතිත වන විට අවිශ්ක ලී විසින්ම පන්දුව හඹා විත් එය රැගෙන මීටර 20 කට ආසන්න දුරක් දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කර ගන්නා ලදි (CH & FC  17-00 Navy).

33 වන මිනිත්තුවේ දී නාවික හමුදා කණ්ඩායමට පිරිනැමුණු දඬුවම් පහරක්  තිළිණ වීරසිංහ විසින් සාර්ථකව එල්ල කිරීමත් සමඟ නාවිකයින් තම ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදි (CH & FC  17-03 Navy).

තරගයේ රිද්මය තමා වෙත යොමුවීමත් සමඟ නැවතත් තරගයට පිවිසි නාවිකයින් ආක්‍රමණ රැල්ලක් දියත් කරමින් 40 වන මිනිත්තුවේ දී තම පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූයේ කසුන් ද සිල්වා ගෝල කණුව ආසන්නයේ දී ම CH ආරක්ෂක වළල්ල බිඳ දමා පන්දුව සීමා රේඛාවෙන් එපිටින් පතිත කිරීම නිසාය. එහි ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි (CH & FC  17-10 Navy).

පළමු අර්ධය: CH & FC 17 (1T 1PT 1C 1P) – 10 (1T 1C 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී නැවතත් දක්ෂතා අතරට පිවිසි CH ක්‍රීඩකයෝ 47 වන මිනිත්තුවේ දී ඔවුන්ට නාවික හමුදා අන්තයේ මීටර් 5 රේඛාව ආසන්නයේ දී ලැබුණු Scrum එකක් තල්ලු කරගෙන ගොස් රෝහිත රාජපක්ෂ ලවා උත්සාහක දිනුමක් වාර්තා කරවන්නට සමත් වූහ. එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත සාර්ථක ලෙස නිමා කරන ලදි (CH & FC 24-10 Navy).

තරගය වෙනස් වූ සිදුවීම් දෙක සිදු වූයේ ඉන් අනතුරුවයි. පිළිවෙළින් 53 වන මිනිත්තුවේ දී හා 59 වන මිනිත්තුවේ දී CH කණ්ඩායමේ රාහුල් යාපා සහ යොහාන් පෙරේරා හට විනිසුරු කාදර් විසින් කහ කාඩ් පත පෙන්වීමත් සමඟ CH කණ්ඩායමට ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් ක්‍රීඩා කරන්නට සිදු විය.

ඉන් උපරිම එල නෙලාගත් නාවිකයින් තරගය යළි තමා වෙත හරවා ගත්තේ 61 වන මිනිත්තුවේ දී ස්ටෙෆන් ග්‍රෙගරි විසින් වාර්තා කළ උත්සාහක දිනුමක් සමඟිනි. එහි ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි (CH & FC 24-17 Navy).

CR & FC ක්‍රීඩකයින් යුධ හමුදාවෙන් වාඩුව ගනී

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් අද (29) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී CR & FC කණ්ඩායම හා යුධ හමුදා ක්‍රීඩා සමාජය තරග…

නැවතත් තරගයේ 69 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක ලහිරු විශ්වජිත් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලද්දේ කණ්ඩායම් දෙකම සම මට්ටමකට ගෙන එමිනි (CH & FC 24-24 Navy).

ඉන් පසුව තරගය ඉතා උද්වේගකර මුහුණුවරක් ගන්නා ලද අතර 80 වන මිනිත්තුව වන තෙක්ම ලකුණු මට්ටම සම තත්ත්වයේ පැවතුණේ කණ්ඩායම් දෙකටම ජය මාවත විවර කර තබමිනි. කෙසේ නමුත් පීඩනය පාලනය කර ගත නොහැකි වූ CH ක්‍රීඩකයෝ තම අත් වැරදීමකින් නාවිකයන් වෙත දඬුවම් පහරක් ලබා දුන්නේ රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ ය. තිළිණ වීරසිංහ විසින් එය දැකුම්කළු අන්දමින් සාර්ථකව නිමා කරන ලද්දේ පළමු වටයේ දෙපිල අතර තරගයේ ලකුණු පුවරුව කණපිට පෙරළමින් නාවික හමුදා කණ්ඩායම වෙත විශිෂ්ට ජයක් අත් කර දෙමිනි (CH & FC 24-27 Navy).

සම්පූර්ණ කාලය: CH & FC 24 (1PT 2T 2C 1P) – 27 (3T 3C 2P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: රවීන් ද සිල්වා (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CH & FC – අවිශ්ක ලී 1T, රෝහිත රාජපක්ෂ 1T, සැමුවෙල් මධුවන්ත 2C 1P
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – කසුන් ද සිල්වා 1T, ස්ටෙෆන් ග්‍රෙගරි 1T, ලහිරු විශ්වජිත් 1T, තිළිණ වීරසිංහ 3C 2P

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට