සිම්බාබ්වේ සංචාරයට එරට රජයෙන් අවසර

200

ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට එරට රජය අවසර ලබා දී තිබෙනවා.

සංචාරයට අවසර ලබා දෙමින් සිම්බාබ්වේ රජයේ ක්‍රීඩා හා විනෝද කටයුතු පිළිබඳ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් Prince Mupazviriho සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කර තිබුණා. “ක්‍රීඩා හා විනෝද කටයුතු කොමිසන් සභාව මෙයින් දැනුම් දෙනවා ක්‍රීඩා, කලා කටයුතු හා විනෝද කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඉහත කී තරග ක්‍රීඩා කරන්නට අවසර ලබා දෙන බව”  Mupazviriho යොමු කළ ලිපියේ සඳහන් වී තිබුණා.

එක්දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට එරට රජයේ අවසර හිමි වීම ගැන සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Tavenga Mukuhlani සිය සතුට ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

“අපි අපේ හෘදයාංගම ස්තුතිය පල කරන්නට කැමතියි ක්‍රීඩා, කලා හා විනෝද කටයුතු ඇමති ගරු ක්‍රිස්ටි කොවෙන්ට්‍රි මහතාට. ක්‍රීඩා හා විනෝද කටයුතු කොමිසමට හා සිම්බාබ්වේ රජයට මේ සංචාරයට අවසර ලබා දුන්නාට” ඔහු පවසා සිටියා. “සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය බොහොම සතුටෙන් ඉන්නවා නැවතත් ක්‍රීඩා කරන්න අවස්ථාවක් හිමි වීම ගැන”

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් ක්‍රීඩකයින් 25 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් හරාරේ හිදී පුහුණු කඳවුරක් ආරම්භ කර තිබෙනවා. එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ එම පුහුණු කඳවුරේ දී හා ඉන් පිටත දී ක්‍රීඩකයින්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

එක්දින තරග සියල්ලම ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ කොටසක් වන අතර ඔක්තෝබර් 30, නොවැම්බර් 1 හා නොවැම්බර් 3 එම තරග පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරග පැවැත්වෙන්නේ නොවැම්බර් 7, 8 හා 10 දිනවලයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<