අසේල ගුණරත්නත් අවුරුදු 23 ක්‍රීඩකයන්ගේ ගොඩට

2406

මෙම මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට පිරිනමා තිබේ.

හේරත්ගේ අඩුව පුරවන්න සැරසෙන ඊළඟ වමතා – රොහාන් සංජය

ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ලෝකයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපි ඉන්නේ…..

වමතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසලංක, පළමු පෙළ තරග 29කට සහභාගි වෙමින් ලකුණු 1185ක් රැස් කරගෙන තිබෙන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 26.93ක් ලෙස සටහන් වේ. දකුණතින් පිට දඟපන්දු යවන හේ කඩුලු 24ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.79ක් රඳවා ගනිමිනි.

තෙවැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා, ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නව ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉකුත් වසරේ දී ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරය අතරතුර දී ගාල්ලේ පැවති තරගයේ දී පන්දු රැකීමට යෑමේ දී අසේල ගුණරත්න ආබාධයකට ගොදුරු වූ අතර එය සුව අතට පත්වීමෙන් නැවතත් ජාතික කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලැබුව ද සුපුරුදු දක්ෂතා අතරට ඔහු යළි පැමිණීමට අපොහොසත් විය. එම තත්ත්වය මත ඔහුට කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් දිනා ගැනීම අපහසු විය. මෙම තත්ත්වය සලකා බලා ඔහුට තව තවත් තරග අවස්ථාවන් ලබා දීම තේරීම් කමිටුවේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

ඉන්දියාව සමග ගාල්ලේ පැවති ටෙස්ට් තරගයේ දී අසේල ගුණරත්න ආබාධයකට ගොදුරු වුනු අවස්ථාව

අසේලට අමතරව කණ්ඩායමට එකතුව සිටින අනෙක් එකම ටෙස්ට් වරම් ලාභියා වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ පමණි. ඔවුන් දෙපළට අමතරව එක්දින සහ විස්සයි විස්ස වරම් ලාභීන් වන අවිශ්ක ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ෂෙහාන් මධුශංක සහ  කමිඳු මෙන්ඩිස් ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා අතුරින් අවම වශයෙන් ක්‍රීඩකයින් 7 දෙනෙකු වයස අවුරුදු 23 නොඉක්මවූ ක්‍රීඩකයන් විය යුතු වන අතර අනෙක් සිව්දෙනාට වයසේ බලපෑමක් නොමැත.

ආසියානු අනුශූරයින් සමඟ සටනට ලෝක අනුශූර ඕස්ට්‍රේලියාව මෙරටට

ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ….

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙන්නේ ඉකුත් වර ශූරතාව දිනූ රට වශයෙනි. 2013 වසරේ දී ඇරඹුණු මෙම තරගාවලියේ සමාරම්භක ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ඒ කාණ්ඩය යටතේ තරග වදින අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානය ප්‍රතිවාදීහු වෙති. මෙම තරගාවලිය සඳහා දැනට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 5 ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය එම රටවල් වෙති. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 07 වැනිදා ඕමාන් කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහභාගි වනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ කණ්ඩායම – චරිත් අසලංක (නායක), ශම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, හසිත බෝයගොඩ, සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, නිශාන් මධුෂ්ක, ජෙෆ්රි වැන්ඩර්සේ, ලසිත අඹුල්දෙණිය, නිශාන් පීරිස්, ෂෙහාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්, චාමික කරුණාරත්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<