වේගපන්දු පුහුණුකරු ධූරය රුමේෂ් රත්නායකට

551
Rumesh Ratnayake

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර ධූරය සඳහා රුමේෂ් රත්නායක පත්කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර ධූරය දැරූ චම්පක රාමනායක එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මේ වන විට පැවැත්වෙන සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ තරගාවලියට පෙර වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කරන ලදි. ඒ අනුව ඔහු වෙනුවට නව වේගපන්දු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායකව පත්කර ඇත.

චම්පක රාමනායක මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම සමඟ වසර දෙකක් සඳහා ගිවිසුම් ගතවී ඇති අතර රුමේෂ් රත්නායකගේ පත්වීමත් සමඟ චමින්ද වාස් නැවතත් වයස අවුරුදු 19න් පහළ සංවර්ධන අංශයේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්වනු ඇත.

තෙවන ටෙස්ට් තරගයේ රංගනගේ ඉරණම?

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු වේගපන්දු ක්‍රීඩකයෙකු වන 53 හැවිරිදි රුමේෂ් රත්නායක මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ විවිධ පුහුණුකාර ධූර දරා ඇත. ඒ අනුව ඔහු 2011 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරුවෙකු ලෙස සහ 2015 වසරේ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශක වරයෙක් වශයෙන් කටයුතු කර ඇත.  

“රුමේෂ් රත්නායක ජාතික ක්‍රියාකාරී සැලැස්මට එකාබද්ධව ජාතික වේගපන්දු වැඩසටහනේ ප්‍රධානී ධූරය දරමින්, නව දක්‍ෂයින් හඳුනාගැනීම, දක්‍ෂතා සංවර්ධනය සහ පුහුණු කටයුතු සිදුකරනු ඇත.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ය.  

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට