යුද හමුදා ක්‍රිකට් සැණකෙළියට ජාතික තරු රැසක්

3940

පළමු වරට පවත්වනු ලබන ‘යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ (Army Commanders League) ඔක්තෝම්බර් මස 05 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද සහභාගී වීම කැපී පෙනේ.

මෙම තරගාවලියේ මූලික වටයේ තරග අනුරාධපුර සාලියපුර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් සහභාගී වේ. Northern Warriors, Eastern Warriors, Southern Warriors සහ Western Warriors යන කණ්ඩායම් හතර මෙවර තරගාවලිය සඳහා එක්වනු ලබන කණ්ඩායම් වන අතර එහි නායකයින් ලෙස පිළිවෙලින් සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා කටයුතු කරනු ඇත. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න; 

මෙම තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් නියෝජනය කරන ජාතික ක්‍රීඩකයින් පහත පරිදි වේ. 

  • Northern Warriors කණ්ඩායම – සීකුගේ ප්‍රසන්න (නායක), දසුන් ශානක, අකිල දනංජය, භානුක රාජපක්ෂ. 
  • Eastern Warriors කණ්ඩායම – අසේල ගුණරත්න (නායක), කුසල් මෙන්ඩිස්, සඳුන් වීරක්කොඩි, චතුරංග ද සිල්වා. 
  • Southern Warriors කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග. 
  • Western Warriors කණ්ඩායම – තිසර පෙරේරා (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<