ලෝක ක්‍රිකට් කවුන්සිලයටත් කොරෝනා

197
Dubai headquarters

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන මූලස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පිහිටා තිබෙන අතර එහි සේවයේ නියතුව සිටින කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ICC ප්‍රධාන මූලස්ථානය වසා දමා සියලුම සේවක මණ්ඩලයට නිවෙස්වල සිට සිය රාජකාරි කටයුතු සිදු කරන මෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ බලධාරීන් ICC හි පරිපාලනය දැනුම්වත් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

එසේම නැවත දැනුම් දෙන තුරු එම ස්ථානය සඳහා කිසිදු සේවකයෙක් කිසිම හේතුවක් නිසාවෙන් හෝ ගෙන්වා ගැනීමට නොහැකි අතර නැවත වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර එම ආයතන පරිශ්‍රය විෂබීජහරණය කළ යුතු බව ද දන්වා තිබේ.

ICC හි ඉහළ පෙළේ නිලධාරීන් කොරෝනා වයිරසය ආසාදනය වූ සේවකයින් කවුරුන්ද යන්න මාධ්‍ය වෙත පවසා නොමැති නමුත්, ඔවුන් සමඟ සමීපව ඇසුරු කළ සියලුම දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන කඳවුරු වෙත යොමු කර තිබේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර කරගනිමින් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කිසිදු බලපෑමක් නොමැති බව එරට රජය සහ සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

timesofindia ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<