ආනන්දයට වැඩ වරදී!

873

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ලුම්බිණි විද්‍යාලය ලකුණු 26-22ක් වශයෙන් පරාජය කරමින් අවසන් මහා තරගයට ආනන්ද විද්‍යාලය සුදුසුකම් ලැබුවේ පසුගිය සති අන්තයේ දී ය. 

ඉන්පසු ඔවුන් වෙත එල්ල වූ “අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමේ” චෝදනාවට ඔවුන් වැරදිකරුවන් වීම හේතුවෙන් එම පාසල තරගාවලියෙන් ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

“පාසල් රග්බි තරගවලට බාධාවක් නෑ!” – රංජිත් චන්ද්‍රසේකර

පාසල් රග්බි තරග සඳහා විනිසුරුවන් ලබා දීම තාවකාලිකව අත්හීටුවීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි…..

ThePapare.com මේ පිළිබඳව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතාගෙන් විමසු අවස්ථාවේ දී,

“අපට මේ ගැන පැමිණිල්ලක් ලැබුණු වහාම අප පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළා, පසුව අපගේ පරීක්ෂණ වල ඔප්පු වුනා ඔවුන් (ආනන්ද විදුහල) ලුම්බිණි විදුහලට එරෙහි අවසන් පූර්ව තරගය සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ ක්‍රීඩකයෙකු යොදා ගෙන ක්‍රීඩා කළ බව”

“වැඩිදුර පරීක්ෂණවලින් පසුව ආනන්ද විදුහල තරගාවලියෙන් ඉවත් කරමින් ලුම්බිණි විදුහලට අවසන් මහා තරගයට සහභාගී වීමට අවස්ථාව ලබා දුන්නා” යනුවෙන් පැවසීය.

වෙළඳසේවා රග්බි නැවතත් සුපුරුදු ක්‍රීඩාංගණයට

49 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය මේ මස 19, 20 හා 21 යන දිනවල දී CR&FC….

ආනන්ද විදුහලෙන් සිදු වූ මෙම නීති කඩ කිරීමේ වරදට තවදුරටත් ඔවුන්ට දඬුවම් විඳීමට සිදු වනු ඇති දැයි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතාගෙන් ThePapare.com විමසූ අවස්ථාවේ දී ඔහු එයට නිසි පිළිතුරක් ලබා දුන්නේ නැත. 

කෙසේ නමුත් අවසාන තීරණයත් සමඟින් ලුම්බිණි විදුහල 19 වැනි සිකුරාදා දින තර්ස්ටන් විදුහලට එරෙහිව මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ක්‍රීඩා කරනු ඇති.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<