මෙවර ලෝක කුසලානය ගැන සංගාගෙන් ඉඟියක්

978
Kumar Sangakkara

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙක් වන කුමාර් සංගක්කාර එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතාමත් උණුසුම් ක්‍රිකට් තරගාවලියක් වනු ඇතැයි පවසා සිටිනවා.

සංගක්කාර එසේ මෙසේ නොවන සභාපති ධූරයකට

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයට දායාද කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස කුමාර්….

ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ සනිටුහන් කළ 41 හැවිරිදි කුමාර් සංගක්කාර නැවතත් ලෝක ක්‍රිකට් පිටියේ කතාබහට ලක්වූයේ පසුගිය 30 වැනිදා එංගලන්තයේ Marylebone ක්‍රිකට් සමාජයේ නව සභාපති ලෙස පත්වීමත් සමඟයි.

“මේ වතාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දක්වා පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම්ම තරගාවලිය වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ පාර තරග වදිනු ලබන කණ්ඩායම් ගොඩක් ඉතාමත් සමබරයි කියලයි මට හිතෙන්නේ, ඒක නිසා මේ තරගාවලියේ තරගකාරීත්වයට නම් කිසිදු හානියක් වන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒක නිසා ප්‍රේක්ෂකයින්ටත් මේ ලැබුණු අවස්ථාව ඉතාමත් වටින නිසා ඔවුන් සෑම තරගයක්ම එක වගේ රස විදියි කියලා මට හිතෙනවා.” යැයි සංගක්කාර එක්තරා පුවත් පතක් සමඟ පැවති සාකච්ඡාවක දී පවසා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විවිධ රටවල් බොහෝමයකට ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට ලබා දී දී තිබෙන අවස්ථාව පිළිබඳව කුමාර් සංගක්කාර පැවසුවේ මෙවැන්නක්.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔවුන්ගේ රාජකාරිය ඉතාමත් හොඳින් ඉටු කරනවා. දැනට ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රධාන වශයෙන් නිරත වන රටවල් හැරෙන්නට අනෙක් රටවල් ක්‍රිකට් ක්‍රීඩාව තුලට ගැනීමට ඔවුන් කරන මෙහෙය මම අගය කරනවා.” යැයි Marylebone Cricket Club හි නව සභාපති ලෙස තේරී පත්වූ සංගක්කාර පැවසීය.”

ආරක්ෂාවට වග කියමින් ක්‍රිකට් ගහපු සෙබළු

2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බියෙන් සහ කලකිරීමෙන් පසුවූ ශ්‍රී ලංකා….

“දේශීය ක්‍රිකට් තරගාවලි ඇතුළුව තවත් ක්‍රිකට් තරගාවලි රැසක් තිබෙන නිසා Marylebone ක්‍රිකට් සමාජය මේ වන විට තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ. ICC එකේ ඉදිරි තරග සැලසුම් අනුව අපි දන්නවා ඉදිරියේ දී ක්‍රිකට් පිටිය ගොඩක් දුරට කාර්‍යබහුල වේවි. ප්‍රේක්ෂකයින් හටත් එය එසේමයි. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉතාමත් සුබ දෙසට යන බවක් පෙනෙන්නට තිබෙනවා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<