අවසන් පන්දුවාරයේ දී ඉසුරු උදාන මැජික් පෙන්වයි

401

දකුණු අප්‍රිකානු Mzansi Super League තරගාවලියේ Paarl Rocks කණ්ඩායම හා Cape Town Blitz කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට Paarl Rocks කණ්ඩායම සමත් විය. ඒ අවසන් පන්දුවාරය යැවූ ඉසුරු උදානගේ දස්කම් නිසාවෙනි. 

තරගයේ පළමුව පන්දුවට පහර දීම සඳහා Paarl Rocks කණ්ඩායම අවස්ථාව උදා කර ගත් අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ හෙන්රි ඩේවිඩ්ස් හා කැමරන් ඩෙල්පෝර්ට් ය. ඔවුන් දෙදෙනාගේ ආරම්භක සබඳතාවය ලකුණු 19කට සීමා කිරීමට වර්නන් පිලෙන්ඩර් සමත් වූයේ කැමරන් ඩෙල්පෝර්ට්ගේ කඩුල්ල දවා ගනිමිනි.

ඉන්දියාව ටෙස්ට් වාර්තා පොත් අලුත් කරයි

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද දින තුනක් ඇතුළත…..

දෙවන කඩුල්ල සඳහා ලකුණු 54ක් එක් කිරීමට ඩේවිඩ්ස් හා ෆෆ් ඩූ ප්ලෙසීස් සමත් වූ අතර දෙවන කඩුල්ල ලෙස ෆෆ් ඩූ ප්ලේසීස් දැවී යන විට ලකුණු 21ක් ලබා සිටියේය. ඉන් අනතුරුව ඩේවිඩ්ස් ලකුණු 46කට දැවී ගිය අතර පිටියෙහි එක්වූ ජේම්ස් වින්ස් හා ඩ්වේන් පිටෝරියස් සාර්ථක ලකුණු පුවරුවක් දක්වා Paarl Rocks කණ්ඩායම කැඳවා ගෙන ගියේය. තරගයේ එකම ශ්‍රී ලාංකික නියෝජනය වූ ඉසුරු උදානට ලකුණු නොලබා පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ ඩේල් ස්‍ටේන්ගේ පන්දුවක් හමුවේ කුවින්ටන් ඩී කොක් හට උඩපන්දුවක් ලබා දෙමිනි. 

නියමිත පන්දුවාර 20 අවසානයේ Paarl Rocks ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 8කට ලකුණු 163ක් ලෙසිනි. පන්දු ‍යැවීමේ දී Cape Town Blitz කණ්ඩායම වෙනුවෙන් ඩේල් ස්ටේන් හා සිසන්ඩා මගලා විසින් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. අනෙකුත් පන්දු ‍යවන්නන් වූ වර්නන් පිලෙන්ඩර්, වහාබ් රියාස්, මොහොමඩ් නවාස් හා ග්‍රෙගරි මහ්ලොක්වනා අතර එක් කඩුල්ල බැගින් බෙදීගියේය. 

ජයග්‍රාහී ලකුණු 164ක ඉලක්කයක් හඹා යාම සඳහා Cape Town Blitz කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ක්වින්ටන් ඩී කොක් හා ජන්නෙමාන් මාලන් ය. ඔවුන් දෙදෙනාගේ ආරම්භක සබඳතාවය ලකුණු 34ක් බවට පත්වන විට පළමු කඩුල්ල ලෙස ඩී කොක් දැවී ගියේය.

Paarl Rocks කණ්ඩායම වෙනුවෙන් තරගයේ 10 වැනි පන්දුවාරය ක්‍රියාත්මක ක ටබ්‍රායිස් ශම්සි එම පන්දුවාරයේ දී ලකුණු 3ක් පමණක් ලබා දෙමින් ලියම් ලිවින්ග්ස්ටෝන් හා අසීෆ් අලී දවා ගත්තේ Cape Town Blitz ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 69ක් බවට පත්කරමිනි. 

ඉන් අනතුරුව පිටියෙහි එක්වූ වර්නන් පිලෙන්ඩර් හා මොහොමඩ් නවාස් ජයග්‍රහණය පෙනෙන මානයට කණ්ඩායම රැගෙන ගිය අතර වර්නන් පිලෙන්ඩර් 17 වැනි පන්දුවාරයේ දී දැවී යන විට පන්දු 25ක දී ලකුණු 33ක් ලබාගෙන සිටියේය.

මලල ක්‍රීඩා දැවැන්තයෙක් ක්‍රිකට් පිටියට!

මීටර 100 ධාවන ඉසව්වේ හිටපු ලෝක ශූරයෙක් වන ජැමෙයිකානු ක්‍රීඩක යොහාන් බ්ලේක් දෙසැම්බර් මස 1 වැනිදා සිට 5 වැනිදා…….

18 වැනි පන්දුවාරයේ දී ප්‍රවේගකාරී පිතිකරු වහාබ් රියාස් පිටියෙන් ඉවත් කිරීමට ඉසුරු උදාන සමත් වූ අතර අවසන් පන්දුවාරය වන විට Cape Town Blitz කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 12ක් පමණි. ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි මොහොමඩ් නවාස් පන්දු 22ක් තුල ලකුණු 41ක් ලබාගෙන Paarl Rocks කණ්ඩායමේ ප්‍රබලතම අභියෝගය බවට පත්ව සිටියේය. 

අවසන් පන්දුවාරය යැවීම සඳහා ෆෆ් ඩූ ප්ලේසීස් පන්දුව ලබා දුන්නේ ඉසුරු උදානටය. පන්දුවට පහර දෙමින් සිටියේ මොහොමඩ් නවාස් ය. යෝකර් පන්දුවක් යොමු කිරීමට උදාන ගත් උත්සාහය තරමක් ව්‍යර්ථ වූ අතර එය full toss පන්දුවක් ලෙස නවාස් වෙත ඇදී ගියේය. 

හයේ පහරක් එල්ල කරන අරමුණින් පන්දුව long off වෙත යොමු කිරීමට උත්සාහ කළ නවාස් හරිහැටි පන්දුව හඳුනා ගෙන තිබුණේ නැත. අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම නවාස් දැවී ගියේ ජේම්ස් වින්ස් හට උඩපන්දුවක් ලබා දෙමිනි. ඒ වන විට ඔහු පන්දු 23ක දී ලකුණු 41ක් ලබා සිටියේ හතරේ පහර දෙකක් හා හයේ පහර තුනක් සමඟිනි. 

නවාස්ගේ දැවී යාම Cape Town Blitz කණ්ඩායමේ පීඩනය වැඩි කිරීමට හේතු වූ අතර ජයග්‍රහණය සඳහා ඔවුන්ට එල්ල වී තිබූ ඉලක්කය පන්දු 5ක දී ලකුණු 12කි. උදානගේ දෙවන පන්දුව යොමු වූයේ සිසන්ඩා මගලා වෙතය. උඩපන්දුවක් ලෙස ඇදී ආ පන්දුව රැකගැනීම සඳහා ඉසුරු උදානට අවස්ථාව තිබුණ ද එය මඟහැරී ගියේය. 

තුන්වැනි පන්දුව leg bye ලකුණක් ලෙස එක්විය. උදාන විසින් යොමු කළ සිව්වැනි පන්දුව wide පන්දුවක් වීම නිසා ජයග්‍රහණය සඳහා Cape Town Blitz කණ්ඩායමට එල්ල වූ ඉලක්කය ලකුණු 9ක් දක්වා අඩු විය. කෙසේ වෙතත් නැවත යැවූ සිව්වැනි පන්දුවට කිසිඳු ලකුණක් ලබා නොදීමට උදාන සමත් වූ අතර අවසන් පන්දු දෙක සඳහා එල්ල වූ ඉලක්කය ලකුණු 9කි.

ශ්‍රී ලංකා ආධිපත්‍ය මෙවර පාකිස්තානය ඩැහැගනී

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ (23) බංග්ලාදේශයේ මීර්පූර්හි ශේරේ බංග්ලා ජාතික……

ඉසුරු උදාන එල්ල කළ පස්වැනි පන්දුව පිත්තෙහි පිටත දාරයෙහි වැදී third man කලාපයෙන් ලකුණු 4ක් ලෙස සටහන් විය. අවසන් පන්දුවේ දී Cape Town Blitz කණ්ඩායම සඳහා ලකුණු 5ක ඉලක්කයක් එල්ල විය. 

ලකුණක් ලබා නොදෙමින් අවසන් පන්දුව wide පන්දුවකට ආසන්නයෙන් යොමු කිරීමට උදාන ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර එය wide පන්දුවක් ලෙස විනිසුරු විසින් සංඥා කළේය. 

ඒ අනුව අවසන් පන්දුවේ දී ලකුණු 4ක් ලබා ගත යුතු විය. අවසන් පන්දුව යොමු වූයේ සිසන්ඩාට ය. ඔහු පන්දුව extra cover කලාපයට යොමුකරමින් ලකුණු දෙකක් ලබා ගැනීමට උත්සාහ කළ අතර දෙවන ලකුණ සම්පූර්ණ කිරීමට පෙර පන්දු යවන අන්තයේ සිටි ග්‍රෙගරි මහ්ලොක්වනා දුවද්දී දැවී යාමකට හසු කර ගැනීම ෆෆ් ඩූ ප්ලෙසීස් හා ඉසුරු උදාන සමත් විය. 

ඒ අනුව අවසන් පන්දුවාරයේ දී ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Paarl Rocks කණ්ඩායම සමත් විය. තරගයේ වීරයා ලෙස හෙන්රි ඩේවිඩ්ස් සම්මාන දිනා ගත්තේය. 

Paarl Rocks – 163/8 (20): හෙන්රි ඩේවිඩ්ස් 46 (33), ඩ්වේන් පිටෝරියස් 29 (16), ඩේල් ස්ටේන් 38/2, සිසන්ඩා මගලා 35/2

Cape Town Blitz – 161/9 (20): මොහොමඩ් නවාස් 41 (23), වර්නන් පිලෙන්ඩර් 33 (25), ඉසුරු උදාන 48/2, ටබ්‍රායිස් ශම්සි 26/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<