මැතිව්ස්ට පන්දු යැවීමේ අවස්ථාව මෙතැන් සිට අවසන්

749
No more bowling for Mathews translation

පසුගිය වසර දෙක පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් විටින් විට පාදයේ ආබාධවලට ලක්වූ අතර මෙතැන් සිට මැතිව්ස් විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් තේරීම් කමිටු සභාපති වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා සන්ඩේ ටයිම්ස් පුවත් පත සමඟ පැවති සාකච්ඡාවක දී පවසා තිබේ.

සුපිරි පළාත් තරගාවලියෙන් ක්‍රීඩකයින්ට ජාතික වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සංවිධාන ශක්තියෙන් දියත් කරනු ලබන “2018 සුපිරි සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලියේ” මුහුරත් අවස්ථාව ඊයේ (27) කොළඹ හිල්ටන් හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය.

“මැතිව්ස්ගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය කාලය තමයි 2013-2016 දක්වා ක්‍රීඩා කළ තරග සමය, ඔහු එම කාලය පුරාවට පැවැත්වූ සෑම තරගයක දී ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඒ කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් තමයි මැතිව්ස් කියන්නේ.” යැයි ග්‍රැහැම් ලැබ්රෝයි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත.

එදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ සිට දක්ෂතම සහ ප්‍රබලතම ක්‍රීඩකයෙක් වන මැතිව්ස් හට පසුගිය වර්ෂය 2-3ක කාලයේ දී තුන් ඉරියව් අංශයෙන් එතරම් දුරට දස්කම් දැක්වීමට නොහැකි වූයේ ඔහුගේ පාදයක ඇති ආබාධ තත්වය නිසාවෙනි. එම නිසා නිමාවූ වසර කිහිපය තුළ ඔහුගේ සහභාගීත්වයෙන් තොරව බොහෝ තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

විවිධ ක්‍රීඩකයින් මනාව යම් සැලසුමකට අනුව කළමනාකරණය කරන්න ඕනේ, මැතිව්ස් වගේම කුසල් ජනිත් පෙරේරා කියන්නේත් මෑත කාලීනව කිහිප වතාවක් ම ආබාධවලට ලක්වූ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙක් යැයි ලැබ්රෝයි මහතා එහි දී වැඩිදුරටත් පවසා ඇත.

“නායකකමට මගේ කිසිම පෙරේතකමක් නැහැ” – මැතිව්ස්

“නායකකමට මගේ කිසිම පෙරේතකමක් නැහැ” – මැතිව්ස්

“අපි හිතමු ටෙස්ට් තරග තුනක් තියෙනවා කියලා. මැතිව්ස්ව තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරවන්න අපිට අවශ්‍ය නෑ. මොකද එය රඳා පවතින්නේ තරගයේ වැදගත්කම අනුවයි. ඔහුට ලකුණු ලබා ගැනීමට නොහැකි වුනා නම් වගේම වැඩි කාලයක් පළමු තරග දෙකේ ක්‍රීඩා කරන්න ලැබුණේ නැතිනම් අපිට පුළුවන් මැතිව්ස් තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරවන්න. ඔහු පළමු ටෙස්ට් තරග දෙකේ ලොකු ශතක දෙකක් එක්ක පිටියේ වැඩි වේලාවක් රැඳී සිටියා නම් තෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට මැතිව්ස් අවශ්‍යම නෑ.” යැයි ලැබ්රෝයි මහතා පවසා තිබේ.

වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන ඉතාමත් කාර්‍යබහුල වී තිබේ. එය යම් ආකාරයකින් ක්‍රීඩකයින් හට මෙලෙස නිරතුරුවම ආබාධවලට ලක්කිරීමටත් එක හේතුවක් වීමට ඉඩකඩ තිබේ.

දැනට ක්‍රියාත්මක වන සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම් නායකයා ලෙස මැතිව්ස් නම් කර තිබෙන අතර එළඹෙන කොදෙව් සංචාරය ඉලක්ක කරගෙන මැතිව්ස් හට මෙම අවස්ථාව ලබා දුන් බව එම තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී අසන්නට ලැබුණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ලැබ්රෝයි මහතා මැතිව්ස් පිළිබඳව මෙසේ පවසන ලදි.

“අපේ කෙටිකාලීන සැලසුම් අතර ඉහළින්ම තියෙන්නේ මැතිව්ස්ට තව ටික කාලයක් විවේක ගන්වලා කොදෙව් සංචාරයට සහභාගි කරවා ගැනීම සඳහා සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක පවත්වා ගැනීම. දිගු කාලීන අරමුණ හා සැලසුම තමයි මැතිව්ස් ලබන වසරේ පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවා ගැනීම.”

ඉන්දියාවට එරෙහිව සිංහයින්ගේ හොඳම එක්දින පන්දු යැවීම්

සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය …

“අපේ මූලිකම ඉලක්කය ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. එම තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් කවුද කියලා හොයාගන්න නම් එම තරගාවලියට පිටත්ව යන සංචිතය තෝරා ගැනීමට පෙර එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා හඳුනා ගත් ක්‍රීඩකයින් අවම වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ තරග 15කටවත් ක්‍රීඩා කරන්න ඕන. ඒක නිසා අපි දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කරලා මෙරට දී තරගාවලියක් සූදානම් කර ගත්තා, එම තරගාවලිය ටෙස්ට් තරග, එක්දින තරග හා විස්සයි විස්ස තරග පැවැත්වෙන අංග සම්පූර්ණ තරගාවලියක්.”

මැතිව්ස්ගේ තුන් ඉරියව් දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමබරතාවය සඳහා බෙහෙවින් බලපෑම් එල්ල කරන ලදි. කෙසේ නමුත් මේ වන විට ඔහුව පන්දු යවන්නෙක් ලෙස භාවිතා කිරීමට නොහැකිව ඇත්තේ ඔහුගේ පාදයේ ඇති ආබාධ තත්ත්වය නිසාවෙනි. එම නිසා මැතිව්ස් ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂඥ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<