19න් පහළ පළමු කොටසේ තරග වදින පාසල් මොනවා ද?

69

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටියේ මෞලි මංගල්‍යය බඳු වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ 2019/20 තරග වාරය ආරම්භ කිරීමට කණ්ඩායම් 36ක් කඩිමුඩියේ සූදානම් වෙති. 

ලහිරු, අන්තෝනුවෝ අවසන් තරගයට ගෙන එයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු …

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය කණ්ඩායම් 9කින් සමන්විත කාණ්ඩ 4කින් යුක්තය. එක් එක් කණ්ඩායම් තම කාණ්ඩයේ සෑම කණ්ඩායමක් සමඟම මූලික වටයේ දී තරග වැදීමට නියමිත ය. එම තරග 2020 වසරේ පෙබරවාරි මස 15 වැනි දිනට ප්‍රථම අවසන් කළ යුතුය. තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමකටම තමන් විසින් නම් කරනු ලබන සාම්ප්‍රදායික තරග 7ක් ද එක් කර ගත හැකි අතර එම තරග ද එළඹෙන වසරේ පෙබරවාරි මස 29 වැනි දිනට ප්‍රථම අවසන් කළ යුතුය. 

මෙම තරගාවලියේ පසුගිය වසරේ අවසන් මහා තරගය සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සුදුසුකම් ලබා ගත් අතර එහි දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලැබූ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ 2018/19 වසරේ ශූරතාව මරදානට රැගෙන ගියහ. ඒ අභිමානයත් සමගින් ඔවුන් මෙවර තරගාවලියේ දී A කාණ්ඩයේ පළමුවැනියා වෙමින් තරගාවලියට එක් වීමට නියමිත ය. 

අනුශූර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය B කාණ්ඩයේ පළමුවැනියා වෙමින් මෙවර තරගාවලියට එක් වේ. ඔවුන් පසුගිය වසරේ මෙම වයස් කාණ්ඩයෙන් පැවති එක්දින තරගාවලියේ ශූරයන් වූයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කරමිනි. රිච්මන්ඩ් විද්‍යාලය මෙවර D කාණ්ඩයෙන් තරගාවලියට එක් වේ. 

පසුගිය වසරේ දෙවැනි කාණ්ඩයෙන් තරග වැදුණ කොළඹ රාජකීය විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය මෙවර පළමු කාණ්ඩයට උසස් වීම් ලබන්නේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමත් සමඟිනි. අවසන් මහා තරගයේ ජයග්‍රාහකයන් වූ රාජකීය විද්‍යාලය මෙවර පළමු කොටසේ තරගාවලියට එක් වෙන්නේ A කාණ්ඩයෙනි. 

දෙපසට දෝලනය වූ යොවුන් ආසියානු කුසලානය ඉන්දියාව ළඟ නතර වෙයි!

පෙරළිකාර සිදුවීම් රැසකින් සමන්විත වූ මෙවර යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය …

2018/19 අනුශූර සාන්ත අන්තෝනි විද්‍යාලය තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩය නියෝජනය කරමිනි. එම කාණ්ඩයෙන් පසුගිය වසරේ එක්දින ශූරයන් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ද තරග වැදීමට නියමිත ය. 

තරගාවලියේ පසුගිය වසරේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එවර තම ස්ථාන තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි කාණ්ඩය දක්වා පහත වැටීමට සිදු විය. 

“මෙවර තරගාවලිය අපි නව ආරෙකට, නව සැලසුමක් යටතේ පැවැත්වීමට අදහස් කරනවා. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 18 අපි Tier A ලෙසත් ඉතිරි කණ්ඩායම් 18, Tier B යොදා ගනිමින් දෙවැනි වටයේ තරගාවලිය පවත්වනවා. නව සැලසුම යටතේ සෑම කණ්ඩායමක් ම Tier A කොටස නියෝජනය කිරීමට උත්සාහ කරාවි. මම විශ්වාස කරනවා මේ හේතුව නිසා ම වෙනත් වසරවලට වඩා මේ වසරේ දී තරගාවලිය වැඩි තරගකාරීත්වයකින් වැඩි වේවි කියලා.” ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම් ජේ. ඒ. කේ. එස්. ඉන්ද්‍රජිත් මහතා Thepapare.com සමඟ පැවැසුවේය. 

මෙවර වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් 250කට අධික සංඛ්‍යාවක් තරග වැදීමට නියමිත බැව් ද ඒ මහතා පැවැසුවේ ය. ඒ අනුව පළමු කොටස නියෝජනය කරමින් කණ්ඩායම් 36ක් ද, දෙවැනි කොටස නියෝජනය කරමින් කණ්ඩායම් 34ක් ද, තෙවැනි කොටසේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 63ක් ද සහ තෙවැනි කොටසේ දෙවැනි කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 120කට අධික සංඛ්‍යාවක් ද තරග බිමට පිවිසීමට නියමිත ය.

2019/20 වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන් පාසල් ක්‍රිකට් කණ්ඩායම්

 A කාණ්ඩය

සාන්ත ජෝසප් විද්‍යාලය (කොළඹ) රාජකීය විද්‍යාලය (කොළඹ) මහින්ද විද්‍යාලය (ගාල්ල) ද මැසිනෝද් විද්‍යාලය (කඳාන) මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (මීගමුව) ඉසිපතන විද්‍යාලය (කොළඹ) සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (කොටහේන) සාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල) ඩී. එස්. සේනානායක විද්‍යාලය (කොළඹ)

B කාණ්ඩය

සාන්ත තෝමස් විද්‍යාලය (ගල්කිස්ස) සාන්ත අන්තෝනි විද්‍යාලය (කටුගස්තොට) වේල්ස් කුමාර විද්‍යාලය (මොරටුව) සාන්ත ආනා විද්‍යාලය (කුරුණෑගල) සාන්ත පීතර විද්‍යාලය (බම්බලපිටිය) ධර්මපාල විද්‍යාලය (පන්නිපිටිය) මොරටු මහා විද්‍යාලය (මොරටුව) ධර්මරාජ විද්‍යාලය (මහනුවර) ධර්මාශෝක විද්‍යාලය (අම්බලන්ගොඩ)

බංගලියන් නිසා ඉදිරිය අහිමි වූ ශ්‍රී ලංකා දක්ෂතා

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වයෙන් යුත් වයස අවුරුදු …

C කාණ්ඩය

නාලන්දා විද්‍යාලය (කොළඹ) සාන්ත අන්තෝනි විද්‍යාලය (වත්තල) තර්ස්ටන් විද්‍යාලය (කොළඹ) දේවපතිරාජ විද්‍යාලය (රත්ගම) සාන්ත සර්වේශස් විද්‍යාලය (මාතර) ගුරුකුල විද්‍යාලය (කැළණිය) මහානාම විද්‍යාලය (කොළඹ) මලියදේව විද්‍යාලය (කුරුණෑගල) සාන්ත සිල්වෙස්තර විද්‍යාලය (මහනුවර)

D කාණ්ඩය

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (මොරටුව) සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (වෙන්නප්පුව) ත්‍රිත්ව විද්‍යාලය (මහනුවර) සාන්ත තෝමස් විද්‍යාලය (මාතර) රිච්මන්ඩ් විද්‍යාලය (ගාල්ල) ලුම්බිණි විද්‍යාලය (කොළඹ) සහිරා විද්‍යාලය (කොළඹ) වෙස්ලි විද්‍යාලය (කොළඹ) ආනන්ද විද්‍යාලය (කොළඹ)  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<