ජෙස්න් ගේ ශතකය නැගී එන කණ්ඩායමට සවියක් වෙයි

229
Sri Lanka Development team vs South Africa Emerging

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරඟයේ පළමු දිනය ඊයේ (14) පොට්චෙෆ්ට්‍රෝන් හිදී පැවැත්විණි. එම තරගයේ පළමු දිනයට තරඟය නවත්වන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 352ක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: අවිශ්ක – සම්මු විශිෂ්ට හඹායාමක

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර කැරබෝ මොගට්සි හා සයිමන් මොසෙවුන්යාන් කොමාරි පළමු කඩුල්ල සඳහා ලකුණු 76 අනර්ඝ සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 76ක් ලබාගෙන සිටින විට ඔවුන් දෙදෙනාව දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. මොගොට්සි 4 පහරවල් 4ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 30ක්ද, කොමාරි 4 පහරවල් 7කින් ලකුණු 43ක් ද ලබාගන්නා ලදි.

අනතුරුව යළිත් තෙවන කඩුල්ල සඳහා ලකුණු 73 ක සබඳතාවයක් ගොඩනැගුණු අතර බොන්ගුමුසා සිබොනලා මකහන්යා 4 පහරවල් 6 ක් සමඟ ලකුණු 30 ක් දක්වා තම ඉණිම ගොඩනැංවීමට ඔහු සමත් විය.

ජොකොබ්ස් ලෙවුස් ඩියු ප්ලොයි වර්ණවත් 4 පහරවල් 9ක් සමඟ ලකුණු 46කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කරන ලදි. ඔහු ඉණිමේ 4 වන කඩුල්ල ලෙස දැවීගිය පසු 5 වන කඩුල්ල සඳහා ලකුණු 50ක සබඳතාවයක් ගොඩනැංවීමට නායක මරකස් ජැනී අකර්මන් හා ජේසන් ස්මිත් සමත් විය. එහිදී නායක අකෙර්මාන් ලකුණු 16කට දැවීයන ලදි. ලකුණු 81ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට ස්මිත් හා රිවැල්ඩෝ මුන්සාමි සමත් විය.

පළමු  ඉණිම තව තවත් සවිමත් කල එම සබඳතාවය බිදදමිමින් රුමේෂ් බුද්ධික මූනසාමිව ලකුණු 17කට දවාලන ලදි. පළමු දිනය අවසන් වන විට 7 වන කඩුල්ල සඳහා යළිත් ලකුණු 64* ක නොබිදනු විශිෂ්ට සබඳතාවයක් ස්මිත් හා පැට්රික් එර්ල් කුරුගර් ගොඩනංවන ලදි.

විශිෂ්ට ඉණිමක නිරත වන ස්මිත් 4 පහරවල් 13ක් හා දැවැන්ත 6 පහරවල් 4ක් සමඟ නොදැවී ලකුණු 124*.

පළමු දිනය අවසන් වනවිට,

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම – 352- 6 (85)* ජේසන් ස්මිත් 124*, ජොකොබ්ස් ලෙවුස් ඩියු  ප්ලොයි 46, සයිමන් මොසෙවුන්යාන් කොමාරි 43,, කේෂාන් 2/64 විජේරත්න , අමිල අපෝන්සු 2/82

අද (15) තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට