කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර ඩබ්. ඒ.  ද සිල්වා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති 40 වැනි එක්දින තරගය කඩුලු 4කින් ජය ගත් ඉසිපතන විද්‍යාලය 18 වැනි වතාවත් එම ශූරතාව තමන් සතු කර ගත්තේ වසර තුනක් නොකඩවා ඉදිරියට පැමිණි තර්ස්ටන් එක්දින ජයග්‍රහණ රැල්ලට තිත තබමිනි.

වාර්තා සමඟින් සාන්තුවරුන්ගේ සටන නිමා වෙයි

සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 86 වැනි සාන්තුවරුන්ගේ සටන අද (07) ජය පරාජයෙන්…..

තර්ස්ටන් පිටියේ දී අද (8) පැවති මෙම තරගයේ දී ඉසිපතන විද්‍යාලය ජයග්‍රහණය වෙත රැගෙන ගිය වමත් ආරම්භක පිතිකරුවෙකු වන තෙවිඳු දික්වැල්ල දක්ෂ පිතිකරණයක නිරත වූ අතර සවිඳු උත්සර පන්දු යැවීමෙන් දස්කම් දක්වන ලදි.

දෙදින මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් මෙම විද්‍යාල දෙක එක්දින තරගය වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ තර්ස්ටන් නායක ජයවිහාන් ප්‍රදීප්ත පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

එහි දී තර්ස්ටන් විද්‍යාලය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 202ක් වාර්තා කර ගත් අතර යොවුන් මැදපෙළ පිතිකරු ධනංජ සිල්වා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 47*ක් ලබා ගත්තේය. 

Photos: Isipathana College v Thurstan College | Limited Overs Encounter 2020

ඔහුට සහය වූ මුල්පෙළ පිතිකරුවෙක් වන අවිශ්ක කෞශල්‍ය ලකුණු 44ක් ලබා ගන්නා විට නායක ජයවිහාන්ගේ ඉනිම ලකුණු 40කට සීමා කිරීමට වමතින් දඟපන්දු යවන සවිඳු උත්සර ඇතුළු ඉසිපතන විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 203ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ ඉසිපතන විද්‍යාලය තරගයේ පළමු පන්දුවේ සිටම ඉතාමත් හොඳ සැලැස්මකට අනුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සතුව සිටින ප්‍රහාරාත්මකම පිතිකරුවෙක් වන තෙවිඳු දික්වැල්ල මේ තරගයේ දී වර්ණවත් සහ සටන්කාමි ශතකයක් ලබා ගත්තේ 2016 වසරට පසුව නැවතත් ඩබ්. ඒ.  ද සිල්වා අනුස්මරණ කුසලානය සිය විද්‍යාලයට දිනා දෙමිනි.

රන් මහා සටනේ 68 වැනි දිග හැරුම ජය පැරදුමෙන් තොරව නිමා වේ

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවති 68 වැනි රන් මහ සටන අද (7) මොරටුව ද සොයිසා…..

දික්වැල්ල හට සහය වූ අනෙක් මුල් පෙළ පිතිකරුවෙක් වන රවිඳු රත්නායක ලබා ගත් ලකුණු 34 ද ඉසිපතන ජයග්‍රහණ සඳහා මාර්ගය විවර කළේය. පන්දු යැවීමේ දී පිතිකරණයෙන් ද දස්කම් දැක්වූ ධනංජ සිල්වා ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තේය.

තර්ස්ටන් විද්‍යාලය – 202/9 (50) ධනංජ සිල්වා 47*, අවිශ්ක කෞශල්‍ය 44, ජයවිහාන් ප්‍රදීප්ත 40, විහාස් තෙව්මික 22, සවිඳු උත්සර 4/34.

ඉසිපතන විද්‍යාලය – 203/6 (44.3) තෙවිඳු දික්වැල්ල 101, රවිඳු රත්නායක 34, ධනංජ සිල්වා 3/38.

දෙරට අතර 13 වැනි වතාවටත් පැවැත්වෙන විස්සයි විස්ස මහා ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා කොළඹ තර්ස්ටන් පිටියේ දී ම පැවැත්වේ. එහි තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<