3 වැනි වරටත් පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 3ක් සමඟින් තරගාවලිය නිමා කිරීමට ශ්‍රී ලංකාව යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට හැකි විය. ඒ තරගාවලියේ අවසන් දිනය වූ අද (17) ලබා ගත් රිදී පදක්කම හා ලෝකඩ පදක්කම ද සමඟිනි.
රටවල් 7ක් අතරින් නවිෂ්ක රිදි පදක්කම දිනයි
තුන්වැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අද (16) ආරම්භ විය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් අද දිනයේදීත් තරග කිහිපයකටම සහභාගී වූ අතර ඒ අතරින් නවිෂ්ක…

අවසන් තරගයේ දී අමේශාගේ ආරම්භය එතරම් සාර්ථක නොවූවද තරගයේ දෙවන අර්ධය සාර්ථකව නිමා කිරීමට ඇය සමත් වීම විශේෂත්වයකි. තායිලන්ත ක්‍රීඩිකා Arisa Weruwanarak එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර රිදී පදක්කම තායිපේ ක්‍රීඩිකා Jui-Hsuan Yang විසින් දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වැනි සහ අවසන් පදක්කම පිරිමි මිශ්‍ර සහය දිවීමේ තරගය සඳහා සහභාගී වූ යොවුන් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය. එම සහය දිවීමේ තරගයේ දී ඔවුන්ට මීටර් 100, 200, 300 හා 400 ලෙස ඉසව් 4ක් සම්පූර්ණ කිරීමට සිදු විය.
මලින්ද හා නවිෂ්කගෙන් සුපිරි දස්කම්; තවත් හතරක් ඉදිරියට
තෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද (15) හොංකොං හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට ආරම්භ විය. ඔලිම්පික් සිහිනය සිතේ දරාගෙන එන…
ශ්‍රී ලංකාව වෙනුවෙන් හිරූෂ හශේන්, ශෙමාල් මිලින්ද, ඉසුරු අබේවර්ධන සමඟින් මෙවර තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දී රිදී පදක්කම දිනා ගත් නවිශ්ක සංදේශ් මෙම ජයග්‍රාහී කණ්ඩායමට ඇතුළත් විය.

ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමේ ආසන්න අවස්ථාවක් මගහැරී ගියේ කණ්ඩායම් නායිකා ශානිකා ලක්මාලි මීටර් 800 අවසන් තරගයේ දී සිව්වැනි ස්ථානය ලබා ගැනීම නිසාවෙනි.
උස පැනීමේ අවසන් තරගයට ක්‍රීඩා කළ නෙත්මිණී පල්ලේගම ක්‍රීඩිකාවට ද එම තරගයේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූයේ අවාසනාවන්ත අයුරිනි. එහි දී ඇය මීටර් 1.65 සීමාව පසු කළ නමුත් ලෝකඩ පදක්කම සඳහා ඉලක්කගත සීමාව වූ මීටර් 1.69 පසුකර යාමට නොහැකි විය.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සිංහයින්ගේ කාලසටහන
යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට හොංකොං හිදී ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙක්…

ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර ඒ අතරින් නවිශ්ක සංදේශ් පිරිමි මීටර් 400 ඉසව්වේ දී රිදී පදක්කම ලබා ගත් අතර පිරිමි මිශ්‍ර සහය දිවීමේ තරග ඉසව්වේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම ජයග්‍රහණය කළේය.
කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩිකාව වූ අමේශා හෙට්ටිආරච්චි මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වීම මලල ක්‍රීඩා අනාගතය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හැකි බවට හොඳ සාක්ෂියකි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















