රටවල් 7ක් අතරින් නවිෂ්ක රිදි පදක්කම දිනයි

198

තුන්වැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අද (16) ආරම්භ විය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් අද දිනයේදීත් තරග කිහිපයකටම සහභාගී වූ අතර ඒ අතරින් නවිෂ්ක සන්දෙෂ් තරග වැදුණු තරගය ඉතාමත් සුවිශේෂී වූයේ ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ නිසාවෙනි.  

මලින්ද හා නවිෂ්කගෙන් සුපිරි දස්කම්; තවත් හතරක් ඉදිරියට

තෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද (15) හොංකොං හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට ආරම්භ විය. ඔලිම්පික්

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථම ජයග්‍රහණය ලබා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සංදේශ් සමත් වූයේ පිරිමි මීටර් 400 තරගයේ දෙවන ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාව දිනා ගත් ප්‍රථම පදක්කමේ හිමිකාරයා වෙමිනි.

මෙම ඉසව්ව සඳහා රටවල් 7ක ක්‍රීඩකයන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.55ට ආරම්භ වූ මෙම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඉන්දියානු ක්‍රීඩක අබ්දුල් රසාක් සමත් විය.

>> සම්පූර්ණ තරග කාලසටහන සඳහා පිවිසෙන්න <<

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා සංචිතයේ ප්‍රබල බලාපොරොත්තුවක් වූ  සන්දෙෂ් තරගය අරම්භයේ පටන් ඉතාමත් සාර්ථක ලෙස ධාවනයේ යෙදුණු අතර සන්දෙෂ් දෙවැනියා ලෙස තරගය නිමා කරනු ලැබුවේ රසාක්ට වඩා තත්පර 0.09ක් පිටුපසින් සිටිමිනි. නවිෂ්ක මෙම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර 48.26ක්.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සිංහයින්ගේ කාලසටහන

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට හොංකොං හිදී

හෙට (17) දිනයේත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන තරග කිහිපයක්ම පැවැත්වෙන අතර මෙම තරගාවලියේ සියලුම තතු, තරග වාර්තා ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<