රංගනගේ දඟ පන්දුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්

744
Sri Lanka vs Australia 3rd test cricket day 3

කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 3වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3වන දිනය අවසන් වන විට, වරෙක ඔස්ට්‍රේලියාව අතැතිව තිබු තරගයේ වාසිය මදක් ශ්‍රී ලංකාව වෙතට හරවන්නට රංගන හේරත් ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් විය. ඒ එක් කඩුල්ලකට ලකුණු 267ක් ලබා සිටි ඕස්ට්‍රේලියාවේ අවසන් කඩුලු 9 ලකුණු 112කට බිඳ දමමිනුයි.

පසුගිය ලිපි: ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගෙන් අභියෝගයක්

අද දිනයට තරගය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 141ක් ලබා සිටින ලදී. ඊයේ දිනය තුළ අර්ධ ශතක ලබා සිටි ෂෝන් මාෂ් සහ නායක ස්ටීවන් ස්මිත් දෙදෙනාම අද දිනය තුල තම ශතක සම්පූර්ණ කර ගන්නට සමත්විය.

මාෂ් පළමුවෙන් එම කඩඉම වෙතට ළඟාවූ අතර එය ඔහුගේ 4වන ටෙස්ට් ශතකයයි. ස්ටීවන් ස්මිත් අද සිය 15 වන ටෙස්ට් ශතකය වාර්තා කරන්නට සමත් විය. අද දිවා ආහාර විවේකයෙන් පසුවත් දෙවන කඩුල්ලේ සබඳතාව ඉදිරියට ගෙන ගිය ස්මිත් – මාෂ් යුගලය එක්ව රැස් කළ ලකුණු සංඛ්‍යාව 246ක්.

267/1 ලෙස ලකුණු පුවරුව සටහන් වන තෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල තත්වයකට ගෙන ගිය මේ සබඳතාව බිඳ දමන්නට, දෙවන නව පන්දුව අතට ගත් සුරංග ලක්මාල් සමත් විය. දිගු සබඳතාවක එක පිතිකරුවෙක් දැවී ගිය පසු අනෙක් කඩුල්ලත් ඉක්මනින් බිඳ වැටෙන බවට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇති විශ්වාසය සනාථ කරමින් ඉන් පන්දු 15කට පසු ස්ටීවන් ස්මිත්ගේ ඉනිමද අවසන් වුණේ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේයි.

ෂෝන් මාෂ් හතරේ පහර 19ක් සමග ලකුණු 130ක් රැස් කළ අතර ස්ටීවන් ස්මිත් ලකුණු 119ක් ලබා ගත්තේ හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගිනුයි.

ඊයේ දිනයේදී පන්දුව ඇඟේ වැදීමෙන් ඇතිවූ ආබාධය හේතුවෙන් තරමක පසුබෑමකින් පන්දු යැවූ රංගන හේරත් අද සවස් වරුව වන විට යලිත් තම සුපුරුදු රිද්මයට අවතීර්ණ වීමත් සමග තරගයේ ඕස්ට්‍රේලියානු ආධිපත්‍ය කෙමෙන් ගිලිහෙන්නට විය. ඇඩම් වෝජස් ලකුණු 22කටත්, මොයිසස් හෙන්රික්ස් ලකුණු 4කටත් දැවී ගියේ රංගනගේ දෙවන සහ තුන්වන කඩුලු ලෙසිනි.

තම වැඩිමහල් සොහොයුරාගේ ශතකය ආදර්ශයට ගත් මිචෙල් මාෂ් අර්ධ ශතකයකින් තම කණ්ඩායමට දායකත්වය සපයන්නට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුලු 5 දැවීගිය ලකුණු සංඛ්‍යාවටම (26) ඕස්ට්‍රේලියාවේ අවසන් කඩුලු 5 බිඳ වැටුනේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 379කට සීමා කරමිනුයි. යලිත් වරක් ශ්‍රී ලංකා පන්දු බල ඇණියට නායකත්වය දුන් රංගන හේරත් ලකුණු 81කට කඩුලු 6ක් බිඳ හෙලන්නට සමත් විය. දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් දවා ගන්නා ලදී.

මේ අනුව ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 24ක වාසියක් අත්පත් කර ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ දිල්රුවන් පෙරේරා සමගිනි. මිචෙල් ස්ටාක් යැවූ පළමු පන්දු 3 තුළ හතරේ පහර 2ක් එල්ල කරමින් මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාවූ හොඳම ආරම්භක සබඳතාව ගොඩනැගු දිල්රුවන් සිව්වන පන්දුවෙන් දවාගන්නට ස්ටාක් සමත් විය.

කෙසේවෙතත් ඉන් අනතුරුව දිමුත් සමග එක්වූ කෞෂාල් කඩුලු ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදෙන්නට සමත් වූ අතර දිනය අවසන් වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම සටහන් වූයේ එක් කඩුල්ලකට ලකුණු 22ක් ලෙසිනි.

මේ අනුව එළඹෙන අවසන් දින දෙක තුළ මේ තරගය කණ්ඩායම් දෙකටම එක් ඉනිම බැගින් හිමි වන තරගයක් වැනි ස්වභාවයක් පෙන්නුම් කරනු ඇති. හෙට දිනයේදී පිතිකරුවන් තම වගකීම නිසි ලෙස ඉටු කළහොත් වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට අමතරව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථානයෙන් පහතට ඇද දැමීම සඳහා දායක වන්නටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

Batsmen Dismissal Runs Balls
Kaushal Silva  c Smith b Starc 0 15
Dimuth Karunarathne   b Starc 7 34
Kusal Perera c Smith b Lyon 16 32
Kusal Mendis c Smith b Starc 1 12
Angelo Mathews  c Starc b Lyon 1 4
Dinesh Chandimal c Nevill b Starc 132 356
Dhananjaya De Silva c S Marsh b Lyon 129 280
Dilruwan Perera c Lyon b Holland 16 25
Rangana Herath Retired Hurt 33 71
Suranga Lakmal c M Marsh b Starc 5 11
Lakshan Sandakan Not Out 4 8
Extras (11) TOTAL 355 (141.1 overs)

Fall of wickets :  1-2 (Silva, 4.4 ov), 2-21 (MDKJ Perera, 11.6 ov), 3-23 (Karunaratne, 14.1 ov), 4-24 (Mathews, 15.1 ov), 5-26 (Mendis, 16.2 ov), 6-237 (de Silva, 103.2 ov), 7-267 (MDK Perera, 109.6 ov), 7-340* (Herath, retired not out, 136.6 ov), 8-348 (Chandimal, 139.2 ov), 9-355 (Lakmal, 141.1 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  25.1 11 63 5
Josh Hazelwood 18 4 52 0
Nathan Lyon 50 11 110 3
Jon Holland 37 8 69 1
Mitchell Marsh 10 1 45 0
Steve Smith 1 0 5 0
Batsmen Dismissal Runs Balls
David Warner  c K Perera b De Silva 11 9
Shaun Marsh b Lakmal 130 281
Steve Smith st K Perera b Herath 119 218
Adam Voges   LBW b Herath 22 63
Moises Henriques st K Perera b Herath 4 13
Mitchell Marsh c Mendis b Herath 53 92
Peter Nevill  LBW b D Perera 14 34
Mitchell Starc Not Out 9 19
Nathan Lyon c Mendis b D Perera 3 9
Josh Hazelwood  b Herath 0 6
Jon Holland c Mathews b Herath 1 7
Extras (13) TOTAL 379 (125.1 overs)

Fall of wickets : 1-21 (Warner, 3.6 ov), 2-267 (SE Marsh, 82.5 ov), 3-275 (Smith, 85.2 ov), 4-283 (Henriques, 89.1 ov), 5-316 (Voges, 103.5 ov), 6-353 (Nevill, 114.6 ov), 7-367 (MR Marsh, 119.5 ov), 8-376 (Lyon, 122.2 ov), 9-377 (Hazlewood, 123.5 ov),10-379 (Holland, 125.1 ov)

Bowler Overs Maidens Runs Wickets
Dilruwan Perera  44 4 129 2
Dhananjaya De Silva 7 0 27 1
Rangana Herath  38.1 11 81 6
Lakshan Sandakan 19 0 70 0
Suranga Lakmal 13 0 54 1
Angelo Mathews 4 1 5 0
Batsmen Dismissal Runs Balls
Dilruwan Perera  LBW b Starc 8 4
Dimuth Karunarathne  Not Out 8 12
Kaushal Silva Not Out 6 14
Extras (0) TOTAL 22/1 (5 overs)

Fall of wickets :  1-8 (MDK Perera, 0.4 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  3 0 19 1
Nathan Lyon 2 0 3 0