ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සිංහයින්ගේ කාලසටහන

213

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන්  පෙරවරු 8.30ට හොංකොං හිදී ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙක් මෙම තරගාවලිය සඳහා සහභාගි විය.

2020 ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා සඳහා පරිසාධන මට්ටම් නිකුත් කෙරේ

ලබන වසරේ ජපානයේ ටෝකියෝ අගනුවර ….

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකින් අනතුරුව තේරී පත්වූ දක්ෂ ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ මැදි දුර ධාවන ශූර ශානිකා ලක්ෂානි හටයි.

අද පෙරවරු 9.10ට සන්දීපා හෙන්ඩර්සන්ගේ 100M ප්‍රථම වටයේ තරගයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් දස්කම් ආරම්භ වනු ඇත. දින තුනක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුව පවතී.

පිරිමි – රුමේෂ් තරංග (කවපෙත්ත විසිකිරීම/ හෙල්ල විසිකිරීම), ලහිරු ගුරුසිංහ (2000m Steeple chase), රොෂාන් දුල්මින් (උස පැනීම), මිලින්ද පෙරේරා (100m/200m), හිරුෂ හෂෙන්  (දුර පැනීම), ඉසුරු අබේවර්ධන (400m), නවිෂ්ක සංදීප (400m)

මිශ්‍ර සහය දිවීම  – මිලින්ද පෙරේරා, හිරුෂ හේෂාන්, ඉසුරු අබේවර්ධන, නවිෂ්ක සංදීප

කාන්තා – ශානිකා ලක්ෂානි (800m), PPIN පල්ලේගම (දුර පැනීම), සංදීප  හෙන්ඩර්සන් (100m/200m), අමාෂා හෙට්ටිආරච්චි (400m Hurdles), කාවින්දි සංජානා (400m), දිල්මි  දහනායක (100m)

මිශ්‍ර සහය  – සංදීපා හෙන්ඩර්සන්, අමාෂා හෙට්ටිආරච්චි, කාවින්දි සංජානා, දිල්මි  දහනායක

අද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සහභාගී වන ඉසව් 4ක් පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියේ සියලුම තතු, තරග වාර්තා, තරග ඡායාරූප ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

තරග කාලසටහන පහත පරිදි වේ

HONG KONG TIME SRI LANKA TME Event Stage          NAME                                                       
11:00 8:30 AM OPENING CEREMONY    
11:40 9:10 AM 100M R1 SADEEPA HENDERSON
12:17 9:47 AM 100M R1 SHEMAL MILINDA PERERA / HIRUSHA HASHEN
       
DAY 1- FRIDAY EVENING, 15 MARCH
14:35 12:05 PM 400M R1 KAVINDI EDIRISINGHE
15:00 12:30 PM 400M R1 ISURU ABAYAWARDANA / NAVISHKA SANDEESSH
         
DAY 2 – SATURDAY MORNING,16 MARCH
9:45 7:15 AM LONG JUMP FIN HIRUSHA HASHEN
10:15 7:45 AM 400M H R1 AMESHA HETTIARACHCHI
11:30 9:00 AM 200M R1 SADEEPA HENDERSON
11:55 9:25 AM 200M R1 SHEMAL MILINDA PERERA
12:33 10:03 AM 800M R1 SHANIKA LAKSHANI
         
DAY 2 – SATURDAY EVENING – 16 MARCH
14:05 11:35 AM HIGH JUMP      ROSHEN DULMIN
14:20 11:50 AM 2000M SC FINAL LAHIRU GARUSINGHE
14:35 12:05 PM 100M SF SADEEPA HENDERSON
14:55 12:25 PM 100M SF SHEMAL MILINDA PERERA / HIRUSHA HASHEN
15:46 1:16 PM 400M FINAL KAVINDI EDIRISINGHE
15:55 1:25 PM 400M FINAL ISURU ABAYAWARDANA / NAVISHKA SANDEESSH
16:05 1:35 PM DISCUS THROW FINAL RUMESH THARANGA
16:55 2:25 PM 100M FINAL SADEEPA HENDERSON
17:05 2:35 PM 100M FINAL SHEMAL MILINDA PERERA / HIRUSHA HASHEN
         
DAY 3 – SUNDAY 17 MARCH
9:00 6:30 AM 200M SF SADEEPA HENDERSON
9:25 6:55 AM 200M SF SHEMAL MILINDA PERERA
10:10 7:40 AM HIGH JUMP FINAL ISHARA PALLEGAMA
10:20 7:50 AM 400M H FINAL AMESHA HETTIARACHCHI
11:00 8:30 AM 800M FINAL SHANIKA LAKSHANI
12:05 9:35 AM JAVELIN THROW FINAL RUMESH THARANGA
12:45 10:15 AM 200M FINAL SADEEPA HENDERSON
12:53 10:23 AM 200M FINAL SHEMAL MILINDA PERERA
14:05 11:35 AM MEDLEY R FINAL
14:15 11:45 AM MEDLEY R FINAL  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<