ඉසිපතන ක්‍රීඩකයෝ ජෝසප් සිහින බිඳ දමයි

1510

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය සාන්ත ජෝසප් විදුහල හා ඉසිපතන විදුහල අතර අද (6) කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 19-17ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් විය.

“එක එක කණ්ඩායම්වලට ඕන ඕන විදිහට රගර් ගහන්න බෑ” SLSRFU සභාපති

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මේ සතියේ දී ආරම්භ වීමට නියමිත අතර සාන්ත පීතර විදුහල, සාන්ත……….

මෙම කණ්ඩායම් දෙක අතර ලීග් තරගාවලියේ පැවති තරගයේ දී සාන්ත ජෝසප් විදුහල ලකුණු 18-17ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට සමත් විය.

තරගයේ 7 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩකයෙකුගේ අතින් සිදු වූ අත්වැරදීමකට සාන්ත ජෝසප් විදුහලට දඬුවම් පහරක් හිමි වූ අතර ඒ හරහා ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සන්තුෂ් අල්ගම සමත් විය. (සාන්ත ජෝසප් 03-00 ඉසිපතන)

ඉසිපතන Wing ක්‍රීඩක රමිත හිමාෂ් ද සිල්වා සාන්ත ජෝසප් ආරක්ෂාව බිඳ දමමින් ප්‍රථම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ තරගයේ 13 වැනි මිනිත්තුවේ දී ය. මනිල්ක රුබේරු විසින් අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (සාන්ත ජෝසප් 03-07 ඉසිපතන)

තරගයේ 21 වැනි මිනිත්තුවේ දී ඉසිපතන Wing ක්‍රීඩක රමිත විසින් ඉසිපතනයේ දෙවැනි උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගැනීමට මනිල්ක රුබේරුට හැකි විය. (සාන්ත ජෝසප් 03-14 ඉසිපතන)

ඇලෝසියස් – රිච්මන්ඩ් දකුණු ලක රග්බි සංග්‍රාමයේ දී පෙරළියකට සැරසේ

මෙරට පාසල් රග්බි පිටියේ පැවැත්වෙන වාර්ෂික මහා රග්බි සංග්‍රාමයන් අතරින් දකුණු පුරවරයේ කාගේත් අවදානයක් දිනා ගත් රග්බි…….

මෙතෙක් වේලා නිහඬව සිටි සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගයේ 29 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ආරක්ෂාව පරයමින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ශෙවෝන් ග්‍රෙගරි විසින් වාර්තා කළ එම උත්සාහක දිනුවේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට සන්තුෂ් අල්ගම සමත් විය. (සාන්ත ජෝසප් 10-14 ඉසිපතන)

ප්‍රථම අර්ධය: සාන්ත ජෝසප් විදුහල 10 14 ඉසිපතන විදුහල

වේගවත් ප්‍රථම අර්ධයකින් පසුව දෙවන අර්ධය ආරම්භ වන විට කණ්ඩායම් දෙකම මදක් මන්දගාමී වූ ස්වභාවයක් දක්නට ලැබුණි. තරගයේ 48 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩක මනෝජ් ගෞතම්ට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ විනිසුරු නියෝග නොතකා ක්‍රියා කිරීම හේතුවෙනි.

තරගයේ 51 වැනි මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ඉදිරිපෙළ හසුරවමින් ඉදිරියට ඇදුණ ශෙවෝන් ග්‍රෙගරි සිය දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සන්තුෂ් අල්ගම සමත් වන්නේ තරගයේ පීඩනය ඉසිපතනය වෙත එල්ල කරමින්. (සාන්ත ජෝසප් 17-14 ඉසිපතන)

ඉන්පසුව Line Out අවස්ථාවකින් මනාව ප්‍රයෝජන ගත් ඉසිපතන ක්‍රීඩක වෙනුර කෝදාගොඩ Rolling Maul එකක් ආධාරයෙන් ඉසිපතන ඉදිරිපෙළ මෙහෙයවමින් තවත් ධවල රේඛාවෙන් එපිටට පන්දුව රැගෙව යෑමට සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රුබේරුට නොහැකි විය. (සාන්ත ජෝසප් 17-19 ඉසිපතන)

පිටිය මැද දී ඉසිපතන ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමක දී විනිසුරු විසින් ප්‍රතිවාදීන්ට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක වූවා සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට තරගය ජය ගැනීමට එය කදිම අවස්ථාවක් වනු ඇත.

Knockout තරගාවලියට සහභාගී නොවන කණ්ඩායම් සඳහා නව රෙගුලාසි!

ලීග් ශූරතාවයෙන් පසු පිලිමලුන් පිටුදැකීමේ ශූරතාවයට සහභාගී නොවන පාසල් සඳහා නව රෙගුලාසි පනවන බව ශ්‍රී ලංකා පාසල් රග්බි………….

තරගයේ අවසන් මිනිත්තුවේ දී ගෝල කණුවේ සිට මීටර 50කට වැඩි දුරකින් සිට සන්තුෂ් අල්ගම එල්ලය බලා පන්දුවට පා පහරක් එල්ල කළ නමුත් පන්දුව පතිත වූයේ ගෝල කණුව ඉදිරියෙන් සිටි ඉසිපතන Fly Half ක්‍රීඩක කිලාන් චමත්ගේ අතට ය. ඒ සමඟින් විනිසුරු තරගය අවසන් කිරීමට නලාව නාද කළේ ඉසිපතන ජයග්‍රහණය තහවුරු කරමිනි.

එ් අනුව ඉසිපතන විදුහල ලකුණු 19-17ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර හෙට (07) සාන්ත පීතර විදුහල හා කිංග්ස්වුඩ් විදුහල අතර තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායම සමඟ ඔවුන් ලබන 13 වැනි දින අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වනු ඇත.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විදුහල (2T,2C,1P) 17 – 19 (3T, 2C) ඉසිපතන විදුහල

ThePapare.com තරගයේ වීරයා – ජනිත් සේරසිංහ (ඉසිපතන)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින් –

  • සාන්ත ජෝසප් විදුහල – සන්තුෂ් අල්ගම (2C,1P), ශෙවෝන් ග්‍රෙගරි (2T)
  • ඉසිපතන විදුහල – රමිත හිමාෂ් (2T), වෙනුර කෝදාගොඩ (1T), මනිල්ක රුබේරු (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<