සුපිරි All Blacks ක්‍රීඩකයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග

118

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ අගයක් ගැනීමත්  සමඟම සමාජ දුරස්ථභාවය නමැති සංකල්පයට එරෙහිව යමින් කටයුතු කරන්නන් හට තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණවීමට නවසීලන්ත රජය කටයුතු කර තිබුනි. ඒ මේ අවස්ථාවේ දී ජනතාවගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දී ක්‍රියා කළ යුතු නිසාවෙනි. 

නිරෝධායනය කඩකළ ෆීජි ක්‍රීඩකයන්ට වැඩ වරදී

මේ දිනවල මුළුමහත් ලෝකයටම තර්ජනයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 …

එම නීති රාමුව පොදුවේ කොතෙක් දුරට සෑමදෙනාහටම එක හා සමානව බලපවත්වනවා ද යන්න පිළිබඳව කදිම නිදසුනක් සපයමින් All Blacks කණ්ඩායමේ සුපිරි තරුවක් ලෙස සැලකෙන රිචී මො’උන්ගා ඇතුළු තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් අවවාද කිරීමට ඔවුන් නියෝජනය කරන Crusader ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබෙන්නේ සෙසු ක්‍රීඩකයින්ට ද පැහැදිලි රතු එළියක් දල්වාලමිනි. 

නවසීලන්තයේ හි බොහෝ ප්‍රදේශ මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වසා දමමින් ජනශූන්‍ය හුදෙකලා කලාපයන් බවට පත් කිරීමට එරට රජය කටයුතු කර ඇති බව වාර්තා වේ. එවැනි වාතාවරණයක් මධ්‍යයේ වූවද තම සගයින් කිහිපදෙනෙකු සමඟ අද (06) දින උදෑසන ක්‍රයිස්ට්චර්ච් හි පිහිටි Crusader කණ්ඩායම් ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසිවාරයක් සඳහා සහභාගී වූ මො’උන්ගා හට මේ වන විට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ රටේ නීතියට ගරු නොකරමින් හිතුමතේ කටයුතු කිරීමට යාමේ ප්‍රතිථලයක් වශයෙනි. 

ඔවුන් මෙසේ ඉතා විනෝදයෙන් පන්දුව හුවමාරු කරගනිමින් පුහුණු වීම් කටයුතුවල නියැලෙනු ඇසින් දුටු පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනි. ඔවුන්ගේ මතයට අනුව සැමදෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වන මො’උන්ගා වැනි ක්‍රීඩකයින් ජාතික ව්‍යසනයක දී මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි.

කොරෝනා අස්සේ රග්බි නීති දැඩි වෙයි

ලෝක රග්බි සම්මේලනය විසින් තම ජාත්‍යන්තර විනිසුරුවන්ට යම් යම් නීති කීපයක් සම්බන්ධයෙන් …

මේ වෙලාවේ දී අපි හැමෝම ලොකු පීඩනයකින් ඉන්නේ. අපි කවුරුත් ආසයි එළියට බැහැල ගමනක් බිමනක් ගිහින් විනෝද වෙන්න. නමුත් මේ ඒකට වෙලාව නෙමෙයි. අපි ආදරේ කරන ක්‍රීඩකයෙක් මේ විදියට නොසැලකිලිමත්ව කටයුතු කරනවා දකින විට ඇත්තටම ලොකු කණගාටුවක් දැනුනා.” 

තම කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නැඟෙන මෙම චෝදනාවන්ගේ සත්‍යතාවක් පවතින බව පිළිගත් Crusader කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී කොලින් මෑන්ස්බ්‍රිඩ්ග් මහතා සඳහන් කර සිටියේ ඔවුන්ගේ මෙම හැසිරීම තමන් කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හෝ අනුමත කිරීමට සූදානම් නොමැති බවයි. 

“තමන් මොනාද මේ කරන්නේ කියලා ඔවුන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මම සිද්ධියට සම්බන්ධ වුන ක්‍රීඩකයින් එක්ක පෞද්ගලිකව කතා කරලා ඔවුන්ට අවවාද කළා. මම ආයිත් අද රාත්‍රියෙත් ඔවුන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වගේ සිදුවීමක් ආයිත් වතාවක් වෙන්න තියෙන සම්භාවිතාව අවම කරන්න ඕන.” 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<