රොනාල්ඩෝ පළිගන්නට ගොස් හසුවෙයි

583
@cnn.com

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නැවතත් ගෝල සැමරුමක් සම්බන්ධ චෝදනාවකට හසුවී තිබේ. ඒ පසුගිය සතියේ දී පැවැත්වුණු යුරෝපියානු ශූරයන්ගේ කුසලාන තරගයකින් අනතුරුවයි.

ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දී ජුවෙන්ටස් සහ ඇට්ලටිකෝ මැඩ්රිඩ් අතර පැවති තරග ද්විත්වයේ දෙවැනි තරගය ගෝල 3-2ක සමස්ත ගෝල සංඛ්‍යාවකින් ජය ගන්නට රොනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායම සමත් විය. එහි දී රොනාල්ඩෝ විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කෙරුණු අතර ඉන් එක් ගෝලයක් විසින් සමරන ලද්දේ පළිගැනීමක් ලෙසය.

Video – පාපන්දු කණ්ඩායමේ හදවත බඳු – Zinedine Zidane

සිනෙඩින් සිඩාන්ගේ ක්‍රීඩා දිවිය ගැන…

තරග ද්විත්වයේ පළමු තරගයේ දී ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම විසින් ගෝල දෙකක් වාර්තා කළ අතර ඉන් පළමු ගෝලය ඔවුන්ගේ පුහුණුකරු ඩියේගෝ සිමියෝනි විසින් සැමරුවේ ප්‍රේක්ෂකයන් දෙසට හැරී දෑත් කතිරයක් ලෙස තම කලිසම මත පතිත කරමිනි. රොනාල්ඩෝ විසින් දෙවැනි තරගයේ දී අනුකරණය කරන්නට යෙදුණේ එයයි.

ඉන්පසුව යුරෝපියානු පාපන්දු සම්මේලන එකතුව විසින් මේ පිළිබඳව පෘතුගාල ජාතික රොනාල්ඩෝගෙන් විමසීමට තීරණය කොට ඇත. එළඹෙන බ්‍රහස්පතින්දා එම විමසීම සිදුකිරීමට නියමිතයි. සිමියෝනිගේ වැරදි සැමරීම හේතුවෙන් ඔහුට මේ වන විටත් යුරෝ 20,000ක දඩයක් නියම වී තිබේ.

ගෝල දෙකක් පිටුපසින් සිට දෙවැනි තරගයට පැමිණි ජුවෙන්ටස් කණ්ඩායම ගෝල 3-0ක ජයක් වාර්තා කරමින් සමස්ත 3-2ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර ඒ ගෝල තුනම වාර්තා කළේ යුරෝපියානු ශූරයන්ගේ කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වන රොනාල්ඩෝ විසිනි.

“රොනාල්ඩෝ හොඳින්” – ජුවෙන්ටස් පුහුණුකරු

“ඔහුට සිදුවුණු කරදරය ගැන කිව්වොත්, මම දැනට මාස තුනක ඉඳන් ඔහුව දන්නවා…”..

2017 වසරේ දී ද උඩුකය නිරුවත් වෙමින් කළ සැමරුමක් නිසා රොනාල්ඩෝ හට මෙවැනිම චෝදනාවක් එල්ල විය. 2018 දී ඔහුට කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳ චෝදනාවක් එල්ල වූ අතර මේ සියලු චෝදනා පසෙක තබා ඔහු සාර්ථකව ක්‍රීඩා කිරීම නම් සතුටට කරුණකි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <