නිරෝධායනය කඩකළ ෆීජි ක්‍රීඩකයන්ට වැඩ වරදී

93
International Rugby

මේ දිනවල මුළුමහත් ලෝකයටම තර්ජනයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19  වසංගතය නිසා රටවල් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණ වසා දැමීමකට යොමුව ඇත. තවත් රටවල් කිහිපයක් තෝරාගත් පුද්ගලයන් නිරෝධායනයට යොමු කරමින් සිටියි. 

පවුම් පනහක් නිසා ඇරඹුණු සිලෝන් රග්බි

ආසියානු උප මහද්වීපයේ විශිෂ්ටතම රග්බි කණ්ඩායම වන ශ්‍රී ලංකා

පැසිෆික් කලාපයේ කොරෝනා වෛරස ස්වයං හුදෙකලා කිරීමේ නීති නොසලකා හැරීම හේතුවෙන් ෆීජි රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. 

ඔවුන්ගේ ‘වගකීම් විරහිත හැසිරීම’ ලෝක රග්බි පාලක මණ්ඩලයට වාර්තා කරන බව ෆීජි ප්‍රාදේශීය බලධාරීහු පැවසීය. 

මෙලෙස අත්අඩංගුවට පත්වූ ක්‍රීඩකයන් දෙදෙනා පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමට බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත. නමුත් ෆීජි රග්බි සංගමය ඔවුන් වෘත්තීමය රග්බි ක්‍රීඩකයන් බව සනාථ කළ අතර ඔවුන් සත්සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩකයන් බව විවිධ මාධ්‍ය වාර්තා කර ඇත.  

මෙම පුවත වාර්තා වීමත් සමඟින් Simon Raiwalui විසින් හැඟීම්බර ප්‍රකාශයක් සිදුකර තිබිනි. ඔහු ෆීජි රග්බි සම්මේලනය වෙනුවෙන් ඉහළ කාර්යසාධන සාමාන්‍යාධිකාරී පදවිය දරන අතර ෆීජි රග්බි වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකරන අයෙකි. 

“රජය පනවලා තියෙන දින 14ක ස්වයං නිරෝධායනයට ගරු නොකරන අය ලැජ්ජා විය යුතුයි. මෙය ඔබට ලැජ්ජාවක් සහ ඔබ එක් එක් කෙනාට ඔබේ වැරැද්දට දඬුවම් ලැබේවි.” යනුවෙන් මෙම ෆීජි හි හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයා පසුගිය සෙනසුරාදා Facebook හි සටහනක් පළ කළේය. 

ෆීජි රග්බි කණ්ඩායම යනු ඔලිම්පික් සත්සාමාජික ශූරයන් වේ. මෙම කොරෝනා වෛරසය නිසාවෙන් ජපාන ඔලිම්පික් උළෙල කල් දැමීමට පෙර පැවති ලෝක ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ද ෆීජි කණ්ඩායම සමත්ව සිටියහ. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය Frank Bainimarama ද ක්‍රීඩකයින්ට චෝදනා කළේය. ඔවුන් මුළු ෆීජි රාජ්‍යයම අවදානමට ලක්කළ බව ඔහු කියා සිටියේය. 

සිංගප්පූරුවේ සිට පැමිණි එක් ක්‍රීඩකයෙකුට විදෙස් ගතව සිටිය දී වෛරසයට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති බවත්, පසුව ඔහු ෆීජි රෝහලක නිරෝධායනය වීමෙන් පලාගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය. 

කොරෝනා අස්සේ රග්බි නීති දැඩි වෙයි

ලෝක රග්බි සම්මේලනය විසින් තම ජාත්‍යන්තර විනිසුරුවන්ට යම් යම් නීති කීපයක් සම්බන්ධයෙන්

“ඔහුට වැඩිදුර යන්න ලැබුනේ නෑ. ඔහුගේ අවාසනාවට ඔහු අපගේ ෆීජි පොලිස් බලකායට හසු වුනා. ඔහු අත්අඩංගුවට ගෙන නාඩි රෝහලේ නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළා.” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.

ෆීජි රග්බි සංගමය මෙම සිදුවීම සම්බන්ධයෙන් වෘත්තීය රග්බි ක්‍රීඩකයින්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම වගකීම් විරහිත හැසිරීම ඔවුන්ගේ ක්‍රීඩා සමාජ නිලධාරීන්ට සහ ලෝක රග්බි සම්මේලනය වෙත වාර්තා කිරීම ද එම විනය ක්‍රියාමාර්ග වලට ඇතුළත් වන බව ෆීජි රග්බි හි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ඕ කොනර් පැවසීය. 

“ෆීජි රග්බි පවුලට අවශ්‍ය වන්නේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ වගකීම් විරහිත හැසිරීම පිළිබඳව ඔවුන්ගේ පවුල් සහ අනෙකුත් ෆීජි ජනයා අවදානමට ලක් කිරීමෙන් ඔවුන් අපේ බලාපොරොත්තු සුන්කළ බව වාර්තා කරන්න.”  

“මෙවැනි වගකීම් විරහිත හැසිරීම මුළුමනින්ම පිළිගත නොහැකි දෙයක්. මෙම ක්‍රීඩකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය ගත් ක්‍රියාමාර්ග වලට සහ ඔවුන්ට එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග වලට අපි සහාය දෙනවා.” යයි Simon Raiwaluiගේ Facebook සටහනේ තවදුරටත් අවධාරණය කර ඇත. 

ඇමරිකානු රග්බි බංකොලොත් වෙයි?

මේ දිනවල ගෝලීය වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19

“ඔබ දිගටම අතට අත දෙන්න තෝරාගත් විට, ඔබ දිගටම කණ්ඩායම් වශයෙන් හමුවීමට තෝරාගත් විට, ඔබ ඇඳිරි නීතිය කඩ කරමින් රැඳී සිටීමට තීරණය කළ විට, ඔබ රාත්‍රිය පුරා කණ්ඩායම් වශයෙන් සාද වලට සහභාගී වීමට තීරණය කළ විට, ඔබට ගෙදර යන්න අවශ්‍ය වුනාම ස්වයං නිරෝධායනයේ සිටි හෝටලයෙන් යන්න තීරණය කළ විට, අපේ රටේ සෞඛ්‍ය සේවකයන් කරන සියලු කැපකිරීම් වලට ඔබ විරුද්ධ වෙනවා. ඔවුන් සිදුකරන පරිත්‍යාග වලට ඔබ විරුද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ෆීජි වල ඉන්න සියලු ජනතාව අනතුරේ හෙළනවා.” 

“ප්‍රමාද වීමට පෙර ඔබේ හිස පාවිච්චි කරන්න. මේ වැඩසටහන සමඟ සම්බන්ධ වන්න.” යයි Simon Raiwalui හැඟීම්බරව පවසා සිටියා. 

ෆීජි රාජ්‍යයෙන් මේ දක්වා කොරෝනා වෛරසය සඳහා ධනාත්මක (positive) ආසාධිතයන් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර කිසිඳු මරණයක් තවමත් වාර්තා වී නැත. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<