කොරෝනා අස්සේ රග්බි නීති දැඩි වෙයි

166

ලෝක රග්බි සම්මේලනය විසින් තම ජාත්‍යන්තර විනිසුරුවන්ට යම් යම් නීති කීපයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස දන්වා තිබේ. නීති කීපයක් සංශෝධනය කිරීමට ලෝක රග්බි සම්මේලනය පසුගිය දා තීරණය කළ නමුත් එලෙස සංශෝධනයකින් තොරව පවත්නා නීති යාවත්කාලීන කරමින් එම නීති සම්බන්ධයෙන් විනිසුරුවන්ගේ අවධානය යොමු කිරීමට ඔවුන් තීරණය කර ඇත. 

ඇමරිකානු රග්බි බංකොලොත් වෙයි?

මේ දිනවල ගෝලීය වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් …..

පසුගිය කාලය තුල ලෝක කුසලාන තරගාවලියේ දී හා වෙනත් තරගවල දී ක්‍රීඩකයන් ruck අවස්ථාවන් සඳහා එක්වන ආකාරය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි. ඒ අනුව දරුණු වේගයකින් සහ සෑම කෝණයකින්ම ක්‍රීඩකයන් ruck අවස්ථා සඳහා ඇතුළු වන ආකාරය පිළිබඳ දැඩි බියක් ඇතිව තිබිණි. 

2018 දී විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාවේ දී වේල්ස් සහ ලයන්ස් කණ්ඩායම්වල පුරාවෘත්තයක් වන සෑම් වර්බර්ටන් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසීය: “ඔබ පහසුවෙන් පන්දුව එළියට දෙන්න උත්සාහ කළ යුතුයි. ඔබ අනෙක් ක්‍රීඩකයන්ගෙන් ආරක්ෂා විය යුතුයි.”

“සමහර විට ඔබ පන්දුව ඉක්මවා යනවා. එවිට ක්‍රීඩකයන් තිදෙනෙකු ඔබට පහර දෙන්න පුළුවන්. ඔබ අවදානමට ලක්වන අවස්ථාවක් තමයි ඔබ පන්දුවට උඩින් සිටින විට සහ ඔබේ බෙල්ල නිරාවරණය වන විට. ඒක ඉතාම අවදානම් අවස්ථාවක්. මට ඒ වෙලාව ලොකු අවදානමක් අත් දෙකෙන් ක්‍රීඩකයෙකු tackle කරන අවස්ථාවට වඩා.” 

කෙසේ වෙතත් රග්බි ක්‍රීඩාවේ සිටි ශ්‍රේෂ්ඨතම බිඳවැටීමේ තාක්‍ෂණ ශිල්පියෙකුගේ වචන ලෝක රග්බි විසින් නොසලකා හැරියේය. 

ලෝක රග්බි සම්මේලනය විසින් පත්කරන ලද ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ‘විශේෂ බිඳවැටීම් කණ්ඩායමක්’ විසින්  ක්‍රීඩාවේ සංකීර්ණ හා ගතික මුහුණුවරක් ලෙස විස්තර කරන මෙම අවස්ථාවන් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කළේය. 

නීතිවල වෙනස්කම් කිරීම සඳහා ඇති හැකියාවන් පිළිබඳව ඔවුන් සලකා බැලූ නමුත් අවසානයේ තරග නිලධාරීන්ට නීති මතක් කර දී ඇති අතර ඒවා වඩාත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ද ඔවුන් උපදෙස් දී ඇත.

එම කමිටුවේ උපදෙස් අනුව විනිසුරුවන්ට tackel කිරීම සිදු කරන ක්‍රීඩකයා ඉවතට පෙරළීම (tackler rolling away), එම ruck අවස්ථාව සඳහා පැමිණෙන ක්‍රීඩකයන් පාදවලින් සිටගෙන සිටිය යුතු බව හා ක්‍රීඩකයන් ruck අවස්ථාව සඳහා සම්බන්ධ වන ස්ථානය (onside position) පිළිබඳව අවධානය යොමු කරන ලෙස උපදෙස් දී ඇත. මෙම වැරදි සම්බන්ධයෙන් නීති විනිසුරුවන්ට දැඩි ලෙස කටයුතු කරන ලෙසත් එම කමිටුව පවසා ඇත. 

ක්ලිෆර්ඩ් කුසලානයටත් බාලගිරි!

COVID -19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් 2019/20 ඩයලොග්…..

වඩාත් දැඩි ලෙස ක්‍රියා කරන ලෙස නිලධාරීන්ට පවසන නීති මෙසේයි. 

Tackler (නීතිය 14): 

  • 14.5 – අ) ක්‍රීඩකයන් දෙදෙනාම බිමට ගිය වහාම පන්දුව සහ පන්දුව රැගෙන යන ක්‍රීඩකයා මුදා හැරිය යුතුය. ආ) වහාම පන්දුව රැගෙන ගිය ක්‍රීඩකයාගෙන් සහ පන්දුවෙන් ඉවතට යා යුතුය. 
  • Tackler (Law 14): 14.5 – must a) Immediately release the ball and the ball-carrier after both players go to ground and b) Immediately move away from the tackled player and from the ball or get up.

පන්දුව රැගෙන යන්නා (ball carrier) (නීතිය 14) : 

  • 14.2 – පන්දුව රැගෙන යන ක්‍රීඩකයා බිම හෙළීම යනු එම ක්‍රීඩකයා සම්පූර්ණයෙන්ම බිම දිගාවී සිටිය යුතුය. නැතහොත් බිම හිඳගෙන හෝ එක් දණහිසක් බිම තබා සිටිය යුතුය. එසේත් නැතහොත් බිම සිටින ක්‍රීඩකයෙකු මත සිටිය යුතුය. 
  • 14.5 – tackle කිරීම සිදු කරන ක්‍රීඩකයා පන්දුව රැගෙන ගිය ක්‍රීඩකයාට පන්දුව නිදහස් කිරීමට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. 
  • Ball Carrier (Law 14): 14.2 – Being brought to ground means that the ball-carrier is lying, sitting or has at least one knee on the ground or on another player who is on the ground. 14.5 – Tacklers must: d) Allow the tackled player to release or play the ball.

පළමුව පැමිණි ක්‍රීඩකයා (නීතිය 15): 

  • 15.11 – ruck එකක් සෑදූ පසු, එය සෑදීමට පෙර පන්දුව මත අත තබා ඔවුන්ගේ පාද මත රැඳී සිටීමට නොහැකි වුවහොත් කිසිදු ක්‍රීඩකයෙකුට පන්දුව හැසිරවිය නොහැක. 
  • 15.12 – එම ruck අවස්ථාව තුල දී ක්‍රීඩකයෝ තම පාදයේ රැඳී සිටීමට උත්සාහ කළ යුතුය.
  • First arriving player (Law 15): 15.11 – Once a ruck has formed, no player may handle the ball unless they were able to get their hands on the ball before the ruck formed and stay on their feet. 15.12 – Players must endeavour to remain on their feet throughout the ruck.

පැමිණෙන අනෙකුත් ක්‍රීඩකයින් (නීතිය 15): 

  • 5 – පැමිණෙන ක්‍රීඩකයෙකු ඔවුන්ගේ පාදවල සිටගෙන ඔවුන්ගේ offside රේඛාවට පිටුපසින් එක්විය යුතුය.  
  • 6 – ක්‍රීඩකයෙකුට පැත්තකින් එක්විය හැකි නමුත් ඉදිරියෙන් එක්විය නොහැක.
  • 10 – පන්දුව ලබාගැනීම ruck කිරීමකින් හෝ ප්‍රතිවාදී කණ්ඩායම පන්දුවෙන් ඉවතට තල්ලු කිරීමෙන් කළ හැකිය.
  • Other arriving players (Law 15): 5 – An arriving player must be on their feet and join from behind their offside line. 6 – A player may join alongside but not in front of the hindmost player. 10 – Possession may be won either by rucking or by pushing the opposing team off the ball.

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ ක්‍රීඩාවේ ආකර්ෂණීය බව සහතික කිරීම සඳහා මෙම නීති තක්සේරු කිරීමට ලෝක රග්බි සම්මේලනය තීරණය කර ඇත. 

“මෙවන් බිඳවැටීම් ක්‍රීඩාවේ වඩාත්ම ගතික මුහුණුවර වන අතර එය විනිසුරුවරයාට වඩ වඩාත් අපහසු අවස්ථාවක්. තවත් වැදගත් දෙයක් වන්නේ එය තරගයක දී සිදු වන තුවාල හෝ ආබාධවලින් සියයට නවයකට වගකිව යුතු වීමයි” යනුවෙන් ලෝක රග්බි සභාපති බිල් බියුමොන්ට් පැවසීය.

“එබැවින් පන්දුව සඳහා සාධාරණ තරගයක් ප්‍රවර්ධනය කරන අතරම තුවාල වීමේ අවදානම අවම කර ගත හැකි ක්‍රම හඳුනා ගැනීම වැදගත් වුන.” 

“ප්‍රායෝගික නීති අත්හදා බැලීම් ඇතුළුව ප්‍රායෝගික විසඳුම් රාශියක් පිළිබඳව කණ්ඩායම සොයා බැලූ නමුත්, ඔවුන් ඒකමතිකව එකඟ වූනා හොඳම ප්‍රායෝගික හා සාක්ෂි සහිත ප්‍රවේශය වන්නේ නීතිය වෙනස් කිරීමට වඩා පවත්නා නීතිය ශක්තිමත් කිරීම බව.” 

“විශේෂයෙන්, පන්දුව රැගෙන යන්නා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. වහාම පන්දුව නිදහස් කිරීම, tackle කිරීම සිදු කරන ක්‍රීඩකයා එය වහාම මුදා හැරීම, ඒ අවස්ථාවේ දී වැරැද්දක් කරන ක්‍රීඩකයා හඳුනා ගැනීම, ruck අවස්ථාවල දී ක්‍රීඩකයන් භාවිතා කරන පැති පිවිසුම, ruck අවස්ථා සඳහා අනතුරුදායක ලෙස පැනීම, ධාවනය නොකිරීම පිළිබඳව ඔවුන් අවධානය යොමු කරනු ඇත.” 

පුදුමයට කරුණක් නම් මේ වන විට වේන් පිවාක්ගේ වේල්සයේ පුහුණු කාර්ය මණ්ඩලයේ බිඳවැටීමේ විශේෂඥයෙකු ලෙස කටයුතු කරන වෝර්බර්ටන්ට මෙම ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ආරාධනා නොකිරීමයි.

2020 ජුලි 1න් පසු ඇරඹෙන සියලුම තරග සඳහා මෙම 14 සහ 15 නීති යෙදුම් හා මාර්ගෝපදේශ ක්‍රියාත්මක වේ.

ලන්ඩන් සත් සාමාජික රග්බි සංවිධායකයින් තීරණයක් ගනී

ලෝක රග්බි ආයතනය විසින් ලන්ඩනයේ හා පැරීසියේ පැවැත්වීමට නියමිත තිබූ…..

ලෝක රග්බි සම්මේලනය විසින් රග්බි ප්‍රජාව සඳහා සිය නීති වෙබ් අඩවිය වන law.worldrugby.org හි වීඩියෝ පැහැදිලි කිරීම් ඇතුළු පුළුල් දෘශ්‍ය මාර්ගෝපදේශයක් ද නිපදවා ඇත.

මෙම නීති පෙළගැස්වීම සහ අවබෝධය සහතික කිරීම සඳහා අවධාරණය කිරීම මෙන්ම ජාත්‍යන්තර කණ්ඩායම් හා වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ලෝක රග්බි සම්මේලනය සිය ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල දැනුවත් කරනු ඇත.

මෙම බිඳවැටීමේ ක්‍රියාකාරී කණ්ඩායමේ මුලසුන දැරුවේ ජෝන් ජෙෆ්රි විසිනි.

එම කමිටුව සඳහා එක්වූ සෙසු සාමාජිකයන් 

  • පුහුණුකරුවන්: රිචී ග්‍රේ, රසල් අර්න්ෂෝ, ඉයන් ෆොස්ටර් සහ ජෝ ෂ්මිට්
  • විනිසුරුවන්: වේන් බාන්ස් සහ ජැකෝ පීපර්
  • ක්‍රීඩකයින්: වික්ටර් වීටෝ සහ ජොෂ් බියුමන්ට්
  • වෛද්‍යවරුන් සහ පර්යේෂණ නිලධාරීන්: ආචාර්ය ෆැනා ෆල්වී සහ රොස් ටකර්
  • ලෝක රග්බි සම්මේලනය නියෝජනය කල කාර්ය මණ්ඩලය: මාක් හැරින්ග්ටන් සහ රයිස් ජෝන්ස්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<