ඇෆ්ගන් ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

ICC Men's T20 World Cup 2024

82

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ඇෆ්ගනිස්තාන සංචිතය ඊයේ (30) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළා.

Rashid Khanගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. එමෙන්ම ඔවුන් සතු වන්නේ විශේෂඥ පිතිකරුවන් සිව් දෙනෙකු පමණයි.

කෙසේ වෙතත් තුන් ඉරියව්වට සහ සිය ප්‍රබලතම තුරුම්පුව වන දඟපන්දු යැවීම පිළිබඳ විශ්වාසය තබමින් ඔවුන් මෙම සංචිතය තෝරා ගෙන ඇති බව වටහා ගත හැකි.

මේ අතර නිමා වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙය වූ Hashmatullah Shahidi සහ ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස සැලකෙන Hazratullah Zazai මෙම සංචිතයට ඇතුළත් නොවීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන සංචිතය:

Rahmanullah Gurbaz, Ibrahim Zadran, Najibullah Zadran, Mohammad Ishaq, Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Karim Janat, Rashid Khan (නායක), Nangyal Kharoti, Mujeeb ur Rahman, Noor Ahmad Naveen ul Haq, Fazalhaq Farooqui, Fareed Ahmad Malik

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<