ශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායම 2022

335

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් ඇෆ්ගනිස්ථාන සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ සමඟ මෙම වසරේ පැවති එක්දින තරගාවලියට සහභාගී නොවූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Gulbadin Naib සහ Noor Ahmad මෙම සංචිතයට කැඳවා තිබෙනවා.

“තේරීම් කමිටු නිලධාරීන් විසින් නවක ක්‍රීඩකයින් මෙම සංචිතයට නම් කිරීම ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානයට සූදානම් වීමට හොඳ සලකුණක්. එම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට අප කණ්ඩායමට එම තරගාවලිය ඉතා වැදගත් වන අතර මෙම සංචිතය හොඳ සටනක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා,” යැයි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ප්‍රධානී Naseeb Khan ප්‍රකාශ කළා.

තරග තුනකින් යුත් මෙම තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර නොවැම්බර් 25, 27 සහ 30 යන දිනවල දී තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරයට නම් කළ ඇෆ්ගනිස්ථාන සංචිතය: Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Azmatullah Omarzai, Farid Malik, Fazal Haq Farooqi, Gulbadain Naib, Rahmanullah Gurbaz (wk), Najibullah Zadran, Ibrahim Zadran, Ikram Alikhail (wk), Mohammad Nabi, Mujib ur Rahman, Noor Ahmad, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia ur Rahman Akbar

Newswire වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<