ආසියානු ශූරතාව බංග්ලාදේශ යෞවනයන්ට

ACC U19 Asia Cup 2023

130
ACC U19 Asia Cup 2023

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 10 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බංග්ලාදේශය (17දා) සමත් වූවා.

ඔවුන් සමඟින් අවසන් මහා තරගයට එක් වූයේ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය වන අතර එම තරගයෙන් ලකුණු 195ක පහසු ජයග්‍රහණයක් බංග්ලාදේශ  ක්‍රීඩකයෝ සතු වූවා.

බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
  ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 UAE බංග්ලාදේශයට ලකුණු 61ක ජයක්.
2 ජපානය බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්.
3 ශ්‍රී ලංකාව බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්.
අවසන් පූර්ව තරගය
4 ඉන්දියාව බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්.
අවසන් මහා තරගය
5 UAE බංග්ලාදේශයට ලකුණු 195ක ජයක්.

ආසියානු කුසලාන ඉතිහාසයේ බංග්ලාදේශය ශූරයන් වූ පළමු අවස්ථාව මෙය වූ අතර මීට පෙර ඔවුන් 2019 වසරේ දී මෙරට පැවැති තරගාවලියේ දී අනුශූරතාව දිනා තිබුණා. ඔවුන් යොවුන් ආසියානු කුසලානයේ මංගල තරගාවලියේ දී සත්කාරකත්වය දැක් වූව ද ඊට සහභාගී වූයේ නැහැ. 2003 වසරේ පළමු වරට මෙම තරගාවලියට එක් වූ ඔවුන් ඉන් වසර 20ක් ඇවෑමෙනුයි මෙම කුසලානයට හිමිකම් කියන්නේ.

  • ආසියානු කුසලානය මෙතෙක් බෙදී ගිය ආකාරය
  වසර සත්කාරකත්වය ප්‍රතිඵලය ප්‍රතිවාදීන්
1 1989 බංග්ලාදේශය ඉන්දියාවට ලකුණු 79ක ජයක්. ශ්‍රී ලංකාව
2 2003 පාකිස්තානය ඉන්දියාවට කඩුලු 8ක ජයක්. ශ්‍රී ලංකාව
3 2012 මැලේසියාව ඉන්දියාව සහ පාකිස්තානය සම ශූරයන්
4 2013/14 UAE ඉන්දියාවට ලකුණු 40ක ජයක්. පාකිස්තානය
5 2016 ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු 34ක ජයක්. ශ්‍රී ලංකාව
6 2017 මැලේසියාව ඇෆ්ගනිස්තානයට ලකුණු 185ක ජයක්. පාකිස්තානය
7 2018 බංග්ලාදේශය ඉන්දියාවට ලකුණු 144ක ජයක්. ශ්‍රී ලංකාව
8 2019 ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු 5ක ජයක්. බංග්ලාදේශය
9 2021 UAE ඉන්දියාවට කඩුලු 9ක ජයක් (ඩක්වර්ත්) ශ්‍රී ලංකාව
10 2023 UAE බංග්ලාදේශයට ලකුණු 195ක ජයක්. UAE

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

එය බංග්ලාදේශය විසින් මෙවර තරගාවලියේ දී ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Ashiqur Rahman Shibli පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 129ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ ඔහු විසින් ලබා ගන්නා ලද 2 වැනි ශතකයයි. ඊට පෙර ඔහුගෙන් ශතකයක් වාර්තා වූයේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. එම තරගයේ දී ඔහු පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගත්තා.

ඊට අමතර ව Chowdhur Md Rizwan සහ Ariful Islam අර්ධ ශතක වාර්තා කළා. Ashiqur Rahman Shibli සහ Chowdhur Md Rizwan එක්ව 2 වැනි කඩුල්ලට පන්දු 154ක දී ලකුණු 125ක් ලබා ගත් අතර එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.

බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු 8න් 3ක් ම අවසන් පන්දුවාරයේ දී දැවී ගිය අතර ඒ අනුව දකුණතින් වේග පන්දු යැවූ Ayman Ahamed තම පන්දුවාර 10 අවසන් කරන්නේ ලකුණු 52කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.

ඊට අමතර ව Omid Rehman කඩුලු 2ක් ද සහ Dhruv Parashar කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Dhruv Parashar. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු යුගලයෙන් Akshat Rai පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී Maruf Mridha සහ Rohanat Doullah Borson කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර Iqbal Hossain Emon Sheikh Paevez Jibon කඩුලු 2ක් බැගින් ද ලබා ගත්තා.

අවසන් මහා තරගය, Dubai, 17, දෙසැම්බර් 2023, ACC U19 Asia Cup 2023

o ක්‍රීඩාංගණය – Dubai International Cricket Stadium

o කාසියේ වාසිය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය

  • අවසන් තරගයේ වීරයා – Ashiqur Rahman Shibli(බංග්ලාදේශය)
  • තරගාවලියේ වීරයා – Ashiqur Rahman Shibli(බංග්ලාදේශය)

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 282 (50.0) Ashiqur Rahman Shibli 129, Chowdhur Md Rizwan 60, Ariful Islam 50, Mahfuzur Rahman Rabby 21, Omid Rehman 2/41, Ayman Ahamed 4/52

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 87 (24.5) Dhruv Parashar නොදැවී 25, Maruf Mridha 3/29, Iqbal Hossain Emon 2/15, Rohanat Doullah Borson 3/26, Sheikh Paevez Jibon 2/07

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 195ක ජයක්.

  • අවසන් මහා තරගයේ දී මෙවර තරගාවලියට එක් වූ සුවිශේෂී කඩඉම්

282/8 (50.0): බංග්ලාදේශය විසින් මෙවර තරගාවලියේ දී ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව.

87/10 (24.5): එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර තරගාවලියේ දී ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව.

195: මෙම තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 195ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද අතර එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද හොඳම ජයග්‍රහණ අතර පෙරමුණ ගත් ලකුණු සංඛ්‍යාවයි.

129: බංග්ලාදේශයේ Ashiqur Rahman Shibli විසින් රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව තරගාවලියේ පිතිකරුවෙක් විසින් ඉනිමක දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

  • තරගාවලියේ ශතක 2ක් වාර්තා කළ එක ම ක්‍රීඩකයා බවට ද ඔහු පත් වෙනවා.
  • Ashiqur Rahman Shibli තරග 5කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ඉනිම 5ක දී ලකුණු 378ක් ලබා ගන්නා ලද අතර එය මෙවර තරගාවලියේ දීපිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.

125: බංග්ලාදේශයේ Chowdhury Md Rizwan සහ Ashiqur Rahman Shibli එක්ව 2 වැනි කඩුල්ලට රැස් කරන ලද මෙම ලකුණු ප්‍රමාණය තරගාවලියේ එම කඩුල්ල සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<