2020 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2020

90

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 7 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (27) නිකුත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවන තරගයට පෙර සංචිතය වෙනස් කරයි

සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජාර්වීස්ගේ කොඳු නාරටිය ආශ්‍රිතව..

එහි නායකත්වය සුපුරුදු පරිදි විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුල තුන් ඉරියව් දස්කම් දක්වන චමරි අතපත්තු වෙත ලබා දී තිබෙන අතර එහි උපනායකත්වය ලබා දී තිබෙන්නේ හර්ෂිතා මාධවී වෙතයි.

නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව වැඩි විශ්වාසය තබා සිටින ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව ඒ සඳහා නැගී එන කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබීම සුවිශේෂී වේ.

උමේෂා තිමාෂනී, කවිෂා දිල්හාරි සහ සත්‍යා සංදීපනී යන නැගී එන කණ්ඩායමේ දක්ෂතා දක්වමින් ලෝක කුසලාන කණ්ඩායම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටින ක්‍රීඩිකවන් ය.  මේ අතරින් සත්‍යා සංදීපනී ජාතික කණ්ඩායමකට සුදුසුකම් ලද පළමු අවස්ථාව වශයෙන් ද මෙම තරගාවලිය කැපී පෙනෙයි.

මෙම ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග වැදි නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

Video – ජයග්‍රහණයට වඩා ලබා ගත්තු දේවල් වටිනවා – පිටියේ කතා

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ලබාගත්..

පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 8 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත මෙම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 6 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර ඕස්ට්‍රේලියාවේ දී විශේෂ පුහුණු සැසියකට සහභාගී වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරග වටය යටතේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ නවසීලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි. 

බී කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ තායිලන්තය තරග වදිනු ඇත. බංග්ලාදේශය සහ තායිලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ අයර්ලන්තයේ පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

බට්ලර්ට අපහාස කළාට ෆිලැන්ඩර්ට දඩ

එංගලන්ත-දකුණු අප්‍රිකා සිව්වන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකානු සුපිරි..

විස්සයි විස්ස ලෝක කුසලාන සටනට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවත්, ලබන 18 වැනිදා එංගලන්තයට එරෙහිවත් පුහුණු තරග 2කට සහභාගි වීමට නියමිතව ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 22 වැනිදා නවසීලන්තයට පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය 24 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිවත්, තෙවැනි සහ මූලික වටයේ අවසන් තරගය පිළිවෙළින් 29 වැනිදා ඉන්දියාවට සහ මාර්තු 2 වැනිදා බංග්ලාදේශයටත් එරෙහිව පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමාෂනී, සුගන්ධිකා කුමාරි, ඩිලානි මනෝදරා.

අතිරේක ක්‍රීඩිකාවන් – සචිනි නිසංසලා, ප්‍රසාදිනී වීරක්කොඩි, ඕෂධී රණසිංහ, තාරිකා සෙව්වන්දි, ඉනෝකා රණවීර.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<