IPL ඉතිහාසය එක රැයින් උඩු යටිකුරු කළ ක්‍රීඩක වෙන්දේසිය!

Indian Premier League 2023

590
A detailed overview of IPL 2023

2023 IPL තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය (Mini Auction) ඊයේ (23) ඉන්දියාවේ දී පැවැත්වුණු නමුත්, වෙන්දේසිය සඳහා යෝජනා වී සිටි එක දු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ එහි දී කිසිදු කණ්ඩායමක් මගින් මිල දී ගත්තේ නැහැ.

මේ අනුව 2022 IPL තරගාවලිය ක්‍රීඩා කළ සහ මේ තරග වාරය වෙනුවෙන් කණ්ඩායම්වල රඳවා ගත් වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් සිව්දෙනා පමණක් 2023 IPL තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

ඊයේ පැවැත්වුණු මෙම ක්‍රීඩක වෙන්දේසිය IPL ඉතිහාසය තුල පැවැත්වුණු සුවිශේෂිත ම ක්‍රීඩක වෙන්දේසියක් ලෙස හඳුන්වා දිය හැකියි.

​A detailed overview of IPL 2023 Mini Auctionඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අතරේ බෙදී යමින් පැවැත්වුණු මෙම ක්‍රීඩක වෙන්දේසිය ලොව පුරා ක්‍රිකට් ලෝලීන් පුදුමයට පත් කරවූ එකක් වුනා.

IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයා වීමට එංගලන්තයේ Sam Curranට හැකි වුනා.

මීට පෙර IPL ක්‍රීඩක වෙන්දේසියක් තුල වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වී සිටියේ ඉන්දියානු රුපියල් කෝටි 16.25 කට අලෙවි වූ දකුණු අප්‍රිකාවේ Chris Morris වන අතර, ඊයේ දිනයේ Sam Curran විසින් එම වටිනා කම අබිබවා යාමට සමත් වුනා.

Punjab Kings විසින් Curranව මිල දී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 18.50ක මුදලක් වැය කරමින් වන අතර, එය වෙන්දේසියට ඉදිරිපත් නො කර සිය කණ්ඩායම්වල දීර්ඝ කාලීනව ම රඳවා ගෙන සිටින Virat Kohli වැනි ක්‍රීඩකයින්ට ලැබුණු වටිනා කමටත් වඩා වැඩි අගයක් වීම විශේෂිත කාරණයක්.

මේ අතර නැවත වරක් තමන්ගේ පළමු IPL කණ්ඩායම වන Punjab සමඟ එකතු වීමට හැකි වීම පිළිබඳව ද Curran ඉතා සතුටින් පසු වනවා.

“ඇත්තටම මම පුදුමයට පත් වෙලා ඉන්නේ, Punjab තමයි මගේ මුල්ම IPL කණ්ඩායම. ඒ වගේම මම මොහාලි ක්‍රීඩාංගණය ගැනත් හොඳින් දන්නවා. ඉන්දියාවට ඇවිත් IPL ක්‍රීඩා කරන්න මග බලා ගෙන ඉන්නේ මම.

අද උදෑසන මම වෙන්දේසිය බලන්න විදියක් හොයමින් හිටියේ, මොකද එංගලන්තයේ රූපවාහිනී නාලිකාවල ඒක පෙන්නුවේ නැහැ.”

එමෙන්ම ඔහු මීට පෙර ක්‍රීඩා කළ Chennai කණ්ඩායම මෙන්ම, කෝටි 18.25ක අගයක් වන තෙක්ම ඔහු වෙනුවෙන් සටන් වැදි Mumbai කණ්ඩායම ද ඔහු ඉතා ආදරයෙන් මතක් කළා.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා බවට පත් වූ Curran මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පටන් විස්සයි විස්ස තරග 14ක දී කඩුලු 25ක් බිඳ හෙළා ඇති අතර, ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලනවා.

වෙන්දේසිය ආරම්භයේ පටන් ම බොහෝ දෙනා අනුමාන කළ පරිදිම Curran වෙන්දේසියේ වැඩිම වටිනාකම හිමිකර ගන්නට එසේ සමත් වුනා.

Curran වෙනුවෙන් අවසාන මොහොත තෙක් සටන් වැදි Mumbai Indians පසුව එංගලන්තය තුන් ඉරියව් ක්‍රීඩකයා වෙනුවට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Cameron Green ව සිය සංචිතයට එකතු කර ගත්තා.

නැවතත් වාර්තාගත මුදලකට අලෙවි වූ Green මෙතෙක් IPL ඉතිහාසයේ දෙවැනියට වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වෙමින් (Curranට පමණක් දෙවැනි වෙමින්) ඉන්දීය රුපියල් කෝටි 17.50ක මුදලකට අලෙවි වුනා.

“මම ඉස්සර ඉඳල ම IPL රසිකයෙක්, මේ දේ මට තවමත් විශ්වාස කරන්න බැහැ. මගේ නම ඇහෙද්දී මම වෙවුලලා ගියා. Mumbai Indians වගේ තරගාවලියේ හොඳම කණ්ඩායමක් එක්ක එකතු වෙන්න ලැබීම සතුටක්.”

Greenගේ මෙම අනපේක්ෂිත වෙන්දේසියට ප්‍රධානතම හේතුව වුනේ මීට පෙර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ ඔහුගේ පිතිකරණය බවට සැකයක් නැහැ. එහි දී ඔහු 214.54 ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව මුළු ලකුණු 118 රැස් කළ අතර, ඊට පන්දු 19කින් රැස් කළ අර්ධ ශතකයක් ද ඇතුළත් වුනා.

මෙවර වෙන්දේසිය ඉතිහාසයේ සුවිශේෂී ම  එකක් බව නැවත වරක් සනාථ කරමින් එංගලන්තයේ Ben Stokesව Chennai Super Kings මගින් මිල දී ගත්තේ ඉන්දියානු කෝටි 16.25ක මුදලකටයි. එය IPL ඉතිහාසයේ ක්‍රීඩකයකු ලද තෙවැනි වැඩිම (Chris Morris සමඟ සම ව හිඳිමින්) වටිනාකම  ලෙසයි සටහන් වුනේ.

මේ වගේ වැඩි වටිනාකම්වලට ක්‍රීඩකයින් වෙන්දේසි වෙන හේතුව දන්නවා ද?

මෙවර IPL වෙන්දේසිය හඳුන්වන්නේ Mini Auction එකක් විදිහට, ඒ කියන්නේ ගිය අවුරුද්දේ පැවැත්වුණේ Mega Auction එකක්.

Mega Auction එකක දී ක්‍රීඩකයින් විශාල පිරිසක් කණ්ඩායම්වලට තෝරා ගැනීම සිදු කරනවා, එතන දී කණ්ඩායම්වල රඳවා ගත්තු සුළු පිරිස ඇරෙන්න සමස්ත කණ්ඩායම ම ඔවුන් නැවත පුරවා ගත යුතු වෙනවා.

නමුත් Mini Auction එකක දී වෙන්නේ තමන්ගේ කණ්ඩායම්වල නියත ස්ථාන කිහිපයක් සඳහා (උදා: කඩුලු රකින්නෙක්, තුන් ඉරියව් වේගපන්දු යවන්නෙක්) ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කරනවා.

එතන දී ඔවුන් විශේෂයෙන්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ව තීරණය කර ගෙන ඇවිත් ඔවුන්ව කෙසේ හෝ තම කණ්ඩායමට එකතු කර ගන්න තමයි උත්සාහ කරන්නේ.

(Chris Morris කෝටි 16.25කට වෙන්දේසි වෙන්නෙත් ඒ වගේ අවස්ථාවක දී)

මේ නිසා තමයි සාපේක්ෂව ඉතා ඉහළ මුදලක් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අතර බෙදිලා යන්නේ.

උදාහරණයක් විදිහට Ben Stokesව මිල දී ගන්න Chennai කණ්ඩායම තමන්ට ඉතිරි වෙලා තිබුණු මුදලින් 80%ක් පමණ වියදම් කරලා තියෙනවා.

එතැනින් පස්සේ Chennai කණ්ඩායම හරි පරිස්සමට ඉතිරි මුදල ක්‍රීඩකයින් මිල දී ගන්න වියදම් කළා. මොකද ඒ වෙද්දී ඔවුන් තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාව සපුරා ගෙන අවසන් නිසා.

තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ම ඉහළ මුදලකට අලෙවි වුනා.

පසුගිය පකිස්තාන තරග සංචාරයේ දී ටෙස්ට් වගේම විස්සයි විස්ස තරගවල දීත් ඉතා විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ එංගලන්තයේ Harry Brook ඉන්දීය කෝටි 13.25ක මුදලකට මිල දී ගන්න Sunrises Hyderabad ඉදිරිපත් වුනා. එතැනිනුත් නතර නොවුනු ඔවුන් ඉන්දීය පිතිකරු Mayank Agrawalව ද සිය කණ්ඩායමට එකතු කර ගත්තේ කෝටි 8.25ක් වැය කරමින්.

මේ අතර පසුගිය දා නිමාව දුටු Abu Dhabi T10 තරගාවලියේ වීරයා බවට පත් වෙන්න සමත් වුන Nicholas Pooranව Lucknow Super Giants මගින් මිල දී ගන්නේ කෝටි 16ක මුදලක් වැය කරමින්.

අලුතින් ම IPL එන ජාත්‍යන්තර තරු

2014 වසරෙන් පසුව IPL තරගාවලියක් නියෝජනය කිරීමට සමත් වුන පළමු සිම්බාබ්වේ ජාතිකයා බවට පත් වෙන්න Sikandar Raza සමත් වෙන්නේ Punjab Kings කණ්ඩායම මගින් ඔහුව ලක්ෂ 50කට මිල දී ගැනීමත් සමඟින්.

එමෙන්ම ආබාධයක් නිසා පසුගිය ලෝක කුසලානය මග හැරුණු එංගලන්ත වේගපන්දු යවන්නා Reece Topleyව Royal Challengers Bangalore විසින් මිල දී ගනිද්දී, මෙවර IPL වෙන්දේසියට පෙර බොහෝ දෙනෙකු බලාපොරොත්තු දල්වා ගෙන සිටි ක්‍රීඩකයෙක් වුන Joe Root හටත් සිය පළමු  IPL තරගාවලිය ක්‍රීඩා කරන්න වරම් හිමි වුනා.

Rootව Rajasthan Royals මගින් රුපියල් කෝටියකට මිල දී ගන්න සමත් වුනා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම නම් වෙන්දේසියේ දී කියවුනා.

නමුත් ඒ කිසිවකු හෝ කණ්ඩායම් මගින් මිලට ගැනීමට උනන්දුවක් දැක්වුවේ නැහැ.

ඒ අතර ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක මෙන්ම ඩිල්ශාන් මදුශංක, දුශ්මන්ත චමීර, කුසල් මෙන්ඩිස් යන අය සිටියා.

එමෙන්ම ඔවුන්ට අමතරව Tom Banton, Paul Stirling, Rassie Van der Dussen, Travis Head, Dawid Malan වැනි නම ගිය විස්සයි විස්ස සුපිරි තරුවලට ද IPl දොරටු වැසී ගියා.

ඒ අනqව ඊයේ පැවති වෙන්දේසියේ දී ඒ  ඒ කණ්ඩායම් මගින් මිලට ගත් සහ රඳවා තබා ගත් ක්‍රීඩක ලැයිස්තු මෙසේයි.

Mumbai Indians

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: Akash Madhwal, Arjun Tendulkar, Dewald Brevis, Hrithik Shokeen, Ishan Kishan, Jason Behrendorff, Jasprit Bumrah, Jofra Archer, Kumar Kartikeya Singh, Mohd. Arshad Khan, N. Tilak Varma, Ramandeep Singh, Rohit Sharma, Suryakumar Yadav, Tim David, Tristan Stubbs
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Raghav Goyal ( 20 lakh), Nehal Wadhera (20 lakh), Shams Mulani (20 lakh), Vishnu Vinod ( 20 lakh), Duan Jansen ( 20 lakh), Piyush Chawla (50 lakh), Jhye Richardson (1.5 crore), Cameron Green ( 17.5 crore)

Rajasthan Royals

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: Devdutt Padikkal, Dhruv Jurel, Jos Buttler, K.C Cariappa, Kuldeep Sen, Kuldip Yadav, Navdeep Saini, Obed Mcco, Prasidh Krishna, R. Ashwin, Riyan Parag, Sanju Samson, Shimron Hetmyer, Trent Boult, Yashasvi Jaiswal, Yuzvendra Chahal
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Joe Root (1 crore), Abdul P A (20 lakh), Akash Vashisht ( 20 lakh), Murugan Ashwin (20 lakh), KM Asif (30 lakh), Adam Zampa ( 1.5 crore), Kunal Rathore ( 20 lakh), Donovan Ferreira ( 50 lakh), Jason Holder (5.75 crore)

Lucknow Super Giants

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: KL Rahul, Quinton de Kock, Manan Vohra, Kyle Mayers, Marcus Stoinis, Ayush Badoni, Deepak Hooda, Karan Sharma, Krunal Pandya, Krishnappa Gowtham, Ravi Bishnoi, Avesh Khan, Mohsin Khan, Mayank Yadav, Mark Wood
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Nicholas Pooran (16 cr), Daniel Sams (75 lakh), Jaydev Unadkat (50 lakh), Romario Shepherd (50 lakh), Amit Mishra (50 lakh), Naveen-ul-Haq (50 lakh), Yash Thakur (45 lakh), Prerak Mankad (20 lakh), Swapnil Singh (20 lakh), Yudhvir Singh Charak (20 lakh)

Gujarat Titans

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: Shubman Gill, Sai Sudharsan, Wriddhiman Saha, Matthew Wade, David Miller, Rahul Tewatia, Abhinav Manohar, Hardik Pandya, Vijay Shankar, Rashid Khan, Sai Kishore, Noor Ahmad, Jayant Yadav, Alzarri Joseph, Mohammed Shami, Yash Dayal, Darshan Nalkande, Pradeep Sangwan
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Shivam Mavi (6 cr), Joshua Little (4.40 cr), Kane Williamson (2 cr), Srikar Bharat (1.20 cr), Odeon Smith (50 lakh), Mohit Sharma (50 lakh), Urvil Patel (20 lakh)

Chennai Super Kings

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්:MS Dhoni, Ruturaj Gaikwad, Devon Conway, Moeen Ali, Subhranshu Senapati, Ambati Rayudu, Ravindra Jadeja, Shivam Dube, Rajvardhan Hangargekar, Dwaine Pretorius, Mitchell Santner, මහීෂ් තීක්ෂණ , Prashant Solanki, Deepak Chahar, Mukesh Choudhary, Simarjeet Singh, Tushar Deshpande, මතිශ පතිරණ
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Ben Stokes (16.25 cr), Kyle Jamieson (1 cr), Ajinkya Rahane (50 lakh), Shaik Rasheed (20 lakh), Nishant Sindhu (60 lakh), Ajay Mandal (20 lakh), Bhagath Varma (20 lakh)

Royal Challengers Bangalore

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්:Faf du Plessis, Virat Kohli, Anuj Rawat, Rajat Patidarm, Finn Allen, Glenn Maxwell, Dinesh Karthik, Mahipal Lomror, Suyash Prabhudessai, David Willey, Shahbaz Ahmed, වනිඳු හසරංග, Karn Sharma, Josh Hazlewood, Harshal Patel, Siddharth Kaul, Mohammed Siraj, Akash Deep
  • මිල දී ගත් ක්‍රීඩකයින්:Will Jacks (3.20 cr), Reece Topley (1.90 cr), Rajan Kumar (70 lakh), Avinash Singh (60 lakh), Himanshu Sharma (20 lakh), Sonu Yadav (20 lakh), Manoj Bhandage (20 lakh)

Delhi Capitals

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: David Warner, Prithvi Shaw, Michell Marsh, Yash Dhull,Rishabh Pant, Rovman Powell, Sarfaraz Khan, Ripal Patel,Axar Patel, Lalit Yadav, Aman Khan,Kuldeep Yadav, Pravin Dubey, Vicky Ostwal,Chetan Sakaria, Anrich Nortje, Lungi Ngidi, Mustafizur Rahman, Khaleel Ahmed, Kamalesh Nagarkoti
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Rilee Rossouw (INR 4.6 Cr), Philip Salt (INR 2.0 Cr), Manish Pandey (INR 2.40 Cr), Ishant Sharma (INR 50L), Mukesh Kumar (INR 5.5 Cr)

Punjab Kings

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: Shikhar Dhawan, Jonny Bairstow, භානුක රාජපක්ෂ, Prabhsimran Singh,Liam Livingstone, Jitesh Sharma, Shahrukh Khan,Atharva Taide, Raj Bawa, Rishi Dhawan,Rahul Chahar, Harpreet Brar, Arshdeep Singh, Baltej Dhanda, Kagiso Rabada, Nathan Ellis
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Harpreet Singh Bhatia (INR 40L), Vidhwath Kaverappa (INR 20L), Sam Curran (INR 18.5 Cr), Sikandar Raza (INR 50L), Mohit Rathee (INR 20L), Shivam Singh (INR 20L)

Sunrisers Hyderabad

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: Fazalhaq Farooqi, Marco Jansen, Bhuvneshwar Kumar, Umran Malik, Aiden Markram, T Natarajan, Glenn Phillips, Abdul Samad, Abhishek Sharma, Washington Sundar, Rahul Tripathi, Kartik Tyagi
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Harry Brook (13.25 Cr), Mayank Agarwal (8.25 Cr), Heinrich Klaasen (5.25 Cr), Adil Rashid (2 Cr), Mayank Markande (50 Lakh), Vivrant Sharma (2.60 Cr), Samarth Vyas (20 Lakh), Sanvir Singh (20 Lakh), Upendra Yadav (25 Lakh), Mayank Dagar (1.80 Cr), Nitish Reddy (20 Lakh), Anmolpreet Singh (20 Lakh), Akeal Hosein (1 Cr)

Kolkata Knight Riders

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්: Shreyas Iyer (c), Varun Chakravarthy, Lockie Ferguson, Rahmanullah Gurbaz, Venkatesh Iyer, Sunil Narine, Harshit Rana, Nitish Rana, Anukul Roy, Andre Russell, Rinku Singh, Tim Southee, Shardul Thakur, Umesh Yadav
  • මිල දී ගත් ක්‍රීඩකයින්: Vaibhav Arora (60 Lakh), N Jagadeesan (90 Lakh), Suyash Sharma (20 Lakh), David Wiese (1 Cr), Kulwant Khejroliya (20 Lakh), Litton Das (50 Lakh), Mandeep Singh (50 Lakh), Shakib Al Hasan (1.50 Cr)

  • Cr – ඉන්දියානු රුපියල් කෝටි
  • Lakh – ඉන්දියානු රුපියල් ලක්ෂ

2023 IPL තරගාවලිය ලබන වසරේ මාර්තු 25 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර එය මැයි 28  වැනිදායින් අවසන් වීමට නියමිත බවයි මේ වන විට ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම තරග වාරයේ දී කණ්ඩායම් 10ක් අතර තරග 74ක් පැවැත්වීමට නියමිතයි.

2023 IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<