මොහාන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති පුටුවට

181
Mohan De Silva replaces Jayantha Dharmadasa

2017 දෙසැම්බර් 6 වනදා සිට මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස ඒකමතිකව පත් කර ඇත. මේ අතර මෙතෙක් දේශීය ක්‍රිකට් ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සහ ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩ බලන ප්‍රධානී වශයෙන් කටයුතු කළ උප සභාපති කේ. මතිවානන් මහතාව ඉදිරියේ දී පූර්ණ වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට නියමිතයි.

යෙසිත් හා නිමුතුගෙන් ඇදහිය නොහැකි පිතිකරණයක්

වයස අවුරුදු 13න් පහළ වෙළඳ සංගම් ආරාධිත අන්තර් ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවැත්වූ ක්‍රිකට් තරගයක දී දැවැන්ත ශතක දෙකක් වාර්තා කිරීමට කොළඹ ක්‍රිකට්…

මෙම විශේෂ මහා සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම් ධුරය දරන මොහාන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට පුරප්පාඩුව පවතින උප සභාපති ධුරය ඔහුට ලබා දී දේශීය ක්‍රිකට් තවදුරටත් ගොඩනැංවීමට නියමිත බවට අනාවරණය වේ. මෙම උප සභාපති ධුරයේ  කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතා, 2017 ජූලි මාසයේ සිට පැවැත්වූ එකදු විධායක රැස්වීමකට හෝ ඔහු සහභාගී වී නැති නිසා ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති නමුත් ඔහු විසින් නිල වශයෙන් එවන් ප්‍රකාශයක් තවමත් පවසා නැත.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතෙහි රෙගුලාසිවල සංශෝධනවලට අනුකූලව ලබන වසරේ මැයි මස 31 වැනිදා දක්වා වත්මන් පරිපාලනයට පරිපාලන කටයුතු කරගෙන යා හැකි බවත්, මෙම විශේෂ මහා සභා රැස්වීමේ දී තනතුරු කිහිපයක් වෙනස් කර ගැනීම සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් තීරණ ගැනීම පමණක් සිදු වන බවත් දැන ගන්නට ලැබී ඇත.

මෙම විශේෂ මහා සභා රැස්වීම ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව මොහාන් ද සිල්වා මහතා උප සභාපති තනතුරට පත් කිරීමත් සමඟ පුරප්පාඩු වන ලේකම් ධුරයට සමන්ත දොඩන්වල, රොෂාන් බියන්වල හෝ බන්දුල දිසානායක යන මහත්වරුන් අතුරෙන් එක අයෙක් පත් කිරීමේ සූදානමක් පවතින බවට දැන ගන්නට ලැබී ඇත.

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<