ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ පිට පිට 3 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම අද (29) සමත් වෙද්දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමේ මහීෂ දිසානායක සමත් වෙනවා.
දඹුල්ල සහ ගාල්ල අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – ගාල්ල
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 134ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල ක්‍රීඩකයෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 122ක් පමණයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ අනුග පල්ලියගුරුගේ. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.
ඊට අමතර ව සෙතුජ මංදිනු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ දුලන අබේසේකර පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නෙතුල් උඩවෙල ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අංජන අබේකෝන්, නිශාන්තන් අර්වින්ත් සහ මිතිල නිම්සර කඩුලු ද්විත්වය බැගින් ද සහ රසජෙයන්තන් අශ්වින් කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක තරුෂ්ක ද සිල්වා. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගන්නවා. ඊට අමතර ව රිසිත් විජේසිංහ පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ පත්මලෝලන් සංතෝශ් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මහීෂ දිසානායක ලකුණු 21කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අදීශ ගෞතම් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 134 (45.3) දුලන අබේසේකර 24, අනුග පල්ලියගුරු 36, සෙතුජ මංදිනු නොදැවී 26, මිතිල නිම්සර 2/30, අංජන අබේකෝන් 2/15, නෙතුල් උඩවෙල 3/19, නිශාන්තන් අර්වින්ත් 2/21
දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 122 (48.2) රිසිත් විජේසිංහ 24, තරුෂ්ක ද සිල්වා 29, පත්මලෝලන් සංතෝශ් 18, මහීෂ දිසානායක 6/21, අදීශ ගෞතම් 2/29
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 12ක ජයක්.
- මහනුවර චේතින කොළඹ උතුර අසරණ කරයි
- 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය 26 වැනිදා සිට
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව Emerging Nations ශූරියන් වෙයි
- පළමු පෙළ ශූරතාව වෙස්ලි විද්‍යාලය දිනා ගනී
- 17න් පහළ යොවුන් තරගාවලියේ අනාගත තරු
මහනුවර සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – කොළඹ දකුණ
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට මහනුවර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 87ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශේම් අබිශායි. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ශනිල්ක දම්සර පන්දු 72ක දී හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද සහ දෙනෙත් පෙරේරා පන්දු 61ක දී ලකුණු 31ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුලාජ් කල්ප ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව යතිශ් ඉඳුවර කඩුලු 2ක් ද, විනුජ අයුවර්ධන, සෝගිත සෙනෙත් සහ පී. මයුරශාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ සංදිල් සෙනෙවිරත්න. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු මිහිරිඳු විතාරණ පන්දු 16ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ද සහ මොහොමඩ් රායිඩ් පන්දු 44ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ද ලබා ගන්නවා.
අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ඉනිමක් ම තනි ඉලක්කමකට සීමා වෙද්දි දෙනෙත් පෙරේරා ලකුණු 2කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව වෙතුම් රන්දිනු ද ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා.
ඔවුන් දෙදෙනාට අමතර ව රිසෝන් ප්‍රනාන්දු සහ ඔමික දහනායක කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 189 (48.4) ශේම් අබිශායි 34, ශනිල්ක දම්සර 32, දෙනෙත් පෙරේරා 31, යතිශ් ඉඳුවර 2/37, දුලාජ් කල්ප 3/23
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 87 (29.0) මිහිරිඳු විතාරණ 18, සංදිල් සෙනෙවිරත්න 24, වෙතුම් රන්දිනු 3/28, රිසෝන් ප්‍රනාන්දු 2/09, ඔමික දහනායක 2/10
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 102ක ජයක්.
හෙට (30) තරගාවලියේ තවත් තරග ද්විත්වයක් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ගාල්ල සහ කොළඹ උතුර කණ්ඩායම් අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීත් සහ දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















