කොදෙව් සංචාරයට යන එංගලන්ත සංචිතයේ වෙනසක්

132
England's Mark Wood celebrates the wicket of Pakistan's Haris Sohail for 39 on the second day of the first international Test match between England and Pakistan at Lord's cricket ground in London on May 25, 2018. (Photo by Adrian DENNIS / AFP) / RESTRICTED TO EDITORIAL USE. NO ASSOCIATION WITH DIRECT COMPETITOR OF SPONSOR, PARTNER, OR SUPPLIER OF THE ECB

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් එංගලන්තයේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචාරයට කැඳවා තිබේ. ඒ ආබාධයකට ලක් වූ ඔලී ස්ටෝන් වෙනුවටයි. ඒ අනුව ස්ටෝන්ට පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා තරග තුනකින් සමන්විත එංගලන්ත – කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වනු ඇත.

>>චහාල් ඉදිරියේ කැන්ගරුවන් ඇඹරෙයි

වුඩ් අවසන් වරට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ පාකිස්තානයට එරෙහිව ලෝර්ඩ්ස් හිදීයි. එහි දී එංගලන්තය දැවැන්ත පරාජයකට මුහුණ දුන් අතර කිසිදු කඩුල්ලක් දවා නොගත් වුඩ් එතැන් සිට කණ්ඩායමෙන් ඉවත් කර තිබුණි. පසුගිය දෙසැම්බරයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරයට ඔලී ස්ටෝන් කැඳවා තිබීම නිසා 29 හැවිරිදි වුඩ්ට තවදුරටත් කණ්ඩායමේ ස්ථානය අහිමි විය.

අනතුරුව ශ්‍රී ලංකා සංචාරයට එක් වීම සඳහා ඔලිවර් ස්ටෝන් හා ඕවර්ටන් අතර තියුණු තරගයක් පැවතුණි. කෙසේ වෙතත් කොදෙව් සංචාරයට පැයට සැතපුම් 90ට වඩා වේගයෙන් පන්දු යවන ඕවර්ටන් වෙනුවට වුඩ් කැඳවා සිටීම විශේෂත්වයක්. කෙසේ වෙතත් Cricbuzz වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඇන්ටිගුවා හා සාන්ත ලුසියා යන වේගය රහිත තණතීරු වල වුඩ්ට ඇති පන්දුව පසු දෝලනය කිරීමේ හැකියාව ඉතා වැදගත් වනු ඇති බවයි.

>>ක්‍රිකට් නිලවරණයට අලුත් දිනයක්; උණුසුම් තරගයක් අපේක්ෂිතයි

මේ සති අන්තයේ දී වුඩ් කැරිබියන් දූපත් වෙත ගොස් එංගලන්ත කණ්ඩායම සමඟ එක්වනු ඇත. ඔහු නිසැකයෙන්ම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා නොකරන්නේ පළමු ටෙස්ට් තරගය එළඹෙන බදාදා (23) බාබඩෝස් හිදී ආරම්භ වන නිසාවෙනි. එහි දී සෑම් කරන් තෙවන වේගපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ. වුඩ්ට බොහෝ විට දෙවන හා තෙවන ටෙස්ට් තරගවල දී අවස්ථාවක් හිමි වනු ඇති නමුත් ඔහුට කිසිදු පෙර සූදානමක් නැති වීම එංගලන්තයට යම් අවාසියක් වනු ඇත.  

වුඩ් මේ වන විට තරග 12ක දී 41.73ක සාමාන්‍යයක් රඳවා ගනිමින් දවාගෙන ඇති කඩුලු ගණන 30 කි. 2015 අළු බඳුන කුසලානයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ඔහුට වරින් වර ආබාධ නිසා බාධා එල්ල විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<