Tier B පළමු දිනයේ උපුල් සහ ඉරෝෂ් දක්ෂතම ක්‍රීඩකයන් වෙයි

3
Tier B - 3 Day League Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තෙදින ක්‍රිකට් තරගාවලිය අද (27) ආරම්භ වූ අතර එහි දී උපුල් ඉන්ද්‍රසිරි දිනයේ හොඳම පන්දු යැවීමත් සහ ඉරෝෂ් සමරසූරිය දිනයේ වැඩිම ලකුණුලාභියා වීමටත් සමත් වුණා.  

මේ අතර පැවැති බොහොමයක් තරගවලට වර්ෂාව හේතුවෙන් සහ ඒ හේතුවෙන් ම ක්‍රීඩාංගණවල පැවැති අයහපත් තත්ත්වයන් මත පන්දුවාර අඩුවෙන් යැවීමට සිදු වූවා.

>>Tier B තෙදින තරගාවලියට දින වෙන් කරයි

කෙසේ වෙතත් පැවැති තරගවල දී Moratuwa SC කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය (69), Negombo CC කණ්ඩායමේ උමේෂ් ලක්ෂාන් (65), Leo CC කණ්ඩායමේ අශාන් ප්‍රනාන්දු (63), Navy SC කණ්ඩායමේ අදීශ නානායක්කාර (58), United Southern SC කණ්ඩායමේ හිරන්ත ජයසිංහ (59) සහ තමිඳු ප්‍රදිප්ත (56) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Ragama CC කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි (6/38) සහ Negombo CC කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද් (5/42) දක්ෂතා දැක් වූවා.

තරගවල කෙටි ලකුණු පුවරු

Negombo CC සහ Kurunegala SC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala SC

  • Kurunegala SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 134 (52.5) රවින්ද්‍ර කරුණාරත්න 34, ලහිරු ජයරත්න 42, ශෙෂාන් ප්‍රනාන්දු 2/20, හංසජ හිරුණ 2/30, ශෙහාන් ප්‍රමෝද් 5/42
  • Negombo CC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 193 (36.0) පසිඳු තිරිමාදුර 35, රශ්මික මෙවන් 38, උමේෂ් ලක්ෂාන් 65, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 30, කවික ඩිල්ශාන් 2/51

Negombo CC කණ්ඩායම ලකුණු 59ක් ඉදිරියෙන්.

United Southern SC සහ Galle CC අතර තරගය අනුරාධපුර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – United Southern SC

  • United Southern SC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 159 (41.0)හිරන්ත ජයසිංහ 59, තමිඳු ප්‍රදිප්ත 56, ජනිඳු චාමික 21, රජීව වීරසිංහ 3/56

SL Army SC සහ Kandy Custom SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kandy Custom SC

  • Kandy Custom SC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 99 (37.3) විශාර ප්‍රනාන්දු 23, ශෙහඳ සොයිසා 4/33, පැතුම් මලිත 2/19

Chilaw Marians CC සහ Navy SC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Navy SC

  • Navy SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (45.1)අදීශ නානායක්කාර 58, වරුණ මයන්ත 43, පුලස්ති අතපත්තු 28, චානක කොමසාරු 3/69, මෙලන් හංසක 4/50, සසංක නිර්මාල් 2/07
  • Chilaw Marians CC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 39 (12.5)උදයවංශ පරාක්‍රම නොදැවී 25

Chilaw Marians CC කණ්ඩායම ලකුණු 125ක් පිටුපසින්.

Leo CC සහ Sebastianite C & AC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Sebastianite C & AC

  • Leo CC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 194 (60.0)අශාන් ප්‍රනාන්දු 63, හිරුන් සිගේරා 21, සලිඳු පතිරණ 41, බිශාන් හෙට්ටිආරච්චි 2/34, හශාන් සංදීප 3/61, සංජුල බණ්ඩාර 2/33

Moratuwa SC සහ Ragama CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ragama CC

  • Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (62.3)ඉරෝෂ් සමරසූරිය 69, විනුජ රාන්පුල් 33, උපුල් ඉන්ද්‍රසිරි 6/38, මදුක ලියනපතිරණගේ 3/55
  • Ragama CC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 85 (29.0)ශාහිල් ඩයස් 24, කෙමිර විජේනායක නොදැවී 22, රුසිත් ජයවර්ධන 2/15

Ragama CC කණ්ඩායම ලකුණු 65ක් පිටුපසින්.

මෙම සියලු තරග හෙට (28) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

Tier B ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<