ලෙබ්රෝන් NBA ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වෙයි

169

ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක Lebron James (ලෙබ්රෝන් ජේම්ස්) NBA ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා. ඒ ඔක්ලහෝමා සිටි තන්ඩර් කණ්ඩායමට එරෙහිව පැවති පසුගිය තරගයේ දීයි.

ඒත් සමඟින් වර්ෂ ගණනාවක් පුරා සුරැකිව තිබූ Kareem Abdul-Jabbar (කරීම් අබ්දුල් ජබාර්) නමට තිබූ වැඩිම NBA ලකුණු ලාභියාගේ වාර්තාව බිඳී ගියා. එය ඔහු විසින් තබා තිබුණේ 1989 වසරේ දීයි.

මේ වන විට ලෙබ්රෝන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව 38,390ක්. පෙර පැවති වාර්තාව 38,387ක් වුනා. පෙර එම වාර්තාවේ හිමිකරු වූ 75 හැවිරිදි ජබාර් මෙම තරගය නැරඹීමට පැමිණ සිටීමත් විශේෂත්වයක්.

38 හැවිරිදි ලෙබ්රෝන් හට පසුගිය තරගයේ දී වාර්තාව බිඳලන්නට නම් ලකුණු 36ක් අවශ්‍යව තිබුණා. ඔහු එය සිදු කළේ වැඩිපුර ලකුණු 2කුත් සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<