විරාන් සහ විහඟ දක්ෂතා දක්වයි

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

1

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියට තවත් ශතකයක් එක් කිරිමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත සමත් වෙනවා.  

ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 138ක් ලබා ගත්තා.  

මේ අතර මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන විහඟ සංකලන ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහි ව නිමා වූ තරගයේ 1 වැනි ඉනිමේ දී ලකුණු 29කට කඩුලු 5ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 24කට කඩුලු 6ක් ද ලෙසින් තරගයේ දී ලකුණු 53කට කඩුලු 11ක් දවා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දක්වනවා.  

ඔවුන්ට අමතර ව මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ හේෂාන් මදුශංක (59), ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දුල්සත් නිම්විරු (83), සාන්ත තෝමස් විද්‍යාලයේ පුනාල් පමුදිත (50), තත්සර දෙව්මිත් (නොදැවී 54) සහ හංස ඉඳුවර (නොදැවී 53) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

නිමා වූ දිනයේ දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.  

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය වීරකැටිය මන්දාදුව ක්‍රීඩාංගණයේ දී. (Tier B) 

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය 

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවි 209 (73.1) පුලිත බනුජ 22, දහම් ප්‍රභාශ්වර 27, දුල්සත් නිම්විරු 83, මානිඳු පබසර 36, රවීන් සචින්ත 2/43, විහඟ සංකලන 5/29
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (37.1) නිහාර සමුදුත 24, අබ්දුල් රශීඩ් 20, දිනුර පවින්ජි 25, දුල්සත් නිම්විරු 4/16, ෆාහිම් මොහොමඩ් 2/23, මානිඳු පබසර 2/35
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 108 (35.2) ගිම්හාන් හංසක 20, හිවිරු නිම්තරණ 24, දුල්සත් නිම්විරු 24, විහඟ සංකලන 6/24, නිහාර සමුදුත 2/31
  • සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 202 (34.0) පුනාල් පමුදිත 50, දිනුර පවින්ජි 25, තත්සර දෙව්මිත් නොදැවී 54, හංස ඉඳුවර නොදැවී 53, මානිඳු පබසර 2/40

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.  

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier A) 

කාසියේ වාසිය – රච්මන්ඩ් විද්‍යාලය 

  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 300 (76.4) හේෂාන් මදුශංක 59, විරාන් චමුදිත 138, මොහොමඩ් ශිහාබ් 20, ප්‍රවීන් මදුශංක නොදැවී 24, ටෙනුර ඩයස් 3/64, ටෙනුශ නිම්සර 3/73
  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 42 (15.0) රිසිනු රූපසිංහ නොදැවී 15, හේෂාන් මදුශංක 1/08

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 258ක් පිටුපසින්.  

මෙම තරගය අද (23) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.  

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<