ගෙවුණු දවස ඔක්තෝබර් 09 – දෙවැනි ටෙස්ට් තරගයේ ජය කාටද?

203

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

පාකිස්තානය ශ්‍රී ලංකාව හඹා එයි

පාකිස්තානු මැදපෙළ ශක්තිමත් කරමින් නායක සෆ්රාස් අහමඩ් සහ අසාද් ශෆීක් නිර්මාණය කළ නොබිඳුණු ශතක සබඳතාවය නිසා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පස්වැනි සහ අවසන් දිනය දක්වා ගෙන යාමට පාකිස්තානු කණ්ඩායමට හැකි විය.

ඒ අනුව සෑම දිනයක් පාසාම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙම ටෙස්ට් තරගාවලියේ අවසන් දිනය දක්වාම ජයග්‍රාහකයෙකු තීරණය කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අවැසි නම් ඔවුන් ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගත යුතු අතර, පාකිස්තානුවන්ට තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ ටෙස්ට් ජයක් වාර්තා කිරීමට නම් තවත් ලකුණු 119ක් රැස්කර ගත යුතුව ඇත.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිළේ ජය ගමනට සෆ්රාස් – ශෆීක් අකුල් හෙලයි!


කමිල් මිශාරගෙන් අර්ධ ශතකයක්

සිංගර් ආයතනයේ සවිබලයෙන් ශ්‍රී ලංකා පාසල්  ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේ (9) පැවැත්විය. එහි දී රාජකීය විද්‍යාලයේ කමිල් මිශාර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 213/10 (64.1): කමිල් මිශාර 59, තෙවිඳු සේනාරත්න 46, ගයාන් දිසානායක 38, යුවින් හේරත් 21, සවුම්ය ප්‍රියසේන 5/63, දේවින්ද දිසානායක 2/21.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ)  – 105/6 (32.2): දුමිදු දනිශ්ක 38, හසිත ගමගේ 28, වෙනුජ මෙන්ඩිස් 3/30, මංජුල පෙරේරා 2/25.

සම්පූර්ණ වාර්තාව: ලක්ශාන් සාන්ත ජෝශප් විද්‍යාලය පන්දුවෙන් ඔසවයි

දිනයක අවසානය